සිංහල අලුත් අවුරුද්ද ලග ලගම එනවා.කැවුමක් කන්න තියෙන හොදම කාලේ තමා අවුරුද්ද.කැවුම් කිව්වාම මුං කැවුම්,කොණ්ඩ කැවුම් ,තව ජාතිත් ඇති.මං නම් ආසම කොණ්ඩ කැවුම් කන්න,එකෙත් බුරිය කොටස කන්න තමා වැඩියම ආස කරේ,තොරලා ගන්නෙ බුරිය උඩඩ තියේන කැවුමක්.
අපි ඉස්සර අවුරුද්දට අපේ අම්මලා ගේ මහ ගෙවල් තියෙන කළුතර යනවා.මං නම් වැඩියම යන්නෙ ආච්චි අම්මා හදලා දෙන කොණ්ඩ කැවුම්,ආස්මි කන්න.හිටිය ලොකු මුණුබුරා විදියට ආච්චි ගෙන් මට ඉහල සැලකුම් ලැබුණා.ආච්චිට මං ඇමතුවේ ගමේ ආච්චි කියලා.ආච්චි කොණ්ඩ කැවුම් හැදුවේ කිසිම අච්චුවක් නැතුව කෙලින්ම තාත්චුවට පිටි මිශ්‍රණය වක් කරලා.ආස්මි හදන්න හාල් පිටි කොටන්න මං දන්න තරමින් කවදාවත් මෝලකට ගියේ නෑ.ගෙදර තිබුන ගල් වංගෙඩියෙන් තමා පිටි කෙටුවේ.කොටලා රෙදි කැල්ලකින් ගලා ගන්නවා.පිටි කොටන්න ගන්නෙ පිල්ල තියේන මොල් ගහකින්.ඔය පිල්ල තියෙන මොල් ගස් වලින් ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස් වලට ගෙඩි හැදෙන්න කියලා අමාවක දවස් වලට අනින කෙමකුත් තියෙනවා.ආස්මි හදන එක ටිකක් අමාරු වැඩක් .ආච්චි මං හින්දාම කොණ්ඩ කැවුම් හදලා දෙනවා ඒ තරම් මට ආදරේ.
අම්මලා ගේ මහ ගෙදර සිංහල උළු වහලා තිබුණේ,වටේටම රබර් වතු.ආච්චි ගෙදර පිටි පස්සෙ තිබුණ පොඩි පිලක් වගේ කොටසක බැරල් එකක පියනක් උඩ කබොක් ගල් තුනක් තියලා ලිපක් බදිනවා.එකේ තමා කැවුම් හදන්නෙ පැණි එහෙම දලා මිශ්‍රණය හදාගෙන,වැඩේ පටන් ගන්නවා.ඉස්සෙල්ලාම හදන කැවුම් අරන් තියනවා,කොණ්ඩය ගන්න ආච්චි පාවිච්චි කරේ කිතුල් කුරක් ,එක කැවුම් හදන්න පාවිච්චි කරපු එකක්.ආච්චි පිටි මිශ්‍රණය තාත්චුවට දාන විදියෙන්ම තරමක් බුරිය උඩඩ එනවා,ඒ තරම් පුරුද්ද තිබුණා.සාමාන්‍යයෙන් කැවුමක බුරිය අගල් එක හමාරක් විතර ගන්නවා.රත්තරන් පාටයි කැවුම නියම විදියට තෙලේ බැදුණාම,ආච්චි කැවුම් වල සීනි පදම බලන්න දෙන්නෙ මට,කොණ්ඩ කැවුම් මැද කොටස බැදෙන්නෙ නැතුව වටෙට කළු වෙනවා කියන්නෙ සීනි පදම වැඩි.එහෙම බලන්න දුන්නට ආච්චිට කවදාවත් පදම වැරදුණේ නෑ.හොදට බැදුණ කොණ්ඩ කැවුම් බලන්න ලස්සනයි,වේවැල් ගොට්ටකට තමා බදින කැවුම් දන්නෙ තෙල් බෙරෙන්න.කැවුම් ගෙඩියක් සීනි නැතුව කහට කොප්පයක් එක්ක බොණ එක නම් රසවත් වැඩක්.
