08 January, 2014

පොඩි උන්ට ලොකු අදහස් දිම ..........

ගියවර මා ලියු සුද්දි ගේ කතාව මට එතරම් සුභඑල ගෙනාවෙ නැතිය .කරන්නට දෙයක් නැතිය .ඒ කතාව මා ස්පර්ශ කරන්නට උත්සහ දැරු තරම් සාර්ථක නොවුණි .මට අවශ්‍ය වි තිබුණේ මගේ ලකුණක් සොයා ගැනිමට  ය .කෙසේ නමුදු දැන් 2014ය ..

                             අලුත් අවුරුද්දක් ඇවිත් ය .දැන් පොඩි උන් ඉන්නා  දෙමාපියන් දැන් බරටම වැඩය .ඒ තමන් ගේ පොඩි එකාට ලොකු කැලැසියක් හොයා දෙන්නටය .ඒ වැඩෙට පිය පාර්ශවය වැඩි පිස්සුවක් නැතත් මව් පාර්ශවයට ඇත්තෙ පුදුම අමාරුවකි .ඒ දරුවන්ට අම්මා එලි පිටම ආදරය පෙන්වන නිසා වෙන්න ඇතිය .

                                                සහෝදර නම් පොඩි එකා සන්දියේ ගියේ ඉතාම කුඩා පාසලකට ය .අදටත් එහි ඉන්නෙ ළමුන් සියයක් හෝ දෙසියක් වගේ ඉතා අඩු පිරිසකි .එ මගේ පොඩි කාලයේ අපේ අම්මට වැඩිය ඉස්කෝල සෙවිමේ පිස්සුවක් තිබුණේ නැති නිසාය.මම ශිෂ්‍යත්වය ඇන ගත් පසු ටිකක්  ලොකු  පාසැලකට මගේ මරහඩ මැද ඇතුලත් කරනු ලැබිණ .

                                                                                                              ලොකු එවා     අල්ලන්න දැගලුවාට කම් නැතිය .මක් නිසා ද පොදුවෙ අපේ අය ටිකක් ලොකු එවාට කැමතිය .එත් මේ පොඩි දරුවන් ගේ මුල් ගුරුවරුන් වන්නෙ දෙමව්පියන් බව දැන් ඉන්න අයට අමතව ගොස් ඇති හැඩය .මක් නිසාද මේ ඉස්කෝලෙට යන පොඩි එකාට ,ඉස්සෙල්ලාම කියලා දෙන්නෙ පුතේ මේ ඔයා ගේ පැන්සල ,මේ ඔයා ගේ පුටුව,ඩෙස් එක ,මේ ඔයා ගේ කැම එක ,ඔක්කෝම ඔයා ගේ වැනි කතා ය .

                                                                      මම නම් ගියේ අපේ රටේ මිනිස්සුන් ගේ සල්ලි වලින් යැපෙන පාසැල් වලටය ,එක නිසා එකේ පුටුව මගේ කියන්න මට කිසිම අයිතියක් නැතිය .මේ රටේ තමන් ගේ දුව පුතා ඉස්කෝලෙට යවා ගන්න බැරි දෙමාපියන් වුවත් මේ පාසැල් නඩත්තු කරන්න මුදල් දෙයි .එහෙම රටක මේ දෙමාපියන් මේ කරන නාඩගම මට නම් විහිළුවකි .එක අතකින් පොඩි එකා ගේ පොඩි මොලයට මේ දෙන්නෙ මොනව ද ?පොඩි එකා කවදාවත් දෙයක් බෙදාහදා ගන්න දන්නෙ නැති සතෙක් වෙනවා.පොඩි එකාට ඇයි උගන්වන්නෙ නැත්තෙ පුතේ පුතාට හොදට ඉගෙන ගන්න ,ඒ වුනට හැමදෙම පුතා ගේ නෙවෙයි කියලා .ඔය පොඩි එකාම තමයි ලොකු වෙන්නෙ ,අපි පොඩි කාලේ තමන් ගේ අම්මාට පොල්කට්ටක වතුර බොන්න දිපු පුතෙක් ගේ කතාවක් අසා ඇතිය .ඒ දෙමාපියන්ට ලැබෙන්නෙ තමන් වපුරන දෙවල්මය .

                                                              අපේ දෙමාපියන් හොදින් බැරි නම් කොටුවෙන් හරි අපිව සමාජයේ නිකමන් ගෙන් ගුටි නොකන්න හැදුවා .එක නිසා දැන් ඔලුව් කෙලින් කරන් මිනිසුන්ට නරක වැඩක් නොකර ජිවත් වෙනවා .ඒ බලපැම කොච්චර ද කියලා හැමොටම අත්දැකීම් ඇතිය .

