29 January, 2014

එකෝමත් එක කාලේක ...

කකුල් දෙකේ පිහිට හොයන කතාව පොඩ්ඩක් නැගලා ගියාය.බලපු නැති අය බලලා අව නම් .ඒ කතාව අස්සෙ පොඩි කතාවක් ගියේ මේ ස්කූට් ගැනය දේශක කියන්නෙ මෙවාට ඩිවොස් බයික් කියාය ,මාතලන් නම් කියන්නෙ''කැට් කූල් '' කියාය . මොකක් වුණත් කතාව එකම භාණ්ඩයක් ගැනය.මා දන්නා තරමට මේවා නිර්මාණය වුයේ කාන්තාවන් ඉලක්ක කර ගෙනය.දැන් නම් රජා තෙල ලාබෙට දෙන නිසා කොල්ලොත් ස්කුටියට වැඩි කැමැත්තක් දක්වයි. මං පොර නම් බයික් වලට කැමැති වුවද ගමන් යැමට  වැඩි කැමැත්තක් දක්වන්නේ දුම්රියේ ය .
                                                             ඔය කතා අතරේ  දැන් බ්ලොගි වල කාන්තා හඬ නැග එනු පෙනේ.මටත් ඔය විමුක්ති කතාවක් රසකර ශෘන්ගාරය එක්කර වනන්න ආසාව තිබුණ ද ගෙදරින් පුරුෂ හිංසනය දරුණු වනු ඇත.තව ද දන්නා අදුරන චිත්ත රෙදි ඇදගත් පිරිමි නිවසේ අයට ''අන්න පුතා ජංජාලෙට කුනුහරුප ලියලා දානවා දැන්'' මේ කතා කියන බ්ලොග් ගැන අකුරක් නොදන්න උන් මාත් එක්ක වාද කොට එලක් නැත.දන්නෙ නැති උන් මාතලන් ගේ බ්ලොග් පාඩම් වලට පොලින් උනා නම් වැඩේ ගොඩය.
                                                                                                                                  මේ කතා නිසා පාඩුවේ ඉන්න මගේ වුවද පුෂ්පය විකසිත වෙන එක නවත්වන්න බැරිය.කියන්න ආ කතාව අමතක වෙන්න කලින් කොටා දාන එක හොදය .කොටන්න අවේ ඩිවොස් බයික් ගැන අසා ඇති පොඩි කතාවක් ය .කතාව මෙසේය...
                                         එක්තරා ජොඩුවක් ඕං හිටියාලු ,මහත්තයා ඔපිසියක ලොකු පුටුවක් රත් කොරන පොරක්ලූ ,මේ පොර ගේ වයිපරේ ගෙදර නෝනා වැඩේ කරගෙන ඉන්න කෙනෙක්ලු .ඒ වුණාට ගමන් බිමන් එහෙම ඕසේටලූ සැලුන් ,මාර්කට්,තව ඉතිං තියෙන හැම මගුලටම යන්න අර මහත්තයාටම ටැලිෆොන් කොරනවාලු .බැරිම තැන නෝනාට ගමන් යන්න කැට් කූල් එකක් ගෙනත් දුන්නාලු,ඔය නෝනාට තව පොරක් එක්ක අස්තරේකුත් තිබුණාලු.කොම හරි අර ස්තිරියාව ඔය භාණ්ඩයේන් තව පොරක් එක්ක යන බව ආරංචියක් පැතිරුණාලු.ඊට පස්සේ මහත්තයා දවල්ට කතා කරලා අහනවාලූ

 ඔයා කොහෙද ඉන්නෙ .....

නෝනා කියනවාලු ගෙදර ඉන්නෙ කියලා ...

එහෙනම් කුස්සියට ගිහින් මට ඇහෙන්න බෙලෙන්ඩර් එක දාන්න....

නෝනාට වැඩේ මිටර් වුණාලු ,පස්සෙ කරන්නෙ මොකක්ද යන හැම තැනම කැට් කූල් එකේ තියාගන බ්ලෙන්ඩර් එකත් අරන් ගියාලූ .එහෙම කරන බව අරංචි වෙලා දවසක් මහත්තයා කලින්ම ගෙදර අවාලු වැඩේ ඇත්ත නැත්ත බලන්න ..ඔන්න ටික වේලාවක් යනකොට නෝනා එනවලු බෙලෙන්ඩර් එකත් අරගෙන කැට් කූල් කරගෙන ,මහත්තයාට මලලු ඒ පිටිම ඇහුවාලු 

තමුසේ කොහේද ගියේ මේ වෙලාවෙ....

නෝනා කිසිම තරහක් නැතුව කිව්වාලු 

හැමදාම ඔයා කතා කරලා කියනවා නේ ඔයාට ඇහෙන්න බෙලෙන්ඩර එක දාන්න කියලා ,අද බලනකොට එක කැඩිලා එක හදාගෙන එන්න ගියේ කිව්වාලු ... 

ප.ලි 
සැබෑ කතාව මීට වඩා ශෘන්ගාරය අපේ කෙන්ජි මාමා ස්ටැයිල් එකට නම් ලෙසෙටම වනන්න තිබුණා.එත් ස්ත්‍රි හිංසනය හමුවේ කොරන්න බෑනේ .
 




29 comments:

  1. Anonymous1/29/2014

    හි හි කොල්ලත් දැන් ගානකට හැදීගෙන එන්න හදන්නේ ලස්සනයි ,මටත් ඕවගෙන් එකක් තියෙනවා ගෙදර.

