20 January, 2014

අසම්මතයත හා සම්මතය

අපි සම්මතය කියලා දෙයක් හැම දෙකම හදා ගෙන ඉන්න සත්තු ජාතියක් ,අපි ඒ රාමුව ඇතුලේ වෙන දෙවල් අනුව හොඳ නරක ගලපන්න උත්සහ කරනවා.එත් ගොඩක් මිනිස්සු ලෝකයට හොරෙන් ඔය කියන මහා ලොකු සම්මතය කියන රාමුවෙන් පිට පැනලා ක්‍රියා කාරනවා.සමහරුන් රාමුව තමන්ට පනින්න අවශ්‍ය උනත් ලෝකයාට බයේ අමාරුවෙන් රාමුවට කොටු වෙලා ජිවත් වෙනවා .ඒ අපේ විදිහලු ,අපි මේ රාමුව හින්දා අනෙක් සත්තුන් ගෙන් වෙනස් වෙනවා කියලා මට හිතෙන්නෙ .
                                                               ඔය කතා කොහොම උනත් මම නම් හිතන්නෙ කවුරු කවුරුත් හිත ඇතුලින් හරි කැමති මොහොතකට හරි ඔය රාමු කඩා ගෙන මොහොතක් හරි ජිවත් වෙන්න (හරි ද දන්නෙ නෑ ,මම අන් අය ගැන තීරණ දෙන්න කැමති නැති උනත් ලියන්න උනා ),ඔය අසම්මත කියන දෙවල් සුන්දර ලෙසත් අසුන්දර ලෙසත් දකින්නෙ අපිමයි. 
                                                                                                       ඔය කියන රාමු පිට පනින එකත් හොද නිර්මාණ බිහිකරන්න පුළුවන් වස්තු බිජයක්.හැබැයි ඒ දෙවල් කියන්න යොදා ගන්න භාෂාව අනුව එක කුණු හරුපයක් ද ?නැති ද යන්න තීරණය වෙන වෙලාවල් තියෙනව.ලඟ දි දේශක ලියපු සුදු සාළුව ඔය රාමු පිට පැනපු රස කතාවක්.

ඔය වගේ සිද්ධි ගිත වුණ වෙලාවලුත් තියෙනවා . අහලා බලන්න .


චාමර ටිකක් බොලද විදිහට කියනවා ,එක නිසා මේ ගැන ඕන කෙනෙකුට  අදහසක් එනවා .

එත් අපේ නන්දා මාලනියත් ඔය හා සමාන වස්තු බීජයම හරි අපුරුවට ගායනා කරනවා .

 ප.ලි 
ඇතැම් විට එක් වරම චාමර ගේ ගිතය ග්‍රහණය වුව ද ,මාලනිය ගේ ගිතය එසේ නොවනු ඇත.ඔබට සිතෙන දේ කියන්න .තවත් ගිත ඇතිමුත් නම් මතක් වෙන්නෙ නෑ දන්න එවා යේ නම් හෝ ලින්කු එක් කරන්න .

මේ හා සබැඳි ලින්කු ඇත්නම් එක් කරන්න ..

26 comments:

  1. අපි සම්මතය අසම්මතය විදිහට දෙකක් දකින්නෙ අපි ඔකකම සංස්කෘතික සත්වයන් නිසා කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම සංස්කෘතිය කියල 1ක් අපි වටා තිබුනෙ නෑ කියල උපකල්පනය කරන්න. එහෙනම් මට හිතෙන්නෙ හුගක් කෙලෙස් ප්‍රහීන වෙලා හැම දෙයක් ගැනම අපිට දැනෙන්නෙ ඇල් මැරුණ ආසාවක්... එහෙම උනා නං හුගක් ආසාව නිසා වෙන කළි කළහ තරහ මරහ ඇතිවෙන්නැතිවෙයි. හැබැයි එහෙම උනා නං අහස අනන්තයි කියල කාටවත් කියන්න කලින් හැමෝටම තේරෙයි.. ඒ විතරක් නෙමෙය් මධු බදුන ඉහිරවගන්නෙ නැතිව ඇමදාම හිනාවෙලාම ඉන්න පුලුවං වෙයි. අපේ සංස්කෘතිය හින්ද හුගක් මිනිස්සු ඒ මිනිස්සුන්ටම කුහක වෙලා/

    ReplyDelete
    Replies
    1. අඩෙ මන්දා මහේෂ් වැඩෙ ටිකක් ලොකුවටම හිතලා ද ?මම කිව්වෙ පොඩි සරල දෙයක් ගැන ...

