31 January, 2014

කපා ගන්න තිබුණ අමාරුව....(පිරිමින්ට විශේෂයි )

මේ දවස් වල මගේ සිකුරා උච්ච වෙලා ය ,ලියන්න හිතෙන්නෙම ස්තිරි විමුක්ති කතා ය.ඒ කතාවක් ඉදිරි දිනයකදී අනිවා ලියනවාය.
                                                                               අද කියන්නෙ රැවුල ගැන කතාය පිරිමින්ට සියල්ලන්ටම පාහේ මේ රැවුල තිබේ.(නැති උන්ද ඉන්නවා ද දන්නෙ නැතිය)ඔය අතර ගැහැණු අයටද රැවුල නැතුවාම නොවේ.ඒ ගැන පැහැදිලි කිරිම අනවශ්‍යය.
                                                              සමාන්‍යයෙන් කොලු ගැටයෙක් ඉලන්දාරි (ඉලන්දාරි =දැරියන් ඉල්ලන ) වයසට පත් වන විට ඔය රැවුල් ගස් එක දෙක මතු වෙන්න පටන් ගන්නෙ,ඉතිං ඔක දකින කොල්ලන්ට ඉහේ මල් පිපුණා වගේ ය .කපා ගන්න කන් ඉවසුමක් නැතිය.මං පොර නම් සා/පෙ කරන කාලෙදීම ඔය බැම පටන් ගත්තාය .පලමු කැපිල්ල ගැන කොල්ලො සියල්ලන්ටම හොද මතක ඇතුවා නිසැකය.තිබුණු ගස් බෑ පසු මුහුණ ඉදිමුණු ලබු ගෙඩියක් වගේ පෙනෙන්නෙය ,විශේෂයෙන්ම උඩු රැවුල කොටස බෑ පසු නසය පමණක් උඩට පෙනීම බලන් ඉන්න උන්ට හෙනම ජොලිය.එහෙම නැවුම් පිට ඉස්කෝලෙට ගොස් හිදිමත් හෙනම ජොලිය.කපා නැති උන්ට අතින් දමා උත්තර දෙන්න දවසම යයි.රැවුල නැති උන් සබන් කපන බව ඒ දවස් වල රැවුල තිබු කොල්ලන් කියන කතාවකි.කොම උනත් දෙතුන් වතාවක් රැවුල බාන විට ඔය ගතිය මැකි යයි.
              උ/පෙ කාලයේදි පාවා අපේ පංතියේ රැවුල නැති උන් සිටියාය.ඒ එක්කම ඒ දවස් වල රැවුල කපන්න පටන් ගත්ත උන් සිටියා ය.ඒ වෙනකොට මං පොරට නම් රැවුල වදයක් ය.මොකද ඔක නඩත්තු කොරන්න වෙල මදිය.මුල දවස් වල රැවුලට පුදුම සාත්තු ය.උ/පෙ දවස් වල කෙසේ හෝ සති අන්ත කැලැස් වලට රැවුල ටිකක් සෙට් කරගෙන යන්නෙය. උ/පෙ ඉවර වී ඉබාගාතේ යන කාලේ අයේ රැවුලට සාත්තුය,එහෙන් මෙහෙන් කට් කපා යටින් ටිකක් පාට කොරගන වල බැසිම මාර ලොකු දෙයක්‍ ය. ඔය ජර මර අස්සෙ කොක්කක් දා ගත්තාම රැවුල හොරු උස්සන්නෙය,අනේ ඔහොම හොද නෑ ,මෙහෙම හොඳයි ,අනේ පොඩ්ඩක් රැවුල තියන්නකෝ ,අදි පැණි කතාය.