ආච්චි අම්මාට දුවලා හතර දෙනෙක් හිටියා,ඒ කියන්නෙ මං පොරට පුංචිලා තුන් දෙනෙක්.මේ කතාවේ අම්මා ගේ කොටස සම්බන්ධ වෙන්න මෙහෙමයි දැන් ඔය හිටපු දූවරුන් ගෙන් තුන් දෙනෙකුටම හොදට කැවුම්,ආස්මි එහෙම හදන්න පුළුවන්.වැඩේ තියෙන්නෙ අපේ අම්මාට හොදට රසට උයන්න පුළුවන් උනාට ඔය කෑම ජාති දෙක හදන්න බෑ,මොකද අම්මා කරලා තියෙන්නෙ ඒ කාලේ ඔවා හදන්න ඉගෙන ගන්න එක නෙවෙයි පාඩම් කරපු එක.ඔක පොඩි කාලේ මට ඒ තරම් දැනුනේ නෑ ආච්චි අම්මා හිටපු නිසා,මං වයස අවුරුදු නවයක් දහයක් විතර කාලේදි ,ආච්ච් අම්මා අඩු වයසින්ම ඇස් දෙක පියා ගත්තා.කොණ්ඩ කැවුම් එහෙම අයේ කාලේකට කන්න බැරි උණා කොම හරි පුංචි අපේ ගෙදර ආව වෙලාවක මිශ්‍රණය අහගෙන අම්මා හදන්න පුරුදු වුණා.එත් මං ආසම බුරිය නැතුව.අපේ තාත්තාට ඔවා ගැන වැඩිය හෙවිල්ලක් නෑ,තියෙන දෙයක් කලා ඉන්නවා.එකට එක්ක මං පොර හිටියා නේ වද දෙන්න.කොම හරි ඔය කැවුම් වදේ වැඩි වුන දවසක අපේ අම්මා බැණ්නා බැදපු දාක වයිපරෙට කියලා හදවාගෙන කන එකයි තියෙන්නෙ මට වද දෙන්නෙ නැතුව කියලා.එත් ඒ වැඩේටත් වෙන්නෙ මේ වැඩේමයි කියලා තව ටික කාලේකින් තෙරෙයි මං පොරට.
ආච්චි අම්මාට දුවලා හතර දෙනෙක් හිටියා,ඒ කියන්නෙ මං පොරට පුංචිලා තුන් දෙනෙක්.මේ කතාවේ අම්මා ගේ කොටස සම්බන්ධ වෙන්න මෙහෙමයි දැන් ඔය හිටපු දූවරුන් ගෙන් තුන් දෙනෙකුටම හොදට කැවුම්,ආස්මි එහෙම හදන්න පුළුවන්.වැඩේ තියෙන්නෙ අපේ අම්මාට හොදට රසට උයන්න පුළුවන් උනාට ඔය කෑම ජාති දෙක හදන්න බෑ,මොකද අම්මා කරලා තියෙන්නෙ ඒ කාලේ ඔවා හදන්න ඉගෙන ගන්න එක නෙවෙයි පාඩම් කරපු එක.ඔක පොඩි කාලේ මට ඒ තරම් දැනුනේ නෑ ආච්චි අම්මා හිටපු නිසා,මං වයස අවුරුදු නවයක් දහයක් විතර කාලේදි ,ආච්ච් අම්මා අඩු වයසින්ම ඇස් දෙක පියා ගත්තා.කොණ්ඩ කැවුම් එහෙම අයේ කාලේකට කන්න බැරි උණා කොම හරි පුංචි අපේ ගෙදර ආව වෙලාවක මිශ්‍රණය අහගෙන අම්මා හදන්න පුරුදු වුණා.එත් මං ආසම බුරිය නැතුව.අපේ තාත්තාට ඔවා ගැන වැඩිය හෙවිල්ලක් නෑ,තියෙන දෙයක් කලා ඉන්නවා.එකට එක්ක මං පොර හිටියා නේ වද දෙන්න.කොම හරි ඔය කැවුම් වදේ වැඩි වුන දවසක අපේ අම්මා බැණ්නා බැදපු දාක වයිපරෙට කියලා හදවාගෙන කන එකයි තියෙන්නෙ මට වද දෙන්නෙ නැතුව කියලා.එත් ඒ වැඩේටත් වෙන්නෙ මේ වැඩේමයි කියලා තව ටික කාලේකින් තෙරෙයි මං පොරට.