      Delete
    2. එච්චරමත් නෙමෙයි ටිකක් හිතට දැනෙන දේ එහෙම්මම කීවෙ නැත්තං ඒක හරි නෑ වගේ

      Delete
    3. අවුලක් නෑ ,ඇත්තටම මමත් කැමතිම කමෙන්ටු කියවන්න ,එක තවත් පොස්ටුවක් ලියන්න ජවය ලැබෙනවා ..

      Delete
  2. ගීත අහන්න වෙන්නේ ඉතින් බෝඩිමට ගිහින්... සම්මතය ගැන මගෙ තියන අදහස නම් මීට වඩා ටිකක් වෙනස්. සම්මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. හරි පස්සෙ අහන්න ,
      සම්මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ නේද?///
      හිතන්න අපි මේ ජිවත් වෙන්නෙ අපිට ඕන විදිහට ද ?නැත්නම් සම්මතයට ඕන විදිහට ද ?ඔන්න සරල තැන .මම නම් කැමති හැම වෙලෙම සම්මත්යේ ඉඳගෙන සම්මතයෙන් පිට පනින්න .
      එ වගේම මම කියන්න උත්සහ කරේ අසම්මතයත් සමහර නිර්මාන තුල ලස්සනට යොදා ගෙන තියෙනවා කියලා .

      Delete
    2. 'සුළඟ' කියන්නෙ මම බලපු චිත්‍රපටි අතරින් ඉතා ම ඉහළ රුචිකත්වය තියන එකක්. ආයෙ බලන්න ඕනෙ වෙලාවක... මම මෙහෙම කියන්නම් කෝ. අපි කලා නිර්මාණවල මේ දේ වින්දට සැබෑ ජීවිතයේ දී, ඒ කියන්නෙ හිතන්න ඔබේ ම මව, පියා, සහෝදරයා, සහෝදරිය... කවුරු හරි. එතකොට අපි ඒ අසම්මතයට වචනයෙන් නොවුණත් හිතින් හරි එරෙහි වෙනව නේද? ඒ අසම්මතය ගැන උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ද?

      Delete
    3. ලිංගිකත්වය කියන මාතෘකාව විතරක් හිතන්න එපා දිලිනි .....ඔබ මේ කමෙන්ටුව පුරාවට අසා ඇති ප්‍රශ්නයට සරල උත්තරයක් දෙනවා නම්
      ඔව් .............................................

      Delete
  3. දිවුල්ගනේගෙයි දීපිකා ගෙයි 'මුදු මුහුණේ…' ගීතයත් ඒ වගේ කතාවක් නේද? තව ගීතනම් ගොඩක් තිබ්බාට එකපාර මතක් වෙන්නෑ සහෝ.

    ReplyDelete
    Replies
    1. එක මේ වගේ සින් එකක් නෙවෙයි නෙද ?මේ සින්දු වල තියෙන්නෙ ,අමතර එකක් ගැන හොදට අහලා බලන්න

      Delete
  4. ඇයි "හිමි නැති පෙමකට.." ඒකත් ඒවගේ එකක් නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නාඩි එකත් එ වගෙ එකක් තමා ,මේ සින්දු දෙකෙ පෙමට වඩා එහා ගිය කතාවක් තියෙනවා ....

      Delete
  5. අසම්මතය සම්මත විදිහට විඳ ගමු.. ;)

    ReplyDelete
    Replies
    1. අඩෙ ෂැගි
      අසම්මතය සම්මත විදිහට විඳ ගමු.. ////ඔන් මෙවා නිර්මාණයක් කරන කොට විතරයි ..හැක් හැක්

      Delete
  6. ඕනෑම අසම්මත සිද්ධියක් ඉතිහාසයට එකතු වෙද්දී හරි සාහිත්‍යම අංගයකට එකතු වෙද්දී එකේ තිබුණේ නැති වටිනාකමක් එනවා. එහෙම නැතිනම් නිර්මාණ කරුවා එකේ තියන අශෝබන විලාසය හංගනවා. උදාහරනයක් විදියට දස්කොන්-ප්‍රමිලා කතාව අපි අද ඉහළ ගණයේ ආදර කතාවක් විදියට සලකනවා. ඒ වගේම "හිම දිය වී හිමාලයේ" "ගහක මල් පිපිලා" "සිරි යහනේ ලණු" වගේ සින්දු වල උණත් සභ්‍ය ලෙස සම්මත දෙයකට එහා ගිය දෙයක් කතා කරනවා.

