28 April, 2014

වැරදුණු දඩයම ....

අම්මෙ ...අම්මෙ ...
මොකෝ බොල...බෙරිහන් දෙන්නෙ නැතුව කියපන්කෝ ..
අන්න අම්මට හංදියේ කඩේ මුදලාලි කිව්වා ණය පොත බෙරන්න කියලා ...නැත්නම් අයේ බඩු දෙන්න බැරිලු ..හවස ඒ පැත්තෙ ඇවිත් යන්න කිව්වෙ ..

අබරන් මිය ගොස් දැනට තුන් මාසයක් ගෙවි අහවරය ...ඔහු ගේ මිය යාමත් සමග දරුවන් තිදෙනෙකු ගේ බර සිරියාවති ගේ හිස මත වැටුණෙ කබලෙන් ලිපට වැටුණාක් මෙනි ...එදා වෙල සරිකර ඔවුන්ට එකම ආදායම් මාර්ගය වුයේ අබරන් අන්දිරිස් මුදලාලි ලඟ වැඩ කර දෛනිකව ලබා ගත් මුදල පමණි ......

මුදලාලි මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බෙ ,එක ගැන කතා කොර ගන්න කියලා අවේ මුදලාලි ...

උඹල ගේ ණය දැන් රුපියල් පන්දහකට වැඩී .....ඔක ගෙවලා දැම්මොත් නරකද?

අනේ මුදලාලි මුදලාලි නොදන්නවා යෑ අපිට පහු ගිය ටිකේ වුණ කරදර ....

හ්ම්ම් ....හ්ම්ම්ම් ....මං නොදන්නව ඈ බන් අබරන් නැති වුණ එකෙන් බොලාලට උණ විපැත්තිය.....මටත් උණේ සුලුපටු හානියක් ද බොලව්...උඹ වරෙන් අපේ දිහෑ ,හාමිනෙත් උදව්වට එකියක් හොය හොයා උන්නෙ ....ගිහින් හාමිනේ හම්බෙලා කතා කර ගනින් ......

හොදමයි මුදලාලි .....මං හාමිනේ එක්ක කතා කරලා බලන්නම් කෝ ...

වැඩ කොරන විදියට ඔය ණය තුරුස් ටිකත් කපා ගන්න බැරියැ ....අබරන් මගේ ලග සැහෙන කාලයක් හිටි එකා වෙච්චි ...

සිරියාවතිගේ හිතේ ගින්න මදක් හෝ නිවා දමන්න මේ පුවත ප්‍රමාණවත් විය..

අම්මා දැන් හෙට ඉදන් යනවද අන්දිරිසා ලගේ ගෙදර වැඩඩ ....

නැතුව..උඹලට කන්න දෙන්න මහා එකා කියක්වත් ඉතුරු කරලා මැරිලා ගිය ද ?බීලා බීලා මැරිලා ගියා මිසක්

ජීවත්ව සිටි කාලයේදී පවා අබරන් හා සිරියාවති නිතර නොහොද නොක්කඩු කම් තිබුන බවට ගමේ නොරහසකි.අබරන් සිරියාවතිට වඩා විසි අවුරුද්දක් පමණ වයසින් වැඩි පුද්ගලයෙකු විය....බෙබදු හා සූදු අන්තුවෙකු ලෙස ජිවිතය ගතකල ඔහු අඩ සියවසක් ගෙවා මිය පරලොව ගියේ ද සූදු පොලක ඇති වු ගැටුමක් හෙතුවෙනි...

සිරියාවති දැන් අබරන් මුදලාලි නිවසේ වැඩ කටයුතු භාර ප්‍රධාන සේවිකාව විය.මුදලාලි හාමිනේ ගේ සිත තුටු වන පරිද්දෙන් කටයුතු කිරිම නිසා ඇයට වැඩි සැලකිලි හිමි විය ...

සිරියාවති .....කෝ මේ අපේ හාමිනේ ...කොහේ හරි ගිහින් ද ?

වත්ත පහල පොල් කඩන උන්ට තේ අරන් ගියා,මට දවල්ට බත ලිපේ තියන්න කියලා .....ඇයි මුදලාලි මහත්තයෝ ....මොනවා හරි ඕනද ?

නෑ ....නෑ ..ඔන්න ඔය වතුර විදුරුවක් දියන්කෝ මෙහෙට ....හරි තිබහයි .....උගුර කට වෙලිලා ගිහින් මේ දවස් වල ......

