01 January, 2014

බබාලා නලවන පිරිමි ...(පිරිමින්ට විශේෂයි )

මේ අවුරුද්දේ මුලින්ම ලියන පොස්ටුව මොකක් ගැනද කියලා හිතා ගන්න බෑ ,කොහොම වුණත් මේ අවුරුද්ද තුල පොස්ටු 50 ක්  ඉලක්ක කරගෙන  ලියන්න පටන් ගත්තා . 
                    මේ කතාව ලියන්න ගොඩක් කල් හිතාගෙන හිටියේ. මම කලින් වැඩක් නොකර ගොඩ යන රහසක් ගැන කිව්වා මතක ඇති .ඒ රහස දන්නෙ නැති අය බලන්න .තවම වෙරි මත බැහැලා නැති අයත්  මෙක බලන්න ,ඊට පස්සෙ දිගටම සෙට් වෙන්න .
                                                                  අපේ  පිරිමි නැත්නම් කොල්ලොන්ට මොකද වෙලා තියෙන්නෙ ?ඉස්සර නම් පවුලක රැකියාවක් කරේ පිරිමියා .දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා වගේ මට නම් හිතෙන්නෙ .අහන්න එපා ඇයි එහෙම උනා කියලා උඹට පාන් ද කියලා ..
                                                               ලඟ දි අපොස උ/පෙ ප්‍රතිඵල නිකුත කරා ඒ ප්‍රතිඵල වල පෙන පැහැදිලි කරුණක් තමයි ගැහැණු දරුවන් විභාගය සමත් විම ඉහළ අගයක .තුන් ලක්ෂයක් පමණ පෙනි සිටි මේ විභාගයෙන්  A-3 ක් ගත්ත අය 4663 ඒ අයගෙන්  කෙල්ලො 3023 ,එතකොට කොල්ලො  1640 ,කොහොමද අපේ කෙල්ලොන් ගේ  වැඩ ,රජයේ විශ්ව විද්‍යාල වල සමාන්‍යයෙන් ගැහැණු දරුවන් 4කට පිරිමි දරුවන් 1 වගේ .මරු නෙද ?හැබැයි මම හිතන්නෙ ඔය ගණිත අoශයේ ඔය තත්වය ටිකක් වෙනස් 2-1 වගේ වෙන්න ඇති .
                                                           මෙහෙම වෙන්නෙ ඇයි අපේ රටේ පිරිමි නැත්ද අපේ රටේ මතක් විදිහට ගැහැනුන් 3කට පිරිමින් 1ක් වගේ .අඩුම තරමේ 2:1 හරි ඉන්නවා නේ එක නිසා කෙල්ලොන්ට ගහ ගන්නෙ උන් දෙපාරක් හිතුවා නම් නරකද ?
                                                       රටේ සැම අoශයක්ම ඔය තත්වය තියෙනවා.මම හිතන්නෙ දියවන්නා වේ හැර.මොකද එතනට යන්න මහා ලොකු අධ්‍යපනයක් ඕනි නෑනේ. සමහරු හිතන්න පුලුවන් මේ තත්ත්වය දියුණුවේ ලක්ෂණයක් කියලා .අපේ පිරිමි ඇයි මේ අධ්‍යපනයෙන් ඇත් වෙන්නෙ .මම නම් දැක්ක ප්‍රධාන කාරණය තමයි කොල්ලොන්ට තියෙන මානසික අවුල .යන්තමින් අපොස සා/පෙ කරා රැකියාවකට ගියා .ඊට පස්සෙ පරස්තාවක් කර ගත්තා ඔක තමා ලොකුම වැඩේ .අපේ රටේ නිදහස් අධ්‍යපනයක් තිබිලත් මෙහෙම වෙන්න හෙතුව කුමක්ද?
                                                                     මේ කතාවට විශේෂයෙන්ම අපේ රටේ 30වසරක යුධ තත්ත්වය ද බලපෑවා.මොකද යුද්ධයට වැඩියෙන්ම සහභාගි වුණෙ පිරිමි .දැන් ඒ කතා හමාර වී බොහෝ කල්ය .තවම පිරිමි අධ්‍යපනය තුල මන්දගාමීය .පළමු ශ්‍රේණියට ඇතුලත් වන කොල්ලා 13 වන ශ්‍රේණියෙන් පසු උසස් අධ්‍යපනය සඳහා යොමු වෙන්නෙ කියෙන් කී දෙනා ද ?
                                                  රටේ ගැහැණු වැඩි නිසාත් කෙල්ලො වඩි පිරිසක් ඉහළට අධ්‍යපනය ලබන නිසාත් කෙසේ හෝ යමි තරමක් රැකියාවක් කරන කෙල්ලක්ව එල්ලා ගත හැකිය .ඊට පස්සෙ භාර්යාව ගේ සියලු වැඩ කර දි දරුවන් බලා කියා ගෙන ඉන්න පුලුවන් සුන්දර දවස් වැඩි ඇතක නොවනු ඇත .සමාජයේ බොහෝ පවුල් ප්‍රශ්න වලට පිරිමියාට වඩා ගැහැනිය උගත්කම බලපාන බව මා පෞද්ගලිකකව දැක ඇති කරණයකි .
                                      දැන් කරන්න ඇත්තේ ගෙදර ඉන්න කට්ටි පනින කොල්ලොන්ට දෙකක් දි හෝ ඉගැන්විම යි .නැතිනම් ඉදිරියේ බරපතළ ගැටලු රාශියකට සැඟවුණු මුල බීජය මෙය වනු ඇත .

