17 January, 2014

මට ලැබුණු අමතක (නො)වන පාඩමක් ...

මම කලින් ගොඩ යන  පාඩමක් ගැන කිව්වා මතක අති .අද කියන්න යන්නෙ මට කියා දුන් පාඩමක් ගැන ය.කොටින්ම හොඳට මතක හිටින්න මගේ තෙල බහින්න කියා දුන් පාඩමක් ගැන ය .
                                                                                                                                       මේ කතාව සිදු වුයේ ඇත පෙර අතීතයක නොව මිට වසර කිහිපයකට පෙර  ය .ඒ නිසා හොදින් මතකය .මේ කියන්නෙ තේ එකක් බී  පාඩුවේ කෙක් කැල්ලක් කලා ඉන්න බැරි කමට වූ කතාවක් ය .හැමදාමත් බොරු පණ්ඩිත කතා ලියා හරි යන්නෙ ද නැත .එ නිසා මෙන්න මා උගත් පාඩම.
                                                                                                                           මේ  කතාව සිදුවන්නේ මා උ/පෙ කර ඉබාගාතේ රවුම් ගහන කාලයේදී ය .ඒ දවස්වල ගෙදරින් පනින්න (ඒ කියන්නෙ වල බහින්න ) හෙතු එමටය .මොකද අතිජාත වුන් ටිකත් ගෙවල් වලය.කරන්න තියෙන හැම මගුලම කොරන්න ඕනෑ තරම් කස්ටිය ,එක කොල් එකින් සෙට් වන්නෙ ය . කරන්නෙම යහපත් වැඩය.ඔය දවස් වල කොහොම හරි අපි පාරේ ඉන්න තැනකින් කෙල්ලක් යන්නෙ එහෙමත් එකියක් ය.ඒ තරම් අපේ උන් කෙල්ලන්ට ගරු කටයුතු ය .මම නම් ඔය වැඩවලට සම්මාදම් වෙන්නෙ නැතිය.එහෙත් මගේ නම් ඔවාට ඇදි තිබේ.ඔය වගේ ඉබාගාතේ ජිවිතෙ ගෙවන් කාලේ කර ගත්තු දෑ බොහොමය.ඒ වගේම ඉගෙන ගත්තු දෑත් බොහොය .
                                                                                   ඔය කාලේ දාන ගෙවල් ,පිරිත් ගෙවල් ,දන්සැල් දෙන තැන් ,මගුල් ගෙවල් අපේ උන්ට පෙන්න බැරිය .අඩෝ අපේ ගමේ අරකක් තියෙනව වරෙල්ලා බන් ,ඔන්න කසන වුන් ටික එතනය.දන්නෙ නැති තැන් වලට සෙට් වී වුණ සින් ඉදිරියට . ඔන්න අද කතාව ඔය වගේ ජිවිතයක් ගෙවපු කාලේ අපේ එකෙක් ගේ නoගි කෙනෙකු ගසකින් වැටි අසනිප වෙලා ය .අපේ උන් සැමට අරාධනා ලැබිණ(නැතත් යනව නේ )කොම හරි දවස අවා ගමනට හැම දේම හරි හැබැයි අපේ ගෙවල් වල ඉදලා ටිකක් දුරයි .යන්න විදිහක් නෑ ,කොම හරි මගේ අතිජාත මිත්‍රයා පොර ගේ මස්සිනා ගේ දඩු මොණරාව වැදලා ගමනට ඉල්ල ගත්තා ,මොනවා වුණත් නම්බු පිට යන්න එපැයි .ඔය වගේ හෙන නම්බු පිට අපි එදා ලෙඩ බලන්න ගියා ,දවල් කෑමට  එන්න කිව්වත් අපිට රාජකාරි බහුල උදවිය හැටියට අපි රෑ කැමටම ගියා .
                                                                             ඔන්න අපේ උන් ගේ හොද පුරුදු  ඉස්මතු වෙන්න ගත්තා ,කන්න කලින් බිම එකක් බොන්න කියලා බිම එකක් දුන්නා විතරයි අඩේ අරවා නැත් ද ?අහුවා වරෙල්ලා කෝ කියලා අපිට ආරාධනා කරපු එකා අපිට වෙනම කාමරයකට එක්කරන් ගිහින්  පැණි බීම බොන්න දුන්නා .අපේ උන්ට බොන්න පුරුදු නැත.කොටින්ම මම තමා උපාසක ,උත් බොන්න ගත්තෙ කටේ කිරි සුවඳ යන්න කලින් ,අනිත් උනුන් එ වගේය .කොම හරි නම්බු පිට ඉන්න ඕන නිසා වැඩිය සෙට් වුණෙ නෑ.මතක විදිහට එකා බියර් බොතල් දෙකක් විතර බිලා ශෙප් උනා ,වෙන දා ඔය මගුල් බොන්නෙ නැති උනුන් නම්බුව ගැන හිතලා ,ලොකු එවා තිබුනාට  ශෙප් උනා .
                                                                                                                                                    ඔහොම උන මමයි මගේ අතිජාත මිත්‍රයයි දෙන්නා ශෙප් එකේ ගෙදර එන්න පිටත් උනා ,ටික දුරක් එනකොට මට සුළුදිය පහ කරන්න අවශ්‍ය වුණා.රෑ 12ට විතර ඇති .කොම හරි පාරෙ අයිනේ කඩයක් තිබුණා ඉස්සරහා ලයිට් දලා,ඔන්න කළුවරේ සත්තු ඇති කියලා අපි දෙන්නා කඩේ දොර දිහා බලාගෙන ඉන්නවා .ඔන්න එතකොටම අවා ජිප් එකක් ,ඔන්න ලස්සනට මොනව ද දේශනා කරනවා.අපිට ඔය අහක යන කෙස් වැඩක් නැතිය .අපි අපේ පාඩුවේ කඩේ  දොරේ ගහලා තියෙන පොස්ටර් සිරි නරඹනවා. 