දැන් සිරියාවති ගේ දරුවෝ එහෙම කොහොමෙයි ?තාම ඉගෙන ගන්නවා ඇති ...

ලොකු කොල්ලව මිල්ලැවේ අයියලා ගේ ගෙදර ඇරියා වඩු වැඩ ඉගෙන ගන්න කියලා ....දෙවැනි කෙල්ල උන් ගේ පුංචි අම්මා එක්ක මහ යායේ නැවතිලා එහේ ඉස්කෝලෙට යනවා...පුංචි එකා ගමේ ඉස්කෝලෙට යනවා මහත්තයා ....

ආ ......එහෙම ද?......හොදයි හොදයි ....ඔය වැඩ ටික අහවර කරපන් කෝ .....


රෑ කුප්පි ලාම්පු එළිය නිවා දමා නිදි පැදුර එලා ගත් සිරියාවතිට කුස්සිය පැත්තෙන් වෙනදා මෙන්ම එදිනද සද්දයක් ඇසිණ...

කවුද ...එළියේ ඉන්නෙ ....මේ රෑ කරදර නොකර ගියොත් හොදයි ...

කෑ ගහන්න එපා සිරියාවතියෝ  මේ මන් ...දොර ඇරපන් පොඩ්ඩක් ...

කවුද මං කියන්නෙ ....

මං අන්දිරිස් මුදලාලි බොල...

හානේ මුදලාලි ...මොකෝ මේ රෑ ...තුවක්කුවත් අරන් 

දඩයමේ ගියා බන් .....හරි තිබහයි ....ඔන්න ඔය වතුර එකක් ගනින් බොන්න ..උගුර කට වෙලිලා මේ දවස් වල ...

මොකෝ බන් මේ කෑ මොර දෙන්නෙ ....

නෑ මුදලාලි ..රෑ තිස්සෙ එක එකා දොරට තට්ටු කරනවා,අර මනුස්සයා නැති උනා විතරයි කරදර ,මං ලොකු කෙලිටත් මෙහෙ එන්න එපා කියලා තියෙන්නෙ ඔය නිසාමයි ...

හ්ම්ම්ම්....හ්ම්ම් ... සිරියාවති .....දැන් උඹේ මනුස්සයත් නැති වෙලා හය මාසේකටත් වැඩි ..උඹට තාම ඒ හැටි වයසකුත් තියේන එකක් ඈ ...නරකද තව අතක් එහෙම බැලුවොත්......

අනේ මට මොන කසාද ද මුදලාලි ...ඔන්න ඔහේ මේ ඉන්න ටිකත් ඉන්නවා ........

විශාල හඩක් නංවා අකුණක් සිරියාවති ගේ නිවස ඉදිරිපිට තිබු පොල් ගසට පාත් විය ....

මහ හයියෙන් වහිනවා නේ බොලන් ....වැස්සක් කොහෙන් පාත් උනා ද ...දැන් යන්න විදියකුත් නෑ ....

එදා රෑ ඇදහැලුණ මහ වැස්ස සිරියාවති ගේ නිවසේ වහලයට ඔරොත්තු දුන්නෙ නැත....වහලේ තිබු පොල් අතු අතරින් වැටුණු වැහි දියෙන් බිම තෙත් විය...

ලද දඩයමෙන් රස වැටුණු අන්දිරිස් නිතර දඩයමේ යැම සිදු කරත් පසු දිනම සිරියාවති තම දරුවත් සමඟ තම නෑනා වු රොසලින් ගේ නිවසේ නතර වී තිබිණ...

හාමිනේ..........හාමිනේ ............ 

මොකෝ බන් සිරියාවතියෝ .....හාමිනේ එපිට බැද්දෙ මහගෙදර ගියා තව දෙතුන් දොහකින් එයි ....මුදලාලි තමා අටවපු උගුල නියමාකාරයෙන් ක්‍රියා කරනු බලා සිටියේ නිසි වෙලාව එන තුරුය...

සිරියාවති ගේ හිත ඇතුලේද නැගෙමින් තිබුන ගින්න පුපුරා යන්න වැඩි වෙලාවක් ගත වුයේ නැත ....