ප.ලි 
ගැහැනු දරුවන් හොදින් ඉගෙන ගැනිම සම්බන්ධව මගේ කිසිදු ඊර්ෂ්‍යාවක් නැත .කාටත් ඉගෙන ගන්නට පොදුවේ අයිතියක් ඇත .නමුත් මේ යන ක්‍රමය එතරම් සුභ නැතිය උඹට වෙන එවා නැත් ද හොයන්න කියලා අහනවාට වඩා යම් අදහසක් එකතු කරන්න ..

ප.ලි 
සැමට ලැබුවා වු නව වසර සියලු බලාපොරොතුන් ඉටු වන සුභ නව වසරක් වේවා..!!!!!!

20 comments:

  1. ගැහැනු දරුවනට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා ජය වේවා !!!
      අවුරුද්දේ මුල්ම කමෙන්ටුව ..එකත් ගැනු ළමයෙකු ගෙන්, බ්ලොග් වලත් තත්ත්වය ...
      ගැහැනු දරුවනට ජය වේවා!!!

      Delete
  2. අම්මප එහෙමද වෙන්නේ එතකොට.

    ඔසුනවවේ!!!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ,තව දත්ත දැම්ම නම් ඇඩෙනවා .


      ඔසුනවවේ!!!

      Delete
  3. ඔව්නේ! උඹට හොඳ අත්දැකීම් ඇතිනේ අපේ කැම්පස් එකෙත් social science එකේ ratio එක දැකලා! :D

    ReplyDelete
    Replies
    1. නාඩි පොදුවේ බැලුවත් තත්ත්වය ඕක නෙද ,කැම්පස් වල මේ තත්ත්වය හොදටම තියෙනවා ,මට තියෙන ප්‍රශ්නෙ කොල්ලොන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා ..

      Delete
  4. මම ඇත්තම කියනවානම්ි ඉස්සර හිටියෙ ගෑණිගෙ රැකියාව පවුල් ප්‍රශ්ණ වලට බලපාන්නෑ කියන මතයෙ.

    ඒත් මන් මෑතකදි උදාහරණ දෙක තුනකින්ම දැක්කා මගේ මතය වැරදී කියලා. මන් දන්න පවුල් කිහිපයක්ම තියෙනවා ඒ වගේ කේස් වෙච්ච.

    සහෝටත් සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා මම කියන්නෙ නෑ වයිෆ්ට වඩා හබියා මහා ලොකු පොරක් වෙන්න ඕනිය කියලා ,මෙ කතාව හරියට අපේ රට කෘෂිකර්මයෙන් සoවර්ධිත කරනවා වගේ කතාවක්,

      කොහොම වුණත් විවාහක අය ගේ පවුල් පිලිබඳ දැනුම මට තවම නැත එ නිසා ඔබ කියන දෙත් මම පිලිගනිමි ,නමුත් මම වැඩිපුර දැක ඇති දේ ගැන කිවා පමණි...

      Delete
  5. සුබ නව වසරක් වේවා!!
    ඇත්තටම බන් කොල්ලෝ ඉගන ගන්නෙත් නෑ ඉගන ගත්ත වුන් ගැන මේ කෙල්ලන්ට ගානකුත් නැනේ බන්..

    ReplyDelete
    Replies
    1. ෂැගි ඔබටත් සුබ නව වසරක් වේවා!!
      කෙල්ලො කොහොමත් එ විදිහයි බන් ,එත් මේ කොල්ලො තනිකරම ඉගෙන ගන්න එක අතහැරලා නේ ..උඹේ කතාව 100%ක් ඇත්ත ..

      Delete
  6. පුරුෂාධිපත්‍ය චින්තනේ කියන්නේ ඕකට තමයි...