                                                                   රැවුල් ගැන කතා නම් එමටය  සම හරක් උඩු රැවුල තියාගෙන ඉන්න කැමතිය. කොල්ලො නම් වැඩි දෙනෙක් නිකට යටින් පොඩි රැවුල ටිකක් තියා ගනි.සැලුන් වලින් නම් රැවුල කැපිම පුදුම ජොලිය මොකද තිතට රැවුල කපන නිසාය.සමහරු රැවුල බැම සදහා ෂෙවින් ක්‍රීම් පාවිච්චි කරයි තවත් අය සබන් පිහිට ඔය මොන මගුලක් වත් නැතුව වතුර ටිකකින් තෙමා කපන උන් ද සිටි .
                                                                          කොම හරි රැවුල වෙලාවකට මාර ජොලිය,වෙලාවකට එපාම වෙන්නෙය ,රැවුලත් හරියට ගැහැණු වගේය.විශේෂයෙන්ම හදිස්සියකට උත්සවයකට වගේ යන්න සුදානම් කර ගැනිම මාර අමාරුය.හැබැයි මං පොර දැක ඇති අකාරයට සම හරක් බැන්ද පසු ඔය දෙකම නෑ වගේ වැඩ කොරන්නෙ ය.
                        
ඔය රැවුල් කතාවක් ලියන්න හිතුනේ නැවුම් පිට රැවුල කැපු කොල්ලෙක් අද උදේ දැක්ක නිසාය .අනේ උගේ හොද මුණත් උදේ ලබ්බක් වගේ තිබිණ.මට රැවුල් කතා මතක් වුවද මගේ හොද නම් කෙලෙසෙන නිසා නොලියන්න තීරණය කලෙමි ...  :)
                                                      

  ප.ලි 
රැවුල නැති උන් රවුලේ ජොලිය දන්නෙ නැතිය ,එ වගේම වයසක පොරවල් වයිපරේ හා රැවුල දෙකම එපා උන් ද රැවුලේ ජොලිය දන්නෙ නැතිය ,රැවුල ඇති කොල්ලො ඉන්න ස්තිරින් එකේ ජොලිය දන්නවා ඇතිය.

ප.ප.ලි 
කමෙන්ටු සඳහා පිළිතුරු දිමට ප්‍රමාද වන බව දන්නා යමි ...

51 comments:

  1. අපට ඔය ප්‍රශ්න නැතෝ!!! :)))

    ReplyDelete
    Replies
    1. හැක් හැක් වාසනාව .වාසනාව

      Delete
  2. රැවුල් කොට වලට පූසෝ බොහෝ මනාපය.

    ReplyDelete
    Replies
    1. Anonymous2/01/2014

      රැවුල් කොට වලින් පූසා අතුල්ලන විට පූසාගේ අයිතිකාරිය මනහර හඬ නංවති.

      Delete
    2. @මාතලන්
      හැක් ....අඩේ අෆ්ෆා එහෙමද .... D

      Delete
    3. @ ඇනෝ
      ඇයිද දන්නෙ නෑ... :)

      Delete
    4. පුසන්ගේ රැවුල කපන මෝස්‌තර ගැන පොස්ටුවක් කවුරුවත් දාන්නේ නැද්ද

      Delete
    5. ආ ........... එකත් හොදයි තමා ..දන්න ඇයන්ටම දාන්න කියමු ..හැක් හැක්

      Delete
  3. හැමදාම උදේට රැවුල කපාගන්න එක මටනම් මහ වදයක් වෙලා බන්.ඒ වෙලාවට මට හිතෙනව ගෑනු කියන්නෙ කොච්චර වාසනාවන්තයොද කියල.සිරාවටම මේ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. යකා
      අනිවා වෙලාවකට එපා වෙනවා තමයි ,හැබැයි ඔක ලොකු වදයක් කර ගන්න එපා .

      Delete
  4. මං මාසෙට දවසයි බොල කපන්නේ.. වෙන මොකක් ද ඉතිං රුවුල තමා...

    ReplyDelete
    Replies
    1. Anonymous2/01/2014

      උඩු රැවුලද ?යටි (යටිම යටි ) රැවුලද?