මුදලාලි මෙන්න බෙලිමල් වතුර වීදුරුවක් ....බිලා හිටියා නම්

ආ.......එක හොදයි.....හොදයි ...එක හුස්මට බෙලිමල් විදුරුව ඉවර කර මුදලාලි සිරියාවති දෙස බැලුයේ ජයග්‍රහි විලාශයෙනි ......මද වෙලාවක් ගතවන විට අන්දිරිස් තමා අඩපණ වන බව දැනි ඇදෙහි නිදා ගත්තා පමණි,නිවසේ වැඩට සිටි සුමනදාස ගමේ වෙද මහතා ගෙන ආවද වැඩක් නැත....මුදලාලිට වචනයකුදු හෝ පිට කිරිමට නොහැක .......

වෙද මහතා නොයෙකුත් උත්සහා කලද දින දෙක තුනක් යනවිට ඔත්පලව සිටි මුදලාලි සතියක් යන්නට මත්තෙන් දැස් පිය වුණි .....ගමේ  නොයෙකුත් කතා පැතුරුණ ද නිෂ්චිත හෙතුවක් මේ පිලිබඳ  හෙලි නොවින......


22 April, 2014

ඇබ්බැහි වූ ජිවිතය .....

පලමු කංසා සුරුට්ටුව දල්වා ගත් මා මද වෙලාවක් අවට පරිසරය දෙස ඕනෑ කමින් බලා අයේ සුරුට්ටුව මුවේ රුවා ගතිමි.දුම් වලා එකිනෙක අවට හුලග සමග මුසුව විසිරි කුඩුපට්ටම් වී අතුරුදන් වී යයි .එදා මෙදාතුර දැක්ක ලොකුම හීනය,දුම් වලලු සමගම කුඩු පට්ටම් වනවා මෙන් හැගින....

මචං අපි යමු නේද ???වැඩක් නෑ තව මෙතන බලන් උන්නා කියලා ..
තව ටිකක් ඇවිදලා බලලම යමු ...

දෙවන කංසා සුරුට්ටුවද මා නොදැනුවත්වම ඕතා අවසන්‍ ය ....

උඹට ඔය මදිද?නවත්වපන් ඔක ... අපි යමු ....තව මෙතන හිටියා කියලා වැඩක් වෙන එකක් නෑ ... දැන්පැය කියක ඉදන් මේ කොටේ උඩද?යමන් බන් මෙක නැති උනා කියලා අයේ මේ ලංකාවේ වෙන නැතුව ඈ ...

හ්ම්ම්ම් ..උඹත් හරි ....අපි පස්සෙ දවසක බලමු ...

ගොඩක් කාලයක් ඉදලා බලාගෙන ඉදලා අවසානේ හම්බ වුණා,ගැලපෙනවා කියලා තෙරුණත් ලබා ගන්න ලෙසි නෑ කියලා හොදට තෙරුනා ..

**************************************************************************
මං හිතන විදියට අපි හැමෝටම ඉලක්ක තියෙනවා,ඒ ගැන හින තියෙනව,එවා ලබා ගන්න ක්‍රම හොයා ගන්න වෙහෙසෙනවා.මේ ගැන මට මතක් වුණේ මේ ලගදි මං එක දිගට කරපු වැඩක් නිසා .අපි පුංචි කාලේ එක එක හින දකිනව,මං නම් දැකපු හීන කොච්චර ද කියලා මතක නෑ,හැබැයි ඒ දකින දේවල් හරිම තාවකාලිකයි.තව කාලෙකින් අයේ අලුත් හීනයක් එහෙමයි උනේ ඒක නිසාම හීන තිබුණ ද කියලත් මතක නෑ.

කෝම වුණත් දැනට ඉලක්ක තියෙනව එවා ලබාගන්න උත්සහ කරනවා,ඒ වෙනුවෙන් මහන්සි වෙනවා ඒ දෙවල් සාර්ථක වෙනවා දකිද්දි ලැබෙන්නෙ අමුතුම සතුටක්,කෝම උනත් තරමක කාලයක ඉදන් දැක්ක ලොකුම හිනය ඉලක්කය උනේ ගොවිපලක් ආරම්භ කරන එක මිනිස්සු කෘෂිකාරමාන්තයට හිනා වෙන කාලයක් තිබුණා,සම හරක් දැනුත් එහෙමයි ඒ කන බත් පත ගැනවත් නොදන්න මිනිස්සු වෙන්න ඇති,මොකද කවුරු හරි වගා කරොත් තමා කන්න ලැබෙන්නෙ,එ වෙනම කතාවක් ....