එයි තොපි දෙන්නට .........
 වේ@ ගේ පු$$ තොපි මොනව ද කරන්නෙ  කියලා පටන් ගත්තු එක දෙනව එලොව පොල් මතක් වෙන්න .අපි දෙන්නා බැලුවා මොකාද මේ කියලා බලනකොට එ ජිප් එකේ ගහලා පොලොසිය කියලා .දිපන් කෝ උත්තර ,ඔන්න කර කර හිටපු රාජකාරිය පොඩ්ඩක් නතර කරලා ජිප් එක පැත්තට ගියා .ඔන්න ඒ පාර තව සද්දෙ .
තොපි දෙන්නා බීලා ද ඉන්නෙ ..
නෑ....... සර් .
මොකද කරන්නෙ මේ මහා රෑ පාරේ .
පොඩ්ඩක් ** ** හැදුනා ,එකයි ..
තොපි බිලා නේද?
මම එතකොටම ,පොඩ්ඩක් විතර ඔව් සර් ..
මොන හු@#$% %^&&&    &&@#$ කියන්නෙ ..
සාජන් ලයිසන් බලනවා මේ  වේ#$  ^$$#$#$%&& බිලා ද කියලා .
(සජන් උම්මා දෙනවා අපි ලයිසොන් පෙන්නනවා )
ලයිසන් නම් තියෙනව සර් ,මුන් දෙන්නා බිලා ඉන්නෙ ..

ගන්නවා අදායම් බලපත්‍රය බලන්න ,හෙට  උදේ  පොලොසියට ඇවිත් කියනවා  ,(මොකා ද කියලා මතක නෑ) ,ලයිසන් එක ගත්තා කියලා .ලයිසන් එක ගත්තා පොර ගියා .