                                                                                            අශ්වයා ගිය පසුව ඉස්තාලය වසා වැඩක්  නැතිය.අවසානයේ කියන්නට ඇත්තෙ අපේ පොඩි උන්ට දෙවි පිහිටයි කියා ය .
අමතක වෙන්න කලින් කෙටුවෙමි ..

 


ප.ලි 
මගේ අඩුපාඩු තිබෙ නම් කියන්න ,ඒ වගේම මේ හා සබැඳි ලිපි වල ලින්කු එක් කරන මෙන් ඉල්ලා සිටිමි.

22 comments:

  1. මේ දවස් වල 1 පන්ති පටන් ගන්නවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් දේශක තුමා ,එත් මේ කරන දෙවල් දැක්කාම එකෙ පන්තියේ ඉන්න ඕනි දරුවා නෙවෙයි ,දෙමව්පියන් කියලා හිතෙනවා ..

      Delete
  2. hmm aththa kathawa

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා මුලින්ම..පුජනි .
      අපේ රටේ බහුතරයක් දෙමව්පියන් කරන දෙයක් තමයි මේ ,

      Delete
  3. කොහොමත් ඉස්සර වාගෙ අද ළමා කාලය සුන්දර නෑ.

    ReplyDelete
    Replies
    1. එක එහෙම උනා කියලා ,පොඩි වුණාට දෙමාපියන් දරුවන්ට කියලා දෙන්නෙ නරක වැඩ නේ ,එක හොද ද ??

      Delete
  4. කොහොමත් දැන් දෙමාපියො බහුතරයක් දරුවන්ව මමත්වයට තමා තල්ලු කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ඔබත් පියෙක් ද ?ඉතිං දෙමව්පියන් ,දරුවන්ට උගන්වන්න ඕන යහපත් දෙවල් නෙවෙයි ද ?මේ දෙවල් වලින් මොනව ද බලාපොරොත්තු වෙන්නෙ මට නම් ගැටලුවක්...?????????????

      Delete
    2. ප්‍රියා ඔබත් පියෙක් ද කියා ඇසුවේ දන්නෙ නැති කමටය ,වරක් ඔබ විවාහ වි ඇති බව නම් කිව්වා මතකය .

      Delete
    3. ඔව් සහෝ මටත් අවුරුද්දක දුවෙක් ඉන්නවා.

      විය යුත්තේ ඔබ කියන දේ තමා ඒත් බහුතරයක් අතින් නොවන්නේද ඒදේ තමා. ලමයා බඩේ ඉත්දිමයි ලමයට බොරු උගන්වන්නෙ.

      Delete
  5. අනේ මන්දා මේ පලවෙනි පන්තියට ළමයි ඇතුලත් කිරීම, පහ වසරේ කලබලය වගේ දේවල් අයින් කරන්න අමාරුයි. අසරණ ළමයි තමයි බැට කන්නේ මේවගෙන්

    ReplyDelete
    Replies
    1. යකා මම කියන්න හදන්නෙ ඔය කතාවම නෙවෙයි,මේ දෙමව්පියන් පොඩි දරුවන් පොඩි කාලයේදීම නරක් කරලා ,පස්සෙ බොරුවට කෑ ගහනවා ,අරු තමයි මගේ දරුවා කැවේ වගේ කතා කියනවා .තමන් දරුවට සමාජයෙන් කරන බලපැමට වඩා ලොකු දෙයක් කරනවා කියලා එ ගොල්ලන්ට අමතක වෙලා .

      Delete
  6. දැන් කාලේ වෙනස් වෙලා.. අපිට තිබුන ඒ නිදහස සතුට දැන් පොඩි එවුන්ට නෑ.. ඒවට ඉතින් වැරදි දෙමවුපියෝම තමයි..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ,දිනේෂ්.දැන් දේමාපියන්ට තමන්ගෙ පොඩි කාලය අමතක වෙලා වගේ ,පොඩි උන් ලඟ තියෙන හොද ගතිගුණ නැති කරන්නෙත් මේ කරන දෙවල්ම තමයි ...

      Delete
  7. දෙමව්පියො බලන්නෙ එහා ගෙදරක නැත්නම් වෙන කාගෙ හරි දරුවකුට වඩා තමංගෙ දරුවා අනිත් උන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ විභාග ටික පාස් කරගන්න ඕන කියලා.අන්න ඒ සිතුවිල්ල තමයි මට හිතෙන විදියට මේකට මුල.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මල් ,අනිත් හැම දෙයක්ම අත හැරලා එක දෙයක් විතරක් ලබා ගත්තා කියලා වැඩක් නෑ කියලා ඒ ගොල්ලන්ට අමතක් වෙලා .අපි ජිවත් වෙන්න ඕනි මිනිස්සුත් එක්ක ,දරුවන්ට මේ කරන දෙවල් නිසා තමන් ගේ පෞරුෂයත් නැති වෙනවා ,මගේ හැගිම ..

