31 March, 2014

සහෝදරට ආච්චි කිවු කතාවක්

මං පොර ලියන්නෙ බොහො සරල රටාවකට ය.එක සම්පූර්ණ සත්‍ය ය.මං පොරට ඇතැම් කතා මතක් වෙන්නෙ බස් එකේ ගමනක් යන විටය ,තවත් සමහර කතා මතක් වෙන්නෙ බොගියක් කියවන විට ය.සමහරු මං පොර බයිසිකල් ගැන කියන විට ඒ කියන්නෙ බයිසිකල් ගැන කියා සිතුවා ය.ලොකු මාමා ගැන කියන විට සිතුවෙ මගේ ලොකු මාමා කෙනෙක් ගැන කියනවා කියා ය.කුවේණි වුණත් වැරදි නෑ කිවු විට මේ මාතෘකා මේ විදිහට යෙදුවෙ ඇයි ද කියා හැමටම තෙරුණා විය හැකිය.සහෝදර ගේ ජිවිතයේ තොරා ගැනිම් දෙකක් පැමිණ විට ගෙතු කතාව විමලා හා කමලා ය.එක  වැඩිය රසක් තිබුණේ නැතුව ඇති ය.ඒ කාලයේ සිට ලිවු කතා දෙස බලන විට මා වැඩිය අසම්මත කතා ලියා නැතිය.පොත් ගැන ලිව්වාට පොත් බලන් වැඩි ය ලියා නැතිය.බොහෝ නිර්මාණ වලට පාදක වන්නෙ තම පෞද්ගලික අත්දැකීම් ය.එසේම  මගේ සැබෑ ජිවිත අත්දැකිම් ද මං පොර ලියා ඇත.මේ කතා මතක් වවුයේ  මෙවා වැඩි අවස්ථාවකදි   ය .සහෝදර ගේ  සියලු බිදවැටිම් කාරණා වලට හෙතුව මං පොර සිතන පරිදි මා මුලින් ලිවුවෙ පොඩි පොඩි කතා නිසා විය හැකි ය .අද කතාවත් පෙර පරිදි සරල පොඩි කාලේ ඇසු කතාවකි කොටින්ම මුලින්ම ආච්චි සහෝදරට කියා දුන් කතාවකි.මේ ඒ කතාවයි ............

එක් රටක රජෙක් සිටියා ය.මේ රජාට දැහැමින් රට පාලනය කරන පොරක් ය.හරියට අපේ ලොක්කා වගේමය .ඒ දවස් වල කළු විදුරු බෙන්ස් නැති නිසා විදී සංචාර යන්නෙ අලියා ගේ හෝ අශ්වයා ගේ පිට උඩ ය.දිනක් ඔහොම යන විට ගෙදරක සහල් පොලන ස්තිරියාවක් දැක්කා,රජා යන්නෙ විශ්වාස වන්ත සේවකයෙක් එක්කලු විදි සංචාරේ.ඒ සහල් පොලන තැන බිම එකතු කරලා තියනවාලු සහල් කුඩු,රජා ඇහුවාලු අර සේවකයාගෙන් අර බිම එකතු කරලා තියෙන්නෙ මොනව ද කියලා ..රජතුමනි ඒ සහල් කුඩු කිව්වාලු ....එවගෙන් මොනවද කරන්නෙ  කියලා අයේ රජතුමා අර සෙවකයාගෙන් ඇහුවාලු..සෙවකයා කිව්වාලු  එවාගෙන්  රජතුමනි කැවිලි ජාති හදනවා,කිරිබත් හදනවා කියලා කියලා දුන්නාලු ....

රජා දෙවන දවසෙත් යන කොට අර ස්තිරියාව සහල් පොලනවාලු..රජා කියලා අසාවල් හිතෙන එක සමාන්‍යයයි ,ඉතිං රජා  අයේ අහනවා ලු  කුඩු වලින් හදන කිරිබත් රස ද කියලා .ඉතිං සේවකයා කියනවාලු ....එසේය දේවයන් වහන්ස හරි රසයි කිව්වාලු .