අයේ රෑ නිදි නෑ ,උසාවි තමයි ,ගෙදරට කොම කියන්න්න ද ?රෑ නින්ද නෑ දාඩිය දනවා ,නලා වගේ තමයි ,වතුර බොනවා බොනවා ඉවරයක් නෑ ,මට එදා තමා තෙරුනේ බිලා පොලොසියට අහු වෙන එක කොයි තරම් පිචo දෙයක් ද කියලා .. කොම හරි උදේ අපි දෙන්නා ගියා කියමුකෝ පොලොසියට ,එත් මතක නෑ මොකා ද ලයිසොන් එක ගත්තෙ කියලා .දඩ ගෙවන තැන ගෙදර වගේ නිසා එතන හිටපු අදුරන පොලොස් ස්ත්‍රීරියාවක් ඇහුවා මල්ලි අයේ දඩයක් ද කියලා ,අපි දෙන්නා කිව්වා අපේ ලයිසොන් රෑ පොලොසියේ කවු ද ගත්තා කියලා .හා පොඩ්ඩක් ඉන්න කියලා කාමරයක දොර ගාවට එක්කර ගෙන ගියා ,ගිහින් කිව්වා සර් ලයිසොන් ගත්තා කියලා දෙන්නෙක් ඇවිත් කියලා ...එතකොට නැවත් බණ පටිය වාදනය වෙන්න ගත්තා ...
කෝ ඔය වේ @#%$# කියලා,මෙහෙ වරෙල්ලා කියලා ලුණු දෙහි ඇතුව ..අපි දෙන්නා බිම බලාගෙන හිටියා ,කොම හරි පොරටම එපා වෙලා ,ඇහුවා උඹලා දෙන්නා මොකද කරන්නෙ කියලා.අපි දෙන්නා ඇත්තම කිව්වා .
 බලපල්ලා උබලා ඔය විනාශ කරන්නෙ අම්මා තාත්තා අමාරුවෙන් හම්බු කරන එවා නේ ,උබලා තවම පොඩි උන් ඉගෙන ගෙන ඉවරත් නෑ ,මොක ද වෙලා තියෙන්නෙ..අදි ලෙස කරුණික වදන් වලින් කියලා දුන්නා ..(ගුටි කැවෙ නම් නෑ හොදේ )
කවුරු පොලොසිය හොද නෑ කිව්වත් මේ වගේ හොද ඇයොත් පොලොසියේ ඉන්නවා කියලා මට එදා තෙරුණා මම  නම් එද ඉදන් අයේ අම්මා තාත්තා ගේ සල්ලි වලට බොන එක නැවැත්තුවා. කොට්න්ම බොන එකට පොඩි කොමාවක් දැම්මා .

ප.ලි 
 මම ලියපු දිගම පොස්ටුවක මෙක වෙන්න ඇති ,හිතා ගන්න කොමද වුණ බලපැම කියලා  ,:D
බොන එක ගැන කලින් ලියපු එක මෙන්න .. 

25 comments:

  1. දැන් අනිත් අත්දැකීම් නම් ඇත්ත කිව්වනෙ , මෙකත් ඇත්තම අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් අහනවා මේකම ...))))

      Delete
    2. @රෝසිකා & දිලිනි
      මෙකත් ඇත්තම අත්දැකීමක්ද? ///////////////
      දරුව අපි කිසිදා බොරු දෙසන්නෙ නැතිය ,මේ සුපිරි සත්‍ය ය කතාය ...

      Delete
  2. බිව්වම හෝම තමයි! අර කොමාවක් දාපු එක තිතක් ම කර ගත්තොත් නරක නෑ

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා නාඩි තිත තිබ්බා නම් හොදයි කියලා ...............බලමු

      Delete
  3. එකෙක් දෙන්නෙක් හොද උනාට වැඩක් නෑ බන්. ඒ එකා දෙන්නගෙත් හොද මැකෙනවා බහුතරයක් උන් කෙළින පිස්සු වලට.

    ඔහොම උන් ඉන්නවා කියන එකත් සතුටක් ඒත් උගෙත් 100%ක හොදක් මන් දකින්නෑ. ඌ කතා කරපු විදියම බලපන් සහෝ ටිකක්. අපෙන් පඩි අරන් අපෙන් නඩත්තු වෙන ඕකුන් ගොඩක් හිතන් ඉන්නෙ සමාන්‍ය ජනතාව ඉන්නෙ උන්ගෙ සපත්තුවටත් යටින් කියලා.

    උඹ හිතයි මන් මහා පොලිස් විරෝධියෙක් කියලා. ඒත් මම කාලයක් පොලීසියට යන්න හීන මවපු එකෙක්. ඒත් පසු කාලීනව මට පොලිසිය අප්‍රසන්න උනා. දැන්නම් ගොඩක් සතුටුයි වැරදිලාවත් පොලිසියට නොගිය එකට.

    ReplyDelete
    Replies
    1. මම කාලයක් පොලීසියට යන්න හීන මවපු එකෙක්/////
      හැක් හැක් නියමයි නේ ...
      මෙහෙමයි ප්‍රියා එදා අපි හිටියේ වැරදි විදිහට නේ අපි එදා හිතුනේ උසාවි දායි කියලා දැම්මා නම් හතර විලි ලැජ්ජාවේ බෑ ...
      මෙහෙමයි ප්‍රියා හරි නම් දැන් ඔය දේශපාලනය කරන බඩෝ අපේ කකුල් වල වැටෙන්න ඕන ජන්දේ ගන්න ,එත් ප්‍රයෝගිකව එහෙම නෑ ඔය පොලොසිය කතන්දරෙත් එහෙමයි ,හිත හදා ගමු ..මටත් ඔය වතාව විතරයි හොදට සැලකුවේ අනිත් වෙලාවල් වල අන්තිමයි ..
      අණ නොතකා ධාවනය හැක් හැක්

      Delete
  4. ඔයාගේ කොම්පියුටරේටත් වයිරස් ගාඩ් එකක් දාගන්න.. ස්මහර අකුරු වෙනුවට වයිරස් කෝඩ් වැදිලා.. අර කස්පස්කිඩ්ද මක්කද එක හොඳයි කියලා හැම එකාම කියන්නේ..