කොම වුනත් මං ගොවිපළක් පටන් ගන්න ඕන නිසා බිංදු ජලසම්පාදන ක්‍රම ගැන,හරිතාගාර වගාව,වේළද පොල ගැන වගේ දෙවල් ගැන හැම වෙලෙම අවධානයෙන් හිටියා.නමුත් ඒ වැඩෙට සරිලන ඉඩමක් තිබුණෙ නෑ,සල්ලි තිබුණෙත් නෑ අඩුම තරමේ මගේ ඔලුවේ තිබුණේ අක්කර පණහකින් වත් වැඩේ පටන් ගන්න.සුදුසු ඉඩමක් ගැන මේ ලඟදි ඔත්තුවක් ලැබුණා,කිව්ව ගානත් සාධාරණයි.එත් ගියාම එ මනුස්සයා ගාන වැඩි කරනවා,තව ගැනුම් කාරයෝ ඉන්නවා කියනව..මට තෙරුණ විදියට මං මනුස්සයට කිව්වා මේ ඉඩම අරන් කරන්න යන වැඩේ ගැන,ඇත්තටම මං ඉඩම ගත්තත් ගොවිපළ ප්‍රාතිහාර්යකින් වගේ මතු වෙන එකක් නෑ,එකට අවුරුදු හතරක් ,පහක් වගේ කාලයක් යනවා...එත් මට තෙරුණේ මං ඒ මනුස්සයට මගේ ඔළුවේ තිබුන සැලැස්ම කියපු එකෙන් කර ගත්තෙ ලොකු මෝඩ කමක් කියලා,මොකද මගේ ඉලක්කය සපුරා ගන්න තිබුණ අවස්ථාවක් ....

පස්සෙ මට හිතුනා මං කියපු දේවල් අහන් ඉදලා කැලේට වැදුණ ඉඩමෙන් මේ මනුස්සයා වැඩක් ගනි,මං මේ අනුන්ගේ දෙයක් ගැන දුක් වෙනවා විතරයි කියලා,මට ඕන කියලා ඒ මනුස්සයා ගෙන් බලේන් ගන්නත් බෑ,අනික මට කවදා හරි හොද රැකියාවකට යන්න පුළුවන්,ඒ මනුස්සයා දන්නෙ මේ දේ විතරක් වෙන්න පුළුවන්,මට ඉඩම දිලා මොනව කරන්නද කියලවත් මේ මනුස්සයා ලග අදහසක් තිබුණේ නෑ.

එත් මගේ මේ ඉලක්කය ගැන සිතුවිල්ල මේ කඩාවැටුණත් නැති වුණේ නෑ.ටික දවසක් දුක් වුනත් අයේ ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා ..මං ඒ දේවල් වලට තදින්ම ඇබ්බැහි වෙලා කියලා තෙරුණා.කොටින්ම ඒ ඇබ්බැහි වීම තුලින් තමා යම් සාර්ථකත්වයක් ලැබෙන්නෙ කියලා තෙරුනා

 සටහන:-
මට හිතුන විදියට මොන තරම් දෙවල් ලැබුණත් හිතේ සතුට තියෙන්නෙ අපි දකින හීන,ඉලක්ක සපුරා ගන්නා තරමට..අපි කරන්නෙ සමහර වෙලාවට අපි කැමැති දේවල් නෙවෙයි ඒ දේවල් වල අපේ ඉලක්ක හීන අංශු මාත්‍රයක්වත් ගැවිලාවත් නෑ,එත් ඒ දේවල් කරන්න ඕන...ඇයි ???????
 
ප.ලි 
ඔබ ලිවු මේ හා සැබැදි ලිපි ඇත්නම් එක් කරන්න.එය කියවන අයට පහසු වනු ඇත.අවංකව හිතෙන දේ ලියලා තියන්න.එක හොද නරක විය හැකිය.

17 April, 2014

පවුලක කතාවක් .....