තුන් වන දවසේ රජා අයේ ඒ විදීයේ යනකොටත් අර ස්තිරියාව සහල් පොලනවාලු.ඉතිං රජා කිව්වාලු අර සේවකයාට ,මට කුඩු කිරිබත් කන්න අසාවක් ඇතිවෙලා තියෙනවා බැරිද ක්‍රමයක් යොදන්න කියලා...ඒ වකවානුවේ සහල් කුඩු වලින් හදන කැම කන්නෙ කුලයෙන් අඩු පිරිස්ලු .රජාට එවා රජවාසලේදි  කන්න බෑ,ඉතිං අර සේවකයා අර සහල් පොලන ස්තිරියාවට කියලා ,සහල් කුඩු කිරිබත් හදවාගෙන රජා එක්කරගෙන ගොහින් කන්න දුන්නාලු ,රජා අණ කලාලු අර සේවකයාට මේ ගැන කාත් එක්ක හරි කියලා තිබුණොත් හිස ගසා දමනවා කියලා කොම හරි වැඩේ එතනින් ඉවර වුණා කියලාලු රජා සිතුවේ.අර පිටිපස්සෙන් ගිය පොරටත් අසාවක් ඇති වුණාලු,ඒ රජා කුඩු කිරිබත් කාපු කතාව කාට හරි කියන්නලු.එත් පණට අදරේ නිසා කියන්න විදිහක් නැති වුණාලු...

ඉතිං අර මනුස්සයා කරේ කැලේට ගිහිල්ලා  ලොකු නුග ගහක් මුලට ගිහින් එකේ බෙනෙකට කට තියලා ඇති වෙනකං කෑ ගැහුවාලු ..

රජ්ජුරුවෝ කුඩු කැවෝ ...රජ්ජුරුවෝ කුඩු කැවෝ  ..කියලා

කාලය ඔහොම ගෙවිලා ගියාලු ,අර මනුස්සයා ගේ අසාවත් නිවුනාලු ..කොම හරි ඒ කැලයට ගස් කපන්න කියලා ගිය මිනිස්සු පිරිසක් ඒ නුග ගහ යට ගිමන් නිවන්න වාඩි වුනාලු ,හුලග ඇවිත් ඒ බෙන ඇතුලේන් පිටවෙනකොට ඇහෙනවාලු රජ්ජුරුවෝ කුඩු කැවෝ .. රජ්ජුරුවෝකුඩු කැවෝ කියලා.එ දවස් වල නීතිය දැන් වගේම තමා ,ඉතිං ඒ මිනිස්සු ගිහින් අරුම පුදුමන් නුග ගහ ගැන රජාට කිව්වාලු ..

ඉතිං ඊට පස්සේ ...





සටහන:-
මුලදී සිටි බොහෝ දෙනා සහෝදර ගෙන් හැලි ගොස් අවසන් ...අද ලිවු කතා සහා කමෙන්ටු කියවුවෙමි ...හිට් කවුන්ටරය නැග ගියත් එයින් මේ බොගි කෙරුවාට අවශ්‍ය බලයක් නම් ලැබුණෙ නැතිය.ඉතිං මදක් නැවති හැරි බැලිමි.........

මේ පොස්ටුව මං පොර ලිවු නරකම පොස්ටුව විය හැකිය ...



55 comments:

  1. ඔන්න ඕකයි වැඩේ.. තමන්ට හිතෙන දේ ලියං යන එකයි.. අනිත් අයගෙන් ආදර්ශ ගන්න එකයි තමා හොදම දේ.. බලන එක ප්‍රතිචාර දාන එක බොට අදාල නොවන නිසා උඹට තියෙනනේ ලියන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ..දේශක ප්‍රතිචාර මට අදාල දෙයක් නොවෙන බව දනිමි ...

      Delete
  2. දේශා කියපු දේට මාත් එකඟයි. හිතට එන දේ ලියපන් බං.

    ReplyDelete
    Replies
    1. ඕන්න ඔහේ ලියලා දානවා

      Delete
  3. හිට් කමෙන්ට් බලන්නෙ නැතුව හොඳට රසට ලියපුවාම නිකම්ම නගී බං.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය නගින කතාව මේ නහින දෙහින කාලේ..?

      Delete
    2. නහින දෙහින කාලෙ නගින්න හොඳ නැද්ද බොලේ.