    ReplyDelete
    Replies
    1. අඩේ අෆ්ෆා වයිරොස් ඇවිත් ද ??ඔය අර පොලොසියේ වයිරොස් වර්ඩ් ටික හැක් හැක්

      Delete
  5. කොමා වැඩක් නෑ බං.. නොබීම ඉදපංකෝ.. ඒක ඔක්කොටම වැඩිය හොදයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම් ...ඔව් මටත් හිතෙනවා එක හොඳයි කියලා ..

      Delete
  6. යකෝ ටිකයිලු බිව්වෙ එකෙක් බියර් බෝතල් දෙකක් විතර කෙලලත්,මගුල් ගෙදර ඇත්තෝ ඕවා ණය වෙලා කරන්න ඇත්තෙ බං.පව් ඒ මිනිස්සු (පොලෝසියෙ උන්දැලටත් එක්කයි කිව්වේ,ඇයි ඉතිං අහිංසකව දෑතෙ මහංසියෙන් පඩිතකා රස්සාව කරන උන්දැලනෙ)

    ReplyDelete
    Replies
    1. දෑතෙ මහංසියෙන් පඩිතකා රස්සාව කරන උන්දැලනෙ////+++++++++++++++
      අඩේ මල් අපි එහෙම නිකන් ගියෙ නැනේ අපි කපු බිපු ගානට වඩා අපි දුන්නා ...අපි කාටත් ණය නෑ (දෙමාපියන්ට හැර )

      Delete
    2. හරි බං ජොලියටනෙ කිව්වේ

      Delete
    3. .හැක් හැක්

      Delete
  7. පොලෝසිය හොදයි නෙහ්..

    ReplyDelete
    Replies
    1. මට නම් පොලොසිය හොදා....................යි .හෙක් හෙක් .

      Delete
  8. apooooo..oyaa bonawada?eeeeeeeeeeeeeeeeeeeeeeeeyaaaa

    ReplyDelete
    Replies
    1. eeeeeeeeeeeeeeeeeeeeeeeeyaaaa////
      හැක් හැක්
      දරුව අප සියලු සත්වයින් ජිවත් විම සදහා යම් යම් පාන වරග පානය කිරිමට අවශ්‍ය ය ...
      උදාහරණයක් ලෙස ජලය ......

      Delete
  9. අනේ වාසනාවන් එහෙම හරි නැවැත්තුවා නම්. කිව්වත් කිව්වත් වගේ තිතම තියමු

    ReplyDelete
    Replies
    1. යක්ෂයා තිත තබා ඇත්තේ ලොක්කාය ,අපි තබා ඇත්තේ කොමාවය ...හැක් හැක්

      Delete
  10. කොමාව අතෑරලා තිතම තියමු
    පොලීසිය හොදයි කියල අහපු දෙවනි පෝස්ටුව...
    හොද අයත් ඉන්නවනෙ නෙහ්
    කෝක උනත් කට්ටියම කියන හිංද ඕකට තිතම තියමු නේ

    ReplyDelete
    Replies
    1. කෝක උනත් කට්ටියම කියන හිංද ඕකට තිතම තියමු නේ///
      බලන්නඕන අදහස නම් හොදයි ,
      පොලීසිය හොදයි කියල අහපු දෙවනි පෝස්ටුව...///
      මටත් මේ සිද්ධිය විතරයි මෙහෙම සලකපු ..හැක් හැක්

      Delete
  11. Anonymous1/19/2014

    උඹට මීට පස්සේ බොන්න එපා කියලා උන් සූප්පුවක් අරන් දුන්නේ නැද්ද? චෝයි පොලිස් නේ.....

    ReplyDelete
    Replies
    1. පිස්සුද ?තව ටිකෙන් බැලුම් තමා දෙන්නෙ ,දිලා ගුටි දෙකක් දෙයි ,ගුටි නම් මාර රසයි ,හැක් හැක්

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.