අම්මා කෙනෙක් දුවක් හදනවා කියන්නෙ මහා රාජකාරියක් වෙන්න ඇත්තෙ මේ වගේ දෙවල් වුණත් අම්මා ගෙන් දුවට දෙන දැවැදි වගේ දෙවල් කියලා අතිතේ ඉදලා කියලා තියෙනවාලූ නේ.දැන් ඉන්න ගොඩක් අයට බුරිය ගන්න බෑ,ඉතිං ඔවා වැඩක් නෑ කියලා හිතෙයි එත් හැමදෙම වටිනව ඉගෙන ගත්තොත්.
හැමොටම කිරි පැණි උතුරණ සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!!!
හැමොටම කිරි පැණි උතුරණ සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!!!
ප.ලි
ඊයේ දිනයේ මෙක ලියන්න හිටියේ එත් මෙච්චර සංසුන් මටත් තරහා ගියා.තරහා පාලනය තව අවශ්‍ය බව ඉගෙන ගත්තා.
තැපෑලෙන් කැවේමේ කොන්ඩය ගැනීමේ පාඪමාලා පවත්වන්නෙමු...
ReplyDeleteදේශක වැඩේ හොදයි ,ගොඩක් අය එයිනේ ....දැන් කවුද දන්නෙ හරියට බුරිය ගන්න ඈ ,
Deleteබුරිය ගන්න බැරි උනාට අවුලක් නෑ සෙක්සි බුරියක් තියෙනවනම් ඒ ඇති. සමහර බුරි දැක්කම බය හිතෙනවා. වැටුනොත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා.
ReplyDeleteමට නම් බුරිය ඕන එකනේ මෙතන අවුල ..
Deleteහම්මෙ ,සෙක්සි බුරි,හැක් හැක්
:(
Delete@අපූර්වී
Deleteමොකෝ අවුලෙන් වගේ හක් :)))
පොහ්..........අති විශේෂ ප්රාගුණ්යය නැත්නම් ඔය කැවුමේ කොණ්ඩය ගන්නවා බොරු. එහෙම බැරි අය තමයි අර අච්චු කැවුම් හදන්නේ. හාපෝ................එව්වා මෙලෝ රහක් නැති පිටි ගුලි.
ReplyDeleteඔව් විශේෂ ප්රගුණ්යය ඕන මේ බුරිය ගන්න ,
Deleteහාපෝ................එව්වා මෙලෝ රහක් නැති පිටි ගුලි//
මේ මොකෝ කැමැති නැතෙයි
දැන් සහෝගෙ භාර්යාව (අනාගත) ඔය රාජකාරි දන්නවැයි.? :)
ReplyDeleteඉවරයි මං ඉවරයි ..හක් හක්
Deleteඑතනත් පොඩි කොස්සක් නේ ;))
භුරි ඛන්නා, මං කැවුම් වලින් නම් වැඩිය ආස හැඳි කැවුම් වලට.
ReplyDeleteභුරි ඛන්නා/// නිකං හිංදි නමක් වගේ
Deleteහැදි කැවුම් මිශ්‍රණයත් මේ හා ටිකක් සමානයි නේ ,එවත් මං ආසයි
මාත් කන්නෙ කොණ්ඩ කැවුන් විතරමයි...
ReplyDeleteඅපේ අම්ම හදනව මාර රහයි ඈ....
ම්ම්මම්ම්ම්.....