      Delete
    3. එහෙම වෙනවනං අනේ වාසනාවං

      Delete
    4. හිට්ස්, කමෙන්ට්ස් නගින එක ගැනද වෙන මොකක් හරි නගින එක ගැනද කිවුවේ? ;)

      Delete
    5. @ හැලප

      හිට්ස් මට වැදගත් නෑ ,බලමු ලියන එක පොඩ්ඩක් වෙනස් කරලා

      Delete
    6. @ All

      නැග්ගා නම් බැසිය යුතුමය,කන්දක් ඕං වෙන එවා එහෙම නෙවෙයි..;))

      Delete
  4. කවුරු අත හැර ගියත් යකා වන මම නම් සහෝදර අත හැර නොයන්නෙමි.ඔය කතාව මාත් අසා ඇත. කියන්න හිතන්න ඕන දේ බොහොමයක්ම මේ කතාවෙන් අපට ලබා දෙ එ ඇත.

    මම නම් කරන්නෙ මට හිතෙන දේ ලියා දැමීමය. එය මට හිතට සහනයකි.ඉන් පසු ඒ ගැන වගේ වගක් නැත. කවුරුන් හෝ බලා ඒ දෙවල් යළි සිතමින් යම් ප්‍රයෝජනයක් ගන්නේ නම් සතුටු වෙමි. එපමනකි.මට නම් බ්ලොග් එක යනු ඩිජිටල් දිනපොතක් මිස වෙන දෙයක් නොවේ.
    වඩිය හිතන්නෙ නැතිව ලියපන් බන්.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමයි මිත්‍රයා මම බ්ලොග් එක පටන් ගත්ත දවස්වලම මට අත දීපු කෙනෙක් තමයි ඔයා. මම කවදාවත් මට කෙනෙක් කරපු පොඩිම උදව්වක්වත් අමතක කරන්නෙ නෑ ඒ මගෙ හැටි.

      Delete
    2. චොයි යකා

      කලු උනාට යකා හරි හොදයි

      Delete
    3. වඩිය හිතන්නෙ නැතිව ලියපන් බන්.///

      වචනෙට තැන්කු ,ඔන්න ඔහේ ලියලා දානවා

      Delete
    4. @ අටම්

      යකා කළු ද ?එහෙනම් ෆෙයාර් ඇන්ඩ් ලවුලි තමා ගාන්න වෙන්නෙ

      Delete
  5. මේ සටහන කියවගෙන යද්දී මට හිතුන දෙයක් තමයි, මේ ආරේ බ්ලොග් නම් කීයක් තියෙනවාද ? කියන එක. ඒ කියන්නේ මේ පොඩි එකාගේ ලියුම ස්ටයිල් එක. එහෙම නැතිව ඔබටම ආවේනික ශෛලියකින් ලියන්න. කියවන්න දෙයක් තියෙනවා නම් සෙනග එයි. තව දෙයක් සමහරු කමෙන්ට් කරන්නේ තමන්ට කමෙන්ට් කරොත් විතරයි. නැත්නම් තරහා වෙයි කියලා. ඒක ගැන එච්චර හිතන්න එපා. ලියාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. තමන්ට කොමෙන්ට් කළොත් විතරක් කොමෙන්ට් කිරීම, හිත නරක් වෙයි කියල මොනවහරි ලියන එක වාගෙ දේවල් වැඩක් ඇති වැඩ නොවෙයි. සමහර බ්ලොග් තියනව කොමෙන්ට් නොකර බැරි ඒව.හොඳට හිතට වදින ලිපි. එහෙම ලියන්න පුළුවන් නම් දක්ෂ කමක්. මන්ද මට නම් එහෙම ලියන්න බෑ

      Delete
    2. @ සුදික

      මේ විදිහට ලියන තව කොච්චර බ්ලොග් තියෙනවා ද කියලා මං දන්නෙ නෑ ,හැබැයි මේ මගේ විදිය ..මට මට එන සෙනග ගැන නෙවෙයි අවුල ..