    ReplyDelete
    Replies
    1. අයියෝ කතාව වැරදි තැනකින් අල්ලාගෙන වගේ ..මෙහෙමයි මාතලන් අයියේ මම පැහැදිලිවම පුරුෂාධිපත්‍ය කතාවක් කියන්නෙ නෑ .මම කියන්නෙ අපේ රටේ පුර්ෂ ප්‍රතිශතය අඩු විමක් හා ඉන්න පුර්ෂයන් ඉගෙනිම තුලින් ඇත් විම යන කතාවයි .මාතලන් අයියේ කොහොම කවුරු කිව්වත් තවම අපේ සoස්කෘතිය තුල පුර්ෂයාට ලොකු තැනක් තියෙනවා .

      මම අහලා තියෙනවා කතාවක් මෙහෙම හරියටම ඇත්ත දන්නෙ නෑ ....
      .බලවත් රටවල් අපේ වගේ තුන් වන ලොකයේ රටවල් වලින් ඔවුන්ට විරුද්ධව යුද්ධයක් ඇති වෙයි කියලා ,ඔය ත්‍රිපොෂ ,සරම්ප එන්නත්,පෝලියෝ වගේ නොමිලේ දෙන සෞඛ්‍ය දෑ වලින් තුන් වන ලොකයේ රටවල් වල මිනිසුන් ගේ ජාන වලට බලපෑමක් කරා කියලා ගැහැණු දරුවන් ඉපදීම වැඩි කරන්න ,හොදම උදාහරණය ඉන්දියාව ,බලන්න ඉපදෙන ගැහැණු දරුවන් මරණ තැනට ඇවිත් (ඔවුන් ගේ දේපල කතාවක් තියෙනවා තමයි ) මේ කතාව සරලව සිතා පුරුෂාධිපත්‍ය චින්තනේ කියන එක හරි වෙන්න පුලුවන් .

      එත මෙතන අනාගත ගැටලුවක් නැති ද ?

      Delete
  7. පේරාදෙණියේ Art Faculty එකේ ගැහැණු දරුවන් 600 ගණනකි. පිරිමි දරුවන් 90 ගණනකි....

    ReplyDelete
    Replies
    1. හික් හික් ,සතුටු වෙන්න ද දුක් වෙන්න ද ?ඔය තියෙන්නෙ නියම සාක්ෂි..

      Delete
  8. ලංකාවෙ තත්වෙ එහෙමද එතකොට...?

    ReplyDelete
    Replies
    1. බොරු රිපොට් හදන අපේ රටේ ඕනි නම් මේ දත්ත වුණත් වෙනස් කරන්න පුලුවන්,එත් මෙක තමා දැන්ට තත්වය කෙන්ජි මාමෙ

      Delete
  9. ගණිත අංශේ 2ට1ක් නෙමෙයි මට හිතෙන්නෙ 3ට 1ක් නැත්නම් 5ට 3ක් වගේ නෙමේද???

    ReplyDelete
    Replies
    1. මල් මම හිතන්නෙ ගණිත අංශ ය තුල කොල්ලො පොඩ්ඩක් හොදයි කියලා .

      Delete
  10. එකෙන්ම මං නං එකගය.. අපේ කොල්ලන්ට සුරුට්ටුව කටේ ගහ ගත්තාට පසු හැම දේම අමතකයග උන්ට හිතෙන්නේ ජීවිතය ඒක කියාය. ඉගෙන ගන්න කැමැත්තක් නැත. ඊටත් පිස්සු කෙලින්න සීමාවක් නැතත ඇත්තම කතාව නං වැඩිදුර මංඤං ගහන්නේ. වැඩ්ඩන්ය. උං ඉගන ගන්නවාට වඩා දෑතේ රස්සාවට කැමතිය. ඉතිං ටෙක් බෙක් බඩගා ඒ පැත්තෙං යන උං උංගේම වැඩපොලවල් පටං ගනී. කණගාටුවට කරුණ නං ඒ වගේ උංට තැනක් නැතිවීමය. වැඩිපුරම අපේ රටේ උංදලා කැමති පුටුවක් උඩ කැරකෙන අල බෝල වලටය. ඒත් මෙලෝ රහක් නැත. රැඩිකල් පරම්පරාවේ කොල්ලන්ව වැඩිහිටි පරම්පරාවට ඇලජික්යග ඒ ලංකාවේ හැටිය

    ReplyDelete
    Replies
    1. මහෙෂ් කතාව ඇත්තය ,බොහො වෙලාවටා මේ තත්ත්වයට අපේ අධ්‍යපන ක්‍රමය හා උඩ පුටුවල අය ගේ වැඩ බලපායි ,නමුත් මේ ක්‍රමය රටක් විදිහට එතරම් සුභ නැත ,

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.