පට්ට යකෝ
මහේෂ් එහෙනම් මටත් ටිකක් එවවා නම් හොදයි නේ ,
Deleteබුරිය කන්නද වැඩිය ආසා ,මං නම් එකට තමා කැමැති ;))
මාත් කොන්ඩ කැවුම් විතරමයි කන්නෙ ඒකත් පැණිවලින් හදපුව.කැවුමෙ බුරිය නං නැතත් මොකද බං හොඳ ගැඹුරු බුරියකට සැට් වෙන්න තියේනං කොහොමද ආතල් එක.
ReplyDelete//හොඳ ගැඹුරු බුරියකට සැට් වෙන්න තියේනං//
Deleteගිලිල මැරෙයි
සතුටුයි ..කොමත් කෑම ගැන කතා වලින් පෙරමුණ හැලප තමා ,ගැඹුරු බුරි ගැන දන්නෙ නෑනේ තාම සෙට් වෙලා නෑ හක් ;)))
Deleteඅපෙ අම්මටත් කැවුමෙ කොන්ඩෙ ගන්න එක අවුල් අප්පා...හබැයි මමනම් වැඩිපුරම ආස මුංකැවුම් වලට
ReplyDeleteදුව හරි ඉගෙන ගත්තා නම් හොද නැතෙයි ;))
Deleteමුං කැවුමුත් හොදයි ,මං නම් ආස කොණ්ඩ කැවුම් වලට තමා ..
ආ අමතක උනා..එසේම වේවා ඈ
ReplyDeleteඑසෙම වේවා ඔබටත් !!!
Deleteඅද අවුරුද්දට හැඳි කැවුම් හැදුවා සහෝදර.ඒකත් අමාරුවෙන් ගොඩදාගත්තෙ.ඉතින් කොණ්ඩ කැවුම්???........
ReplyDeleteඔබටත් ලබන්නාවූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........
හක් ...හැදි කැවුම් හදන් එක ලේසි නේ ..එකත් අමාරු නම් කොණ්ඩ කැවුම් ගැන හිතන්න අමාරු තමා ,
Deleteඔබටත් අලුත් අවුරුද්ද සුභ වේවා !!
මට නම් ඔය වගේ අද්දැකීම් ඇත්තෙ ම නෑ. අලුත් අවුරුද්ද සුබ වේවා!!!!
ReplyDeleteකඩේ තියෙන්නේ ගනුකො..
Deleteමොකක්ද දිලිනි ...දැන් මොනවා ගැනද අත්දැකීම් තියෙන්නෙ ,අඩු තරමේ කාගෙන්වත් ගුටියක්වත් ලැබිලා නැත්ද මතක හිටින්න ඈ :)) (විහිළුවක් හොදේ )
Deleteමොනවද විදානේ ගන්න කියන්නෙ ඈ ???
Deleteඅද්දැකීම්
Deleteමොනවද කඩේ විකුණන අත්දැකිම් ඈ හික් හික් ;)))
Deleteකොන්ඩ කැවුම් දකිනකොටත් කෙල උනනව.දැන් කොහොමත් ඉස්සරහට හොදට මේ දේවල් කන්න ලැබෙනවනෙ.
ReplyDeleteහක් ....ඔව් කන්න ලැබෙයි ඇති වෙන්න කන එකයි තියෙන්නෙ තෙල් බෙරෙන්න
Deleteඅවුරුදුත් නැති අපිට මොන කැවුම්ද බං..
ReplyDeleteඈ ..ඒ මොකෝ දිනේෂ් ඒ ..
Deleteදුවලාට ඔය දෑවැදි (කවුම්, ආස්මී හැදීම ) දෙන්ට හැදුවට දුවලා ඕවා ගන්නේ නෑලු. :)
ReplyDeleteසහෝදරට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ඈ ඒ ඇයි පොඩි කුමාරි හාමි ඒ ???දුවලා කඩෙන් අරන් කන්නද කැමැති ..
Deleteපොඩි කුමාරිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!
This comment has been removed by the author.
ReplyDeleteමොකෝ විදානේ ලැජ්ජා හිතුණාද ඈ ;))
Deleteකොන්ඩ කැවුං ඉතිං විදානේගේ පේවරිටිමය..