      සමහරු කමෙන්ට් කරන්නේ තමන්ට කමෙන්ට් කරොත් විතරයි// මේ දේ නම් මං ලග නෑ ,හැබැයි එවෙලේම පබ්ලිශ් වෙන්නෙ නැති එවාට කමෙන්ටු දාන්න පොඩ්ඩක් අකමැති මං ,එහෙම නැති හැමොටම කමෙන්ටු දානවා


      Delete
    3. සුදීක මේ ගැන මොකක් හරි එකක් ලියහංකෝ. කාලෙකින් මරාගන්නත් බැරි වෙච්චි එකේ..

      Delete
    4. අඩේ දේශක මොකක්ද කරන්න හදන්නෙ ඈ ....මරාගන්න :((((

      Delete
  6. මං අහලා තියෙන්නේ බට පදුරක් ලඟට ගිහින් ඔය කතාව කීවාම, ඒ බට පඳුරෙන් හදපු බටනාලවලින් රජාගේ රහස ගැන කියවුණා කියලයි!

    ReplyDelete
    Replies
    1. කොම හරි රජා ගේ රහස හෙලි වුණානේ ,කතාවෙ හරය එකම නෙද ??

      Delete
  7. Anonymous4/01/2014

    හැහ් හැහ්...
    වැඩිදුර හිතන්න එපා...
    දිගටම ලියමු..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩිදුර හිතුවෙ නෑ පොඩ්ඩක් වැඩි වුණාව් වගේ ..

      Delete
  8. කතාවේ අවසානයේ ඉතින් ඊට පස්සේ කියන තැනට කෙටි විරාමයක් කියා දමා හොඳ වෙළඳ දැන්වීම් කීපයක් දමනු. එවිට පාඨකයෝ ඇදී එනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ජන්දෙත් ඉවර වුණානේ නැත්නම් පොඩි ඇඩ් දෙක තුනක් හොයා ගන්න තිබුණා .. :)

      විචාරක තුමාත් කතාව වැරදි තැනින් මිරිකලා ,පාඨකයෝ එන එකක් ගැන නෙවෙයි මේ කියන්නෙ

      Delete
  9. මොකෝ බං මේ.... ලියපන් මේ අනම් මනම් ගැන හිතන්නේ නැතිව

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැඩි වුණා මං හිතන්නෙ නාඩි .....ලියලා දානවා වෙන දෙයක් වෙයි

      Delete
  10. මම ඔය කතාව අහල තියෙන්නෙ මෙහෙමයි.රජ්ජුරුවො වී පාහින තැනකට ගිහින් වී කුඩු කන්න හැදුවලු. වී කුඩු කාපු එක තමයිලු ගහක බෙනයකට කීව කියන්නෙ. ඒ ගහෙන් බෙරයක් හැදුවලු. ඒ බෙරේ ගහන කොට රජ්ජුරුවෝ කුඩු කෑවෝ කියල ඇහෙනවලු.

    ReplyDelete
    Replies
    1. කතාව යකා රජාගේ රහස හෙලි විම නේ ?හරයව් වෙනස් නැතුව ඇති මං හිතන්නෙ

      Delete
  11. කමෙන්ට් වලින් සාර්ථකත්වය මනින්න එපා මැට්ටෝ.

    ReplyDelete
    Replies
    1. Anonymous4/01/2014

      18++ දෙකක් දාන්න බස්සිත් එහෙම කළා

      Delete
    2. මැට්ටා කිව්වෙ තරහටද නැත්නම් ෆිට් එකට ද ?මෙච්චර කල් මට ඔක තෙරුම් ගන්න බෑ ,කොච්චර බැණලා ඇතිද ඔය වචනෙට ....

      Delete
    3. @ විදානේ

      21++ හොද නැතෙයි

      Delete
  12. Anonymous4/01/2014

    සහෝදර මලේ මේක ඔයාගේ බ්ලොග් එක, ඔයාට ඕනේ විදියට ලියන්න .. මේ කතාව මාත් අහලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. අහලා තියෙන්න ඕන ...මට ඕන විදියට නම් තමා මේ ලියවෙන්නෙ එත් ලියන දේ කියවන තැනට කාන්දු වෙන්නෙ නෑ කියලා හිතුනා කමෙන්ටු දකින කොට