පිටර් ගමේ සිටී හොදම වඩු බාස්‍ ය.සවස් වන විට සයිඩර් ටිකක් කටේ තබා ගන්නා පිටර් නියන ඉනහි රුවා ගෙන සතර දෙසට ඇසෙන්න කුණු හරප සිංදු කැලි කියමින් නිවසට එම ගමේ අයට සුලභ කරුණකි.වයිසින් අවුරුදු පනහක පමණ දේහධාරි පුද්ගලයෙකු වු හෙතෙම,මත් පැන් හා දුම් වැඩි නිසාම වැහැරී,කුදු ගැසි සිටියා ය.නිතර මගතොටේ දී පිටර්ව මා හට හමු වන්නෙය,ඔහු නිතරම බිඩියකින් උගුරු දෙකක් පමණ බී ඉතිරිය කනෙහි රුවා ගනි.නිල් කොටු කොටු සරමක් හා බැනියම සමඟ පරණ කෝට් බෑය ඔහු ගේ නිල ඇදුම මෙන් විය .යතු කැටය හා වේනත් වඩු උපකරණ එකට තබා පසු බැදගත් මල්ලක් සමග බයිසිකලයෙන් ඔහු නිතර ගමන් බිමන් යෑම සිදුවිය.ඔහු මගතොටේ දී හමුවූ විට ..

පිටර් මාමේ අද වැඩ නැතේයි .... 
අද උඩහනැක්කේ  වැඩ කොලා පුංචි මහත්තයා ,වරුවේන් වැඩ ඉවර කරා ....
එහෙනම් පිටර් මාමා ඔය යන්නෙ ලුසියා ගේ දිහා වෙන්ටෑ ...
නෑ ...මං මේ අබරන්ලා ගේ පැත්තෙ යන්න කියලා ...
පුංචි මහත්තයා අපේ ගෙවල් පැත්තෙ ගියේ නැතෙයි ...
නෑ පිටර් මාමේ යන්න හිටියේ යන්න වුණේ නෑ නොවෑ ..
අන්න පහල වෙලේ කොල්ලො සරුංගල් යවනවා,මං දැක්කා අපේ එකත් එතන ඉන්නවා ...
හැබෑද ...එහෙනම් මාත් හැන්දෑ වෙලා යන්න ඕන ...
ඇගපත හරියට ඇදුම් කනවා නොවෑ දවසේම ලී දඩු එක්ක ඔට්ටු වෙලා ....මං ගොහින් එන්නම් පුංචි මහත්තයා..

පිටර් ගේ බිරිද ජොසපින් ය.ඇය වයස තිහක පමණ මැදි වියේහි කාන්තාවක් විය.රූපයේන් ඉතාම ලස්සනට තුරුණු සමයේ සිටි බවට ලකුණු තවමත් ඈ සතු විය.දරුවන් සිවුදෙනකු පවුලේ විය.ඉන් වැඩිමල් පිරිමි දරුවා මා එකම වයසේ පසු විය.තවත් මට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ අඩු නැගනියක් හා අවුරුද්දක් පමණ වයසැති නිවුන් සොහොයුරන් විය.ජොසපින් ගේ ප්‍රධාන අදායම් මාර්ගය කිරි කැපිමය.ඇය අපේ නිවසට උඩින් තිබුණු රබර් ඉඩමේ කොටසක කිරි කැපිය.ඇය කිරි බාල්දිය හිස මත තබාගෙන යනු  මා නිතරම දකි.මා පිටර්ලා ගේ නිවසට යන්නේ ලලිත් හමු විමටය.ඔහු හා මා හොඳ යහළුවන් විය.දෙදෙනාම විභාගයට මුහුණ දී ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටියාය. ඇය ගේ නැගනිය ද මා හා ඉතාම කුළුපග මිතුරියක් විය.

අන්න ප්‍රතිඵල ඉස්කෝලෙට ඇවිත්ලු ....ගිහින් බලන් අවා නම්...දිනක් අම්මා කියනු ඇසිණි ..මාගේ ගත පණ නැති වී ගියා ය.මා සැනකින්  සුදානම් වී ලලිත් බලන්න ගියා ය.ඔහුටද ඒ වන විට ආරංචිය ලැබි තිබිණ.දෙදෙනා කැටුව ගොස් ප්‍රතිඵලය බැලිය.දෙදෙනාම විභාගය සමත්ව උසස් අධ්‍යාපනය ලැබිමට හැකි බව ගුරුවරුන් ගේ එකම පැතුම විය.දින කෙමෙන් ගෙවි ගියා ය.ලලිත් සැමට හොරෙන් හමුදාවට බැදුණු බවට ආරංචි ගම පුරා පැතිරිණ.ලලිත් මා හා එම කතාව සත්‍ය බවට තහවුරු කලාය.දැන් ලලිත් හමුදාවට බැදි යම් මුදලක් නිවසට එවයි.දැන් ජොසපින් රබර් කිරි කපන්නෙ නැත.ඇය නිවසට වී කාලය ගත කරයි.