ReplyDeleteකොහේ හිටියත් අම්මාගෙන් කොන්ජ කැවුම් පාර්සලයක් වරදින්නේ නැත...
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ජය වේවා!!!
ගොඩක් අය කැමැති ,එත් හදා ගන්න ටිකක් අමාරුයි ...ඒ කියන්නෙ විදානේ ගේ අම්මට හොදට කැවුම් හදන්න පුළුවන් නේ ..
Deleteසුබ අලුත් අවුරුද්දක් විදානේටත් !!!!!!!!!
සුබ අලුත් අවුරුද්දක් සහෝ !!!!!
ReplyDeleteබස්සිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
Deleteමේවා අච්චු කැවුම් ,,මං අද ඉවුවා කොන්ඩ කැවුම්..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක්
ඈ මෙවර අච්චු කැවුම් කියනව ද ????
Deleteඔමා අක්කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
සහෝදර මොකද බං මේ උඹලා කොණ්ඩ කැවුමෙ බුරියක් ගැන කතාකරන්නේ? උඹලා කියන්නේ එහෙමද? අපි නම් ඕකට කියන්නේ කොණ්ඩේ කියලා. ඒකනේ ඒකට කොණ්ඩ කැවුම කියන්නේ. නැතිනම් ඕක බුරි කැවුමක් වෙන්න එපායැ.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් සහෝදර.
අපේ අම්මා කියන්නෙත් බුරිය කියලා...තාත්තගේ පැත්තේ කට්ටිය හිනා වෙනවා එතකොට! පළාතේ අනුව වෙනස් ඇති. :D
Delete@ niRo @සහෝ
Deleteඇත්තටම මම ඇහුවමයි කොන්ඩ කැවුමට බුරි කැවුම් කියනවා කියලා.
@Henry Blogwalker
Deleteඅපි නම් කියන්නෙ ඔකට බුරිය කියලා මං දන්නෙ නෑ එක තමා කියන්නෙ ,ඒ ගැන කතා කරේ ඕක ගන්න හැමොටම බැරි දෙයක් නිසා ....කොණ්ඩේ කියලත් කියනවා තමා :)
@ηiRσ
Deleteඔව් පළාතේන් පළාතට වෙනස් ,ඔක හිනා වෙන්න දෙයක් ඈ ... :))
@Nimo (නිමෝ)
Deleteබුරි කැවුම් කීයලා කියන්නෙ නෑ අර මැදින් උඩඩ එන කැල්ලට කියන්නෙ බුරිය කියලා :))
//එත් හැමදෙම වටිනව ඉගෙන ගත්තොත්.//
ReplyDeleteඔව් ඒක නම් ඇත්ත...හැබැයි ඔය කැවුම් හදන එක නම් කියල දෙන්න අමාරු ලු. ඔය අම්මල නැන්දලා කියන්නේ. අපේ අම්මට නම් රසට කැවුම් හැදුවට බුරිය ගන්ඩ බෑ. ඒත් මට පුළුවනි. මට කවුරුත් කියල දීල නෙමෙයි. හදනව බලන් ඉඳලත් නෙවෙයි. එක්තරා අවුරුද්දක නිකම් සෙල්ලමට මම අම්මගෙන් ඉල්ලං කැවුමක් හදල බැලුවා. හැදු පාර ටිකක් වැදගත් පාට කැවුමක් ආවා එක පාරින්. ඒ පාර මමම ඔක්කොම කැවුම් ටික හැදුව. මේ පාරත් ඉතින් මේ රටේ ඉඳනුත් කැවුම් ටිකක් හදාගත්තා ආසාවට...
අනේ මන්දා මම ඉතින් ඕකේ ලොකු ටෙක්නික් එකක් දන්නේ නෑ...තෙල් මට්ටම, අත හසුරන හැටි එහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා කැවුම බුරිය එක්ක හදා ගන්ඩ නම් පුළුවන් :)
එහෙනම් ඔයාට තෙල් ඉහිරෙන ලස්සන අවුරුද්දක් පතනවා!
