මං පොර ලියන්නෙ බොහො සරල රටාවකට ය.එක සම්පූර්ණ සත්‍ය ය.මං පොරට ඇතැම් කතා මතක් වෙන්නෙ බස් එකේ ගමනක් යන විටය ,තවත් සමහර කතා මතක් වෙන්නෙ බොගියක් කියවන විට ය.සමහරු මං පොර බයිසිකල් ගැන කියන විට ඒ කියන්නෙ බයිසිකල් ගැන කියා සිතුවා ය.ලොකු මාමා ගැන කියන විට සිතුවෙ මගේ ලොකු මාමා කෙනෙක් ගැන කියනවා කියා ය.කුවේණි වුණත් වැරදි නෑ කිවු විට මේ මාතෘකා මේ විදිහට යෙදුවෙ ඇයි ද කියා හැමටම තෙරුණා විය හැකිය.සහෝදර ගේ ජිවිතයේ තොරා ගැනිම් දෙකක් පැමිණ විට ගෙතු කතාව විමලා හා කමලා ය.එක වැඩිය රසක් තිබුණේ නැතුව ඇති ය.ඒ කාලයේ සිට ලිවු කතා දෙස බලන විට මා වැඩිය අසම්මත කතා ලියා නැතිය.පොත් ගැන ලිව්වාට පොත් බලන් වැඩි ය ලියා නැතිය.බොහෝ නිර්මාණ වලට පාදක වන්නෙ තම පෞද්ගලික අත්දැකීම් ය.එසේම මගේ සැබෑ ජිවිත අත්දැකිම් ද මං පොර ලියා ඇත.මේ කතා මතක් වවුයේ මෙවා වැඩි අවස්ථාවකදි ය .සහෝදර ගේ සියලු බිදවැටිම් කාරණා වලට හෙතුව මං පොර සිතන පරිදි මා මුලින් ලිවුවෙ පොඩි පොඩි කතා නිසා විය හැකි ය .අද කතාවත් පෙර පරිදි සරල පොඩි කාලේ ඇසු කතාවකි කොටින්ම මුලින්ම ආච්චි සහෝදරට කියා දුන් කතාවකි.මේ ඒ කතාවයි ............
එක් රටක රජෙක් සිටියා ය.මේ රජාට දැහැමින් රට පාලනය කරන පොරක් ය.හරියට අපේ ලොක්කා වගේමය .ඒ දවස් වල කළු විදුරු බෙන්ස් නැති නිසා විදී සංචාර යන්නෙ අලියා ගේ හෝ අශ්වයා ගේ පිට උඩ ය.දිනක් ඔහොම යන විට ගෙදරක සහල් පොලන ස්තිරියාවක් දැක්කා,රජා යන්නෙ විශ්වාස වන්ත සේවකයෙක් එක්කලු විදි සංචාරේ.ඒ සහල් පොලන තැන බිම එකතු කරලා තියනවාලු සහල් කුඩු,රජා ඇහුවාලු අර සේවකයාගෙන් අර බිම එකතු කරලා තියෙන්නෙ මොනව ද කියලා ..රජතුමනි ඒ සහල් කුඩු කිව්වාලු ....එවගෙන් මොනවද කරන්නෙ කියලා අයේ රජතුමා අර සෙවකයාගෙන් ඇහුවාලු..සෙවකයා කිව්වාලු එවාගෙන් රජතුමනි කැවිලි ජාති හදනවා,කිරිබත් හදනවා කියලා කියලා දුන්නාලු ....
රජා දෙවන දවසෙත් යන කොට අර ස්තිරියාව සහල් පොලනවාලු..රජා කියලා අසාවල් හිතෙන එක සමාන්‍යයයි ,ඉතිං රජා අයේ අහනවා ලු කුඩු වලින් හදන කිරිබත් රස ද කියලා .ඉතිං සේවකයා කියනවාලු ....එසේය දේවයන් වහන්ස හරි රසයි කිව්වාලු .
තුන් වන දවසේ රජා අයේ ඒ විදීයේ යනකොටත් අර ස්තිරියාව සහල් පොලනවාලු.ඉතිං රජා කිව්වාලු අර සේවකයාට ,මට කුඩු කිරිබත් කන්න අසාවක් ඇතිවෙලා තියෙනවා බැරිද ක්‍රමයක් යොදන්න කියලා...ඒ වකවානුවේ සහල් කුඩු වලින් හදන කැම කන්නෙ කුලයෙන් අඩු පිරිස්ලු .රජාට එවා රජවාසලේදි කන්න බෑ,ඉතිං අර සේවකයා අර සහල් පොලන ස්තිරියාවට කියලා ,සහල් කුඩු කිරිබත් හදවාගෙන රජා එක්කරගෙන ගොහින් කන්න දුන්නාලු ,රජා අණ කලාලු අර සේවකයාට මේ ගැන කාත් එක්ක හරි කියලා තිබුණොත් හිස ගසා දමනවා කියලා කොම හරි වැඩේ එතනින් ඉවර වුණා කියලාලු රජා සිතුවේ.අර පිටිපස්සෙන් ගිය පොරටත් අසාවක් ඇති වුණාලු,ඒ රජා කුඩු කිරිබත් කාපු කතාව කාට හරි කියන්නලු.එත් පණට අදරේ නිසා කියන්න විදිහක් නැති වුණාලු...
ඉතිං අර මනුස්සයා කරේ කැලේට ගිහිල්ලා ලොකු නුග ගහක් මුලට ගිහින් එකේ බෙනෙකට කට තියලා ඇති වෙනකං කෑ ගැහුවාලු ..
රජ්ජුරුවෝ කුඩු කැවෝ ...රජ්ජුරුවෝ කුඩු කැවෝ ..කියලා
කාලය ඔහොම ගෙවිලා ගියාලු ,අර මනුස්සයා ගේ අසාවත් නිවුනාලු ..කොම හරි ඒ කැලයට ගස් කපන්න කියලා ගිය මිනිස්සු පිරිසක් ඒ නුග ගහ යට ගිමන් නිවන්න වාඩි වුනාලු ,හුලග ඇවිත් ඒ බෙන ඇතුලේන් පිටවෙනකොට ඇහෙනවාලු රජ්ජුරුවෝ කුඩු කැවෝ .. රජ්ජුරුවෝකුඩු කැවෝ කියලා.එ දවස් වල නීතිය දැන් වගේම තමා ,ඉතිං ඒ මිනිස්සු ගිහින් අරුම පුදුමන් නුග ගහ ගැන රජාට කිව්වාලු ..
ඉතිං ඊට පස්සේ ...
සටහන:-
මුලදී සිටි බොහෝ දෙනා සහෝදර ගෙන් හැලි ගොස් අවසන් ...අද ලිවු කතා සහා කමෙන්ටු කියවුවෙමි ...හිට් කවුන්ටරය නැග ගියත් එයින් මේ බොගි කෙරුවාට අවශ්‍ය බලයක් නම් ලැබුණෙ නැතිය.ඉතිං මදක් නැවති හැරි බැලිමි.........
මේ පොස්ටුව මං පොර ලිවු නරකම පොස්ටුව විය හැකිය ...
මේ පොස්ටුව මං පොර ලිවු නරකම පොස්ටුව විය හැකිය ...