      Delete
    2. යටිම යටි එක කැපුවේ ඇපෙන්ඩික්ස් එක ගපෝපු දවසේ බං ඒත් 1993 දී.. හැක්

      Delete
    3. @ දේශක
      අඩේ මාසෙකට සැරයක් කපන්නෙ ඉතිරි දවස් වල මුණ පුරා රැවුල වවාගෙනද ඉන්නේ .. :)

      Delete
    4. @ ප්‍රියා
      තවම දේශක පොඩි ළමයා රැවුල වැවෙන්නෙ නෑ ..හැක් :)

      Delete
  5. බමුණා වගේ රැවුල වවාගෙන ඉන්නට මම කැමති කපන්නට ඇති කම්මැලිකම නිසාය

    ReplyDelete
    Replies
    1. අනිවා මාත් එහෙම තමා වදේ වෙනකොට සතියකට පාරක් ශෙප් කරනවා ,එහෙම නැති වෙලාවල් තමා වැඩි

      Delete
  6. මටනම් රැවුල මේන්ටේන් කොරන එක මල පනින කර්තව්‍යයකි. අම්මරුවෙන් සතියට දෙසරක විතර කපමි. අනික් කෙස් එක හොඳට රැවුල කපා මගුල් ගෙදරක වගේ තැනක යන්න ලැස්ති වෙන විට අනිවා මූණ කැපීම වෙනවාමය.

    ReplyDelete
    Replies
    1. අනිවා හදිස්සියට රැවුල කපන එක නම් පුදුම වදයක් ,ඔය මගුල් ගෙවල් වල නම් යන්න කලින් ලැස්ස්ති වෙන්න ගියාම හැමදාම රැවුල් ප්‍රශ්ණේ මටත් තියෙනවා ,එපා වෙනවා ,

      Delete
  7. ඕක මහ වදයක් බං..වෙන මොකක්ද ඉතින් රැවුල මිසක්..

    ReplyDelete
    Replies
    1. අඩේ ඔය රැවුලුත් එකයි අනික් එවත් එකයි බන් මට නම් ...හැබැයි වෙලාවකට ඔය දෙකම ඕන බන්

      Delete
  8. ආපෝ මට නම් මුලින්ම කපපු දවස ජීවිතේට අමතක වෙන්නෑ. ඇයි බන් උණ ගැනිලා සේලයින් හිටන් දෙන්න උන්ස එදා.

    ReplyDelete
    Replies
    1. අඩේ ප්‍රියා රැවුල කපලද ඔච්චර දෙයක් වුනේ ....වෙන දෙයක් නෑනේ ..හැක් හැක් ..
      මටත් තවම මතකයි රැවුල කපපු පලවෙනි දවස කස්ටියට හිනා වෙවි හිටියා

      Delete
  9. පුරවැසි හැඳුනුම්පත සඳහා ගත්ත පින්තූරේ දැකලා තමයි මම තීරණය කලේ දෙයියනේ මට රැවුලක් තියනවනේ කියලා. වහාම කැපුවා. එදා ඉඳන් අද දක්වා ඉතින් කපනවා තමයි. හැබැයි හමුදා පුහුණුවට පින්සිද්ධ වෙන්න රේසරය සහ වතුර පමණක් තියනවානම් හොඳටම ප්‍රමාණවත්. ඝන අඳුරේ වුනත් රැවුල කපන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අඩේ මාත් දැකලා තියෙනවා වතුර විතරක් ගාලා කපන අය ,කන්නාඩි නෑ ,එක මාර වැඩක් ,මොකද රැවුල තිබ්බා කියලා අපි නම් ඔය වගේ කවදාවත් කපලා නෑ ,ශුවර එකට කැපුවා නම් මුණ සාප්පුවෙන් තමා ගෙන්න වෙන්නෙ ,

      Delete
    2. මමත් කන්නාඩි නැතිව තමා කපන්නේ. බේබි ෂැම්පු තමයි ශේවින් ෆෝම් එකට ගන්නේ

      Delete
    3. ඈ බේබී ෂැම්පු ගලා ද කපන්නේ හැක් ..කශ්ටිය නියම නියම ක්‍රම වලට නේ වැඩෙ කරන්නෙ ...එල එල

      Delete
  10. Anonymous2/01/2014

    මට හෙන තඩි උඩු රැවුලක් තිබුනා උඩු තොලත් සම්පූර්ණයෙන්ම වැහෙන්න. සුදුවෙන්න ගත්ත නිසා කපල දැම්මා.