කියලා දෙන්න අමාරු ඇති ,එත් ඉගෙන ගන්න එක වටිනවා .
Deleteඅහන්නත් සතුටුයි හොදට කැවුම් හදන්න පුළුවන් එක ගැන ..ඇත්තටම මේ දෙවල් වලට අතේ හුරුව තමා ඕන
ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
අපේ තාත්තාගේ අම්මා ජිවත් වෙලා ඉන්නකොට නම් කොන්ඩ කැවුම් වරදින්නේ නෑ. කැවුම් හදලා මැටි මුට්ටියක දාලා පත්තරකොල දාලා කට ගෙටගහනවා,
ReplyDeleteවැඩක් නෑ, මම කොහොමත් හොරෙන් 10 හෝ 15ක් වගකියනවම තමා.
පොස්ටුවෙන් පරණ මතක අවදි කලා.
මේපාර අපේ අම්මා කොහෙන්දෝ මන්දා කැවුම් හදන ආච්චි කෙනෙක්ගෙන් කොන්ඩ කැවුම් අරන් ඇවිත් තිබුනා. ඒවත් වරදක් නෑ.
එනිවේ සහෝට මොකෝ තරහා ගිහින්, අලෙ ඔවා ගණන් ගන්න එපා අලෙ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!
අපේත් ආච්චි තමා වැඩෙට දක්ෂ,මට නම් කඩෙන් ගෙනාවාම කිසිම ගතියක් නෑ ...පරණ මතක හරි සුන්දරයි ...
Deleteතරහා අවා එක දැන් හරි ....
නිමෝටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
Erzurum
ReplyDeleteElazığ
Konya
Zonguldak
Eskişehir
D46T4N
Adana
ReplyDeleteElazığ
Kayseri
Şırnak
Antep
H1Z
Kayseri
ReplyDeleteAnkara
Kilis
Sakarya
Bursa
QEO21K
ağrı
ReplyDeletevan
elazığ
adıyaman
bingöl
ZJT
hakkari evden eve nakliyat
ReplyDeleteankara evden eve nakliyat
muğla evden eve nakliyat
elazığ evden eve nakliyat
erzurum evden eve nakliyat
WCOSY
kırşehir evden eve nakliyat
ReplyDeletegiresun evden eve nakliyat
tekirdağ evden eve nakliyat
ardahan evden eve nakliyat
izmir evden eve nakliyat
6YCV
adana evden eve nakliyat
ReplyDeletebolu evden eve nakliyat
diyarbakır evden eve nakliyat
sinop evden eve nakliyat
kilis evden eve nakliyat
AO2
21515
ReplyDeletefor sale dianabol methandienone
Çerkezköy Fayans Ustası
buy deca durabolin
buy anapolon oxymetholone
fat burner for sale
Ankara Evden Eve Nakliyat
Çorum Evden Eve Nakliyat
Kripto Para Borsaları
buy steroids
8D5E9
ReplyDeleteMexc Borsası Kimin
https://resimlimag.net/
Binance Kimin
Kripto Para Çıkarma
Coin Para Kazanma
Coin Nasıl Çıkarılır
Coin Kazma
Coin Kazanma Siteleri
Bitcoin Oynama
1C59A
ReplyDeleteBinance Para Kazanma
Bitcoin Nedir
Baby Doge Coin Hangi Borsada
Clysterum Coin Hangi Borsada
Sonm Coin Hangi Borsada
Threads Takipçi Satın Al
Twitter Trend Topic Hilesi
Binance Referans Kodu
Kripto Para Çıkarma
AD321
ReplyDeleteCoin Kazanma Siteleri
Gate io Borsası Güvenilir mi
Discord Sunucu Üyesi Hilesi
Kripto Para Nedir
Twitter Retweet Hilesi
Bitcoin Üretme
Spotify Takipçi Hilesi
Sonm Coin Hangi Borsada
Binance Kaldıraçlı İşlem Nasıl Yapılır
0DE78
ReplyDeletespookyswap
dexview
debank
shapeshift
yearn finance
dexscreener
pinksale
uwulend finance
uniswap