පහල වෙලේ බැද නැති ලිදක් විය.එහි දිය ගන්නෙ අපිත් අපේ වත්ත අසල සිටි පිටර් පවුලේ අයත් පමණි.දිනක් මා හට ජොසපින් ලිද ලගදි මා දිය නාන අතරතුර හමු විය.වෙනදා මෙන් නොව ඇය දැන් කතාව හා හැසිරිම අමුතු වෙලාය,නිවසටම වී කාලය ගත කරන නිසා දෝ ලස්සන ද වැඩි වී අති බවට මට හැගිණි.ඇය කියන කතාවල අරුත් කුමක්ද යන්න යම් තරමක් තෙරුණු නමුත් මා ඊට පිළිතුරු නොදි යන්න ගියා ය.

**************************************************************************
කාලය ගෙවි ගියාය,මා ගමින් පිට විය.ගමට නැවත ආවේ අවුරුදු දින වලට හෝ යම් විශේෂ නිවාඩුවක් ලැබුණු විට පමණි.එක් දිනක අවුරුදු නිවාඩුවට ගමට ගිය අවස්ථාවක දි ලලිත් මුණ් ගැසිණ,ඔහු දැන් වෙනදා මෙන් නොව කඩ මණ්ඩියේම වාඩි වී සිකරට්ටුව උරයි.ඇග පතද තරමක් විශාල වී තිබිණ.ඔහු හා නිවාඩුවට ආ තවත් යහළුවෙකු විය.ඔහු නලින් නම් අපට වඩා අවුරුදු දෙකක් පමණ වයසින් වැඩි පුද්ගලයෙක් වු අතර ලලිත් හා එකට සේවය කල අධික සුරාවට ඇබ්බැහි වු අයෙක් විය.

කාලයත් සමඟ නලින් නිතර ලලිත්ලාගේ නිවසට පැමිණිම ගමේ අයට පුදුමයට කරුණක් නොවින.ගමේ වුන් නලින් හා කමලා ඈදා විවිධ කතා ගොතා තිබිණ.නමුත් නලින් හා කමලා අතර එවැනි සම්බන්ධයක් නැති බවට මා විශ්වාස කලාය.ඔය අතර ජොසපින් හිටි අටියේ ගමෙන් අතුරුදන් වූ බවට ආරංචි විය,හැම දෙනාම සිතුවේ ජොසපින් පිටර් ගේ කරදර වලින් බෙරිමට තම ගමට ගියා කියාය.නමුත් හරි තොරතුරක් සොයා ගත නොහැකි විය.පිටර් ගේ බීම එන්න එන්නම වැඩී වී ඔහු ලේඩ ඇදට වැටින.මා අවුරුද්දට ගමට ආ දිනක ලලිත්ලා ගේ නිවස ඉදිරිපිට සුදු කොඩි ඇද තිබෙණු දුටුවෙමි.

අම්මෙ පිටර් මාමාටද අර කොඩි දලා තියෙන්නෙ ....
නෑ .නෑ ලලිත්ට නේ ඔය කොඩි දලා තියෙන්නෙ යන්න ඔව ගේ පිළිතුර විය...
මා උන් තැනම බිම වාඩි විය ....ආරංචි වු කතාව මෙසේය ,ජොසපින් ගමෙන් පැණ ගොස් ඇත්තෙ නලින් සමගය,ඒ බව ලලිත්ට සැල විමත් සමග නලින්ට වෙඩි තබා ඔහුත් වෙඩි තබාගෙන ඇත.මේ තරම් මෝඩ ක්‍රියාවක් සිදු කර ගත්තෙ ඇයි ද යන්න මා නිතර කල්පනා කලාය.පිටර් ද ලෙඩින්ම ඊට ටික දිනකින් මිය පරලොව ගියේය.

මා අධ්‍යාපන කටයුතු හමාර කොට ගමට ආ දිනක උඩ රබර් කොටසේ තරුණ ලදක් රබර් කිරි කපනු පෙනින ...මල් මල් චිත්තයක් ඉන වටා ඔතාගෙන හිටි ඇය පිට දිගට තෙක් ගෙතු කොණ්ඩයක් විය.