      Delete
    2. Anonymous4/01/2014

      මල්ලි ලියන දේ කියවන තැනට කාන්දු නොවීම නෙමෙ මන් හිතන්නෙ සමහර කොමෙන්ටු පෝස්ට් නොකියවා දමන ඒවා නිසාද වෙන්න පුලුවන්

      Delete
    3. ඔක ඇත්තටම මමත් කරානේ නෑ කියන්න බෑ,එකෙන් වෙන දේ දැන් තමා තෙරුණෙ ;))

      Delete
  13. //සහෝදර මලේ මේක ඔයාගේ බ්ලොග් එක, ඔයාට ඕනේ විදියට ලියන්න// +++++ මමත් මේක අහල තියනවා හැබැයි මොකද්දෝ වෙනසක් තියනව කෑව ජාතියෙද කොහෙද :-))

    ReplyDelete
    Replies
    1. කැම ජාතිය වෙනස් වුණත් අවසානේ රජා මාට්ටු වුනා නේ ,එක මදැයි ,

      Delete
  14. අර කතාව මරු..

    කලබල නොවී ලියාගෙන යන්න සහෝදර. කියවන්නො එනව, යනව ඒව එහෙම තමයි කාට වුනත්.

    ReplyDelete
    Replies
    1. කලබලයක් නෙවෙයි,රටාව අවුල් ද කියලා හිතුණා අයේ බලනකොට

      Delete
  15. හිට්ස් බලාගෙන ලියනවනම් ලියන්න එපා...

    ReplyDelete
    Replies
    1. මාතලන් හිට්ස් බලන් වැඩ කරනවා නම් මට පහු ගිය කාලේ හොදට ඒදේට අවස්ථාව අවා ...

      මට හිතුණෙ ලියන දේවල් කියවන අයට හරියට යන්නෙ නෑ වගේ දෙයක් ,

      Delete
  16. කව්දෑ බාං සහෝදර තුමා ඕව ගනන් ගන්නෙ...
    ඕව ගන්න් ගන්නව නං මෙලාකට අපි බ්ලොග් තෙරුවාව නවත්තල ගොඩක් කල්...
    ඔය අනම් මනන් නැතිව ලියනන අනේ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කෙරුවාව අත්හරින්නම නෙවෙයි ,
      මහේෂ් ලියන දේ මිට වඩා කාන්දු වෙන්න ඕන කියලා හිතුනා ..

      Delete
  17. අනේ සහෝදර පුත්‍රයා....... මොකක් ද ඩෝ අන්තිමට කියල තියෙන්නෙ ......????
    මොකුත් අහගන්නෙ නැතිව ලියපං .....
    කමෙන්ට් කරන එවුන් කමෙන්ට් කරයි.... නැති එව්වො කියවල යයි.... ඒ එව්වන්ගේ නිදහස....

    ReplyDelete
    Replies
    1. අවසානඑක ගැන හිතන්න එපා කෙන්ජි මාමෙ
      ලියන එක හරි ,මට කමෙන්ටු වලත් නෙවෙයි අවුල ,නිදහස් කතාවත් ඇත්ත ,එත් මං ලියන දේ හරියටම කියවන කෙනාට යන්නෙ නැත්දෝ කියලා හිතුණා

      Delete
  18. මොන මගුලක්ද බං මෙච්චර පොඩි කතාව දෙකට කැඩුවේ.

    මේ කතාවේ නම් ඇත්තටම "කුඩු කෑ විත්තිය"

    ReplyDelete
    Replies
    1. දෙකට කඩලා නෑ ,කතාව ඉවරයි ...අවසානේ කියන්නෙ නැතුව ඉතුරු කරා කවුරු හරි කියයි කියලා හිතලා

      Delete
  19. Anonymous4/02/2014

    උඹට මොනවාද ඕනේ....කෙලින් කියපන් හොඳ කොලුවා වගේ..........උඹ අපේ සහෝනේ....

    ReplyDelete
    Replies
    1. හැක් .....මොනවා කියන්නද මන්දා ... :)) සතුටුයි ඈ

      Delete
  20. අඞෝ..සහෝදරයා උබව හොය හොය හිටියේ ඔන්න අද ඉදලා මමත් ඵනවා

    ReplyDelete
    Replies
    1. ඈ ...මාව හෙව්වා ..හැක් ,නියමයි ,සතුටුයි

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.