    ReplyDelete
    Replies
    1. දැන් කොල්ලා ටිකක් හැදිලා ...ඕ.... ඔමා අක්කාත් ඔයින් එකක් පාවිච්චි කරනවාද .... :)

      Delete
  2. මරු නෝනයි මහත්තයයි. හි… හි……:-D

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රියා මහත්තයා මොනවා වුණත් නෝනා නම් පංකාදුයි නෙහේ ... :) :)

      Delete
  3. කොහොමද tracking system එක! මරු මරු!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා නාඩි පිරිමි උන්ට කරන්න අමාරුම දෙයක් තමා ඔය ,ස්තිරියාවෝ සියල්ලම ඔය වගේද කවුද දන්නෙ ... :)

      Delete
  4. මේ කතාවෙන් මම ගත්ත ආදර්ශය. 'හැට පැන්නත් නෝනාට කැට් කූල් අරන් නොදෙනු'

    ReplyDelete
    Replies
    1. හැක් හැක් විචාරක් කතාව ආදර්ශයට අරන් නොවෑ ....

      හැට පැන්නත් නෝනාට කැට් කූල් අරන් නොදෙනු'////

      අඩේ විචාරිකා මාව හොයා ගත්ත දාට දෙයි ද දන්නෙ නෑ මගේ මොළ කූල් වෙන්න .එදාට ඔන් හැංගෙන්න බෑ

      Delete
  5. Anonymous1/30/2014

    විචාරක මහත්තය නෝනත් එක්ක මොකක්දෝ තරහක් තියන් ඉන්නවා වගේ....රේඩියේටර් මූඩි ගලවන්න දෙන කතාවකුත් කියල තිබුණ.ඊට වඩා හොඳයි ඇසිඩ් ගහන එක.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඔව්වා ඔය කිව්වට කොරන වැඩ නෙවෙයි අනේ.

      Delete
    2. අඩේ මොකක්ද ඒ කතාව ඈ ...

      Delete
    3. කාලයක් කනකොට මිදිත් තිත්ත වෙනවා නේද අනේ

      Delete
  6. කැට් කූල් වල කෙල්ලෝ යන්නේ අලවංගු ගිලලා වගේ.. ඇයි බං ඒ...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ කූල් වෙලා වෑඩි කමට වෙන්නෑ ....අඩේ ඇත්තටම ඇයි

      Delete
    2. ඕක අහනවානං කෑට් කූල් පැදපු බ්ලොග් කාරියෙක් ඉන්නවා මාතේ

      Delete
    3. අඩේ කවුද අෆ්ෆා ඒ අර උඩම ඉන්න කෙනා නෙවී නේ ... :)

      Delete
  7. මම අහල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහට. මහත්තයා ගෙදර එද්දි දරුව ඉන්නව ලු. දරුව ගෙන් අම්ම ගැන ඇහුවම කිව්වලු වෙනද වගේ ම අදත් බ්ලෙන්ඩරේ අරන් උදෙන් ම ගියා කියලා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් අඩේ මේ දිලිනි විතරද කතාව දැනගෙන හිටියේ..කොම වුණත් කතාවේ සරාංශය එකයි නේ ,වෙනස් ද ? නැත්නං

      Delete
    2. මාත් කලින් අහලා තිබුනා

      Delete
  8. සහෝදර තුමත් දැං හොද හොද කතා කියන්න පටං අරං වගේ... හිහි...
    පට්ට පට්ට... හැබැයි කැට් කූල් 1 ගමන් නං ටිකක් අවදානංද මංද.. මං එක දවසයි ගියෙ එපා වුණා... කොයි වෙලේ පෙරලෙයිද බයෙං වගේ ගියෙ

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද මේ ස්භාවිකව ගලන් එන එවානේ ....

      මටත් ඔය බයික් වල යන්න බෑ මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ ගියර් දාලා යන එවාට නේ ..

      Delete
  9. කැට් කූල් වල ලලනාවො යනකොට බලාගෙන ඉන්නත් ආසයි බං..හි හි

    ReplyDelete
    Replies
    1. ඇයි බං කැට් කුල් එකක ලලනාවක් එක්ක යන්න ආස නෑ .. :)

      Delete
  10. නෝනා කෝමත් බ්ලෙන්ඩර් එක අරන් නේද බං යන්නේ.. කිරි මිරිකන්න.. හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ දේශක සැර වැඩිද මන්දා ...කොම වුණත් අර නෝනා සද්දේ දාන්නලු ඒ බ්ලෙන්ඩර එක අරන් ගියේ ..කොම්පැණි කාරයෝ දන්නාවා නම් සද්දෙ වැඩි එවා හදයි මේ වැඩේට ගන්න ...හැක් ... :)

      Delete
  11. Anonymous1/31/2014

    චීත්ත අඳින පිරිමිනම් හෙන වාතයක් තමයි බන්..සමහර ගැහැණුවත් එහෙම නැහැ.
    ඊයේ බයිසිකල්, අද කූල් කැට්.....හෙට මොනවාද සහෝ....

    ReplyDelete
    Replies
    1. අනිවා මට මට එපාවෙලා තිබුණේ මුල් දවස් වල ,මොකද උන් එක කමෙන්ට් කරන්නෙ කටෙන් අපේ ගෙදර යට ,

      හෙට මොනවද .........බලන්න බලන්න හැක් හැක්

      Delete
  12. හෙහ්, බලාගෙන යද්දී කොහොම පස්සෙන් හිටියත් එයාලට කියන්න දෙයක් තියෙනවා ගැලවීමට..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ් එක තමා ගැහැණු අයගේ දක්ෂකම පිරිමින්ට ඔය වගේ එවා කියන්න අමාරුයි ....බැරි තරම් ,කිව්වත් අතේ මාට්ටු

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.