අම්මේ කාටද උඩහ රබර් කැල්ල දුන්නෙ කිරි කපන්න ...
පිටර්ලා ගේ පවුලටම තමා ......ඇයි පුතා ඇහුවේ .
නෑ ..නෑ මුකුත් අම්මේ ....මං දැක්කා කවුද ගෑණු කෙනෙක් කිරි කපනවා උඩහ කැල්ලේ ...
ආ ....එ කමලා නේ ...
මොකක් ...ඒ ලලිත්ලා ගේ නංගි ද ?
ඔව් ..එ කෙල්ල තමා .....
කමලා බැදලද ..අම්මෙ ....
ඔව් ඔව් ..අර  උඩහා වින්කලයක් කරපු සුමනදාසයාව නේ බැන්දේ ..දැන් දරුවෙකුත් ඉන්නවා....අර කොල්ලො දෙන්නත් බලා ගන්නෙ ඒ කෙල්ල තමා
අර වයසක සුමන්දාසයාව ...මේ අපේ කමලා බැන්ද ද ?

11 April, 2014

ආච්චි අම්මා ගේ කොණ්ඩ කැවුම් සහ අපේ අම්මා




සිංහල අලුත් අවුරුද්ද ලග ලගම එනවා.කැවුමක් කන්න  තියෙන හොදම කාලේ තමා අවුරුද්ද.කැවුම් කිව්වාම මුං කැවුම්,කොණ්ඩ කැවුම් ,තව ජාතිත් ඇති.මං නම් ආසම කොණ්ඩ කැවුම් කන්න,එකෙත් බුරිය කොටස කන්න තමා වැඩියම ආස කරේ,තොරලා ගන්නෙ බුරිය උඩඩ තියේන කැවුමක්.

අපි ඉස්සර අවුරුද්දට අපේ අම්මලා ගේ මහ ගෙවල් තියෙන කළුතර යනවා.මං නම් වැඩියම යන්නෙ ආච්චි අම්මා හදලා දෙන කොණ්ඩ කැවුම්,ආස්මි කන්න.හිටිය ලොකු මුණුබුරා විදියට ආච්චි ගෙන් මට ඉහල සැලකුම් ලැබුණා.ආච්චිට මං ඇමතුවේ ගමේ ආච්චි කියලා.ආච්චි කොණ්ඩ කැවුම් හැදුවේ කිසිම අච්චුවක් නැතුව කෙලින්ම තාත්චුවට පිටි මිශ්‍රණය වක් කරලා.ආස්මි හදන්න හාල් පිටි කොටන්න මං දන්න තරමින් කවදාවත් මෝලකට ගියේ නෑ.ගෙදර තිබුන ගල් වංගෙඩියෙන් තමා පිටි කෙටුවේ.කොටලා රෙදි කැල්ලකින් ගලා ගන්නවා.පිටි කොටන්න ගන්නෙ පිල්ල තියේන මොල් ගහකින්.ඔය පිල්ල තියෙන මොල් ගස් වලින් ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස් වලට ගෙඩි හැදෙන්න කියලා අමාවක දවස් වලට අනින කෙමකුත් තියෙනවා.ආස්මි හදන එක ටිකක් අමාරු වැඩක් .ආච්චි මං හින්දාම කොණ්ඩ කැවුම් හදලා දෙනවා ඒ තරම් මට ආදරේ.


අම්මලා ගේ මහ ගෙදර සිංහල උළු වහලා තිබුණේ,වටේටම රබර් වතු.ආච්චි ගෙදර පිටි පස්සෙ තිබුණ පොඩි පිලක් වගේ කොටසක බැරල් එකක පියනක් උඩ  කබොක් ගල් තුනක් තියලා ලිපක් බදිනවා.එකේ තමා කැවුම් හදන්නෙ පැණි එහෙම දලා මිශ්‍රණය හදාගෙන,වැඩේ පටන් ගන්නවා.ඉස්සෙල්ලාම හදන කැවුම් අරන් තියනවා,කොණ්ඩය ගන්න ආච්චි පාවිච්චි කරේ කිතුල් කුරක් ,එක කැවුම් හදන්න පාවිච්චි කරපු එකක්.ආච්චි පිටි මිශ්‍රණය තාත්චුවට දාන විදියෙන්ම තරමක් බුරිය උඩඩ එනවා,ඒ තරම් පුරුද්ද තිබුණා.සාමාන්‍යයෙන් කැවුමක බුරිය අගල් එක හමාරක් විතර ගන්නවා.රත්තරන් පාටයි කැවුම නියම විදියට තෙලේ බැදුණාම,ආච