      Delete
  8. මේ දිනවල දරුවන් දමා ගන්නට දෙමාපියන් ලහි ලහියේ වැඩය. මා ද මේ දරුවන්ට කරනා ලදරු පාසැලේ අතරමං වී සිටිමි. දෙමාපියන් බලන්නේ දරුවන්ට හොඳම දේ දෙන්නටය. සමහර අම්මලා තමා නොලැබූ දේ දරුවන් ලවා කරගන්නට යති. අම්මාට දරුවා කොතෙක් හොඳට වැඩ කලාද මදිය. කොතරම් කෑම කෑවාද ? මදිය. ගෙදර කොතරම් අපිලිවෙලට තිබුනද පාසැලේ පහසුකම් මදිය. මේ දරුපැටවුන් ගැන සැබැවින්ම මා දුක් වෙමි. අනාගතයේ මොවුන් මේ තරඟකාරී ලෝකයේ අතරමංවෙනු නියතය. එක්කෝ කෙලවර මානසික අසහනයය. නැතිනම් දබරකාරී දරුපැටවුන්ය. ආදරය, සෙනෙහස, පරිසරය අහිමිව හැදෙන ඔවුන් කාගෙන් සෙනෙහස ලබන්නද? පරිසරයේ සුව විඳින්නද?

    ReplyDelete
    Replies
    1. //තරඟකාරී ලෝකයේ අතරමංවෙනු නියතය. එක්කෝ කෙලවර මානසික අසහනයය. නැතිනම් දබරකාරී දරුපැටවුන්ය.///
      අන්න ඔබ මේ කතාව නියම අකාරයෙන් ස්පර්ශ කරලා .ඔබේ කතාව 100% ඇත්ත මේ දෙවල් වලට අපි පසුකාලීනව දුක් වෙනවාට වඩා මුලදිම හදා ගැනිම හොදයි .මට නම් හිතෙන්නෙ .

      Delete
  9. හුගක් අය හුගක් දේවල් කියල තිබුණ ඉතිං මගෙ අදහස නොකීවොත් මදිකමක්නෙ.
    මේ තරගයට හුගක්ම හේතු වෙලා තියෙන්නෙ අම්මලා තමංගෙ හීන තම දරුවෙන්ගෙන් බලන්න යන හිංද. එ කිව්වෙ උන්ට බැරි උන දේ උන්නෙ දරුවො ලව්ව කරෝ ගන්න හදනව. කොටින්ම ඉන්නෙ දැං ඉන්නෙ මහ කාලකන්නි පොඩි උං ටිකක්.. උංනෙ හීන හොරකං කරන්නෙ උංනෙ අම්මලාමයි
    අයි හේට් දිස් ෂෝසල් සිස්ටම්...

    ReplyDelete
    Replies
    1. කොටින්ම ඉන්නෙ දැං ඉන්නෙ මහ කාලකන්නි පොඩි උං ටිකක්//////
      මේ කතාවට නම් මගේ වැඩි මනාපයක් නැත ..මන්ද මේ පොඩි උන් වයසට වඩා හින පුරවන්නෙ ලොකු අයනේ ..අපි ඒ නිසා පොඩි අයට මොකුත් කියන එක මගේ අදහසට අනුව වැරදි ..
      ඇත්තටම තරගයක් තිබුණා කියා කමක් නැත එහෙත් තහනම් උත්තෙජක ගෙන තරග කිරිමක් වැනි දෙයක් මේ කරන්නෙ

      Delete
    2. සහෝදර තුමා වරද්දාගෙනය. මං කීවේ උන්නේ ඉරණම ගැන පමණි. උන් ගැන නොවේ. උන් අත වැරැද්දක් නැත. උන්ට කැමැත්තක් කරගන්න උන්නේ අම්මලා ඉඩ දෙන්නේ නැත. අවසානයේදී බිහිවන්නේ යන්තර ටිකක්ය. උන් හෝ උන්ට උපදින උන්ව තේරුම් ගන්නේ නැත මන්ද උන්ගේ ශලුව වැඩ කරන්නේද අර උන්ගේ අම්මලා උන්ව හැඩගැස්සූ ආකාරයෙන්මය

      Delete
    3. ඔබ කියන කතාව 100%ක් ඇත්ත ..අපිට මේ වෙලා තියෙන්නෙ නිර්මානාත්මක මොල වල අඩුවක් ,මේ යන විදිහට ඇත්තටම යන්ත්‍ර ටිකක් බිහිවෙයි..

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.