    ReplyDelete
    Replies
    1. දස්කොන් ගැන අපේ අමරදේව ශුරින් ගිතයක් ගයනා කරනවා නෙද ?
      යක්ෂයා ඔය තියෙන්නෙ ..
      ඇත්තටම නිර්මාණකරනය තුල ඔය දේවල් හරි අපුරුයි ,අපේ මිනිස්සු ඔය නිර්මාණ රස විදිනවා තෙරුම් දන්නෙ නෑ.

      Delete
  7. " තාම තරුණයි රාත්‍රිය මනරම්.."

    මම ඒක ගැන පෝස්ට් එකකුත් ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ලින්කුව එක් කරා නම් වටිනවා ..ඔබෙ කැමැත්තක්.

      Delete
  8. ස්තුතියි සහෝ මාවත් මතක් කරාට. මං වැඩිපුරම කිව්වේ අසම්මත කියා සමාජය දකින සිද්ධි තමා බං...

    http://deshakaya.blogspot.com/2013/09/blog-post_3.html - පිච්ච මල් සුවද

    http://deshakaya.blogspot.com/2013/06/blog-post_1.html - ආදරයද?? රාගයද??

    http://deshakaya.blogspot.com/2013/01/blog-post_28.html - සෙක්සි මැඩම්

    http://deshakaya.blogspot.com/2013/08/blog-post_15.html - අක්කා කසාදේ..


    ReplyDelete
    Replies
    1. අඩේ මම කියවලා තියෙන්නෙ පිව්ච මල් විතරයි නේ (මේ දමලා තියෙන ලින්කු වලින් ) වෙලාව තියෙන විදිහට කියවන්න ඕන ...

      Delete
  9. අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් කියන්නෙත් මේ ආරේ එකක්.

    ReplyDelete
    Replies
    1. සුදික අයියාව පිලිගන්නවා....

      ඔව් නේ එකත් අමතර රස හොයන කතාවක් නේ ,,,නියමයි .

      Delete
  10. Anonymous1/22/2014

    රාමුව ඇතුලේ ඉඳගෙන රාමුවෙන් පිට සිද්ධ වෙන දේවල් ගැන හීන මවන්න මිනිස්සු කැමතියි. මගේ ජීවිතයේ මම බොහෝ විට රාමුවෙන් පිට ජීවත් වෙන්න කැමැත්තක් දක්වපු කෙනෙක්. මෙය වරදවා තේරුම් ගත යුතු නැහැ. ලිංගිකත්වය කියන මාතෘකාවේදි (විවාහයෙන් පසු )මම රාමුව ඇතුලේ හිටියා. එතනදි මට රාමුව තුල ඒ තෘප්තිය තිබුනු නිසා. සම්මතය සහ අසම්මතය වෙන් කරන රේඛාව මොකක්ද කියන කවුද කොහොමද තීරණය කරන්නේ කියන එක ප්‍රශ්ණයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඇරු කාරනාව හොදින් තෙරුම් අරන් වගේ ..ඔබේ අදහස් දැක්විම ඇත්තටම වටිනවා ..

      සම්මතය සහ අසම්මතය වෙන් කරන රේඛාව මොකක්ද කියන කවුද කොහොමද තීරණය කරන්නේ කියන එක ප්‍රශ්ණයක් නේද?////////////

      මටත් ඔය ප්‍රශ්නය තියෙනවා මමත් හැමවෙලාවෙම රාමුවෙන් පිට වෙන දෙවල් දකින්න එවා ගැන දැනගන්න ආස කරා ..දැනටත් එහෙමයි .මම හිතනවා පොදුවේ ගොඩක් එහෙමයි කියලා

      Delete
  11. විරහව තේමාව කරගත්ත ගීත කොහොමත් හිතට දැනෙනව...

    ReplyDelete
    Replies
    1. උමේෂ් මේ විරාහව නේවී ???හොදට කියවලා බලන්න ...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.