    උඩු රැවුල වැවීම මේ රටේ හරිම අඩුයි. මෙහෙ නොවෙම්බර් මාසේට උඩුරැවුල වවනවා එක ඉවෙන්ට් එකකට . මොවෙම්බර් කියලා කියන්නේ. මෙතන බලපන්. http://uk.movember.com/about

    ReplyDelete
    Replies
    1. හැක් ..ඒ කියන්නෙ අරූත් වයසට ගිහින් ද ?කොම වුණත් උඩු රැවුල පිරිමින් ගේ පෞරුෂයට ලොකු බලපෑමක් කරනවා මම හිතන හැටියට..

      උඩු රැවුල් හොදට වවන්නෙ මං හිතන්නෙ ඉන්දියාවේ වෙන්න ඇති .

      ලින්කුවට ස්තුතියි..මම කැමතිම දෙයක් තමා ලින්කු එක් කරන එක

      Delete
  11. මම හිටි ගමන් වවනවා හිටි ගමන් කපනවා.. එකක් කියලා නෑ.. හැබැයි මම කැමතිනම් රැවුල නැතුව ඉන්න තමයි..

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා එක විදියක් කියලා නෑ ...තැනට අනුව තමා කට් බට් ඔක්කොම තිරණය වෙන්නෙ ,
      මම නම් ගානට ශේප් එකේ රැවුල තියන්න තමා කැමති

      Delete
  12. මම රැවුල කපන්නෙ වැඩට යන්න ඕනෙ නිසා. නැත්තං කපන් නැ..

    ReplyDelete
    Replies
    1. ටිකක් රැවුල වවාගෙන ඉන්න එකත් ජොලි ,වැඩට යනවා නම් අනිවා රැවුල කපන්නම වෙනවා නේ ... :)

      Delete
  13. මටත් ඔය රැවුල මහා වදයක්, දවසක් ඇරැ දවසක් කපන්න වෙනවා, උදේට එපා වෙනවා,
    ඉස්සර මාර අසාවෙන් හිටියේ,
    සමහරු ඕකට රට ඉදිත් කනවනේ,

    ReplyDelete
    Replies
    1. අනිවා ජොබ් කරන අයට වදයක් ,
      පොඩ්ඩක් තියෙන කාලේ ඔකට මාර අසාවක් ,පස්සේ එපා වෙනවා ..

      Delete
  14. මහා වදයක් මටනම් රැවුල කැපිල්ල

    ReplyDelete
    Replies
    1. ඔක වවාගෙන හිටියා නම් හරි ,එත් බලන් ඉන්න උන්ට මාර ප්‍රශ්න ඊට පස්සේ

      Delete
  15. මේ සුදීකයාගේ ‍රැවුල් පෝස්ට් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක හරහා ආපු ගමන්.

    මම ඉස්කෝලේ යන කාලේ, පු‍ටුවක ලෑල්ලක ඔය වගේ ‍රැවුල් මෝස්තර ගණනාවක් ඇඳලා ඒවා නම් කලා. ඒක දැකපු පොරක් ඒක ඉල්ලාගෙන කඩේ එල්ලගෙන හිටියා කාලයක්.

    ඉන්දියන් කාරයෝ පිරිමි කම මනින මිම්මක් ඔය ‍රැවුල.

    ReplyDelete
    Replies
    1. එහෙමද ඔය ඉන්දියන් කාරයන්ගෙත් දමිල මිනිස්සු ඔය රෑවුල ගෑන දක්වන සෑලකිල්ල වෑඩි කියලා තමා මම අහලා තියෙන්නෙ .....

      අර රෑවුල් වල නම් ටිකත් දෑම්මා නම් වටිනවා...හෑක්

      Delete
  16. අඩේ මාත් ආවෙ අර ලින්ක් එකෙන් තමා.මන් එක පාරක් ශේවින් ක්‍රීම්/සබන් ,වතුර මුකුත් නැතුව කපන්න ට්‍රයි කරා.ආව්! චාටර් බන්
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. එහෙම මම නම් කපලා නෑ .....එත් කපන්න පුලුවන් මම හිතන්නෙ ඔය අලුත් මැෂින් වලින් ...හොයලා බලන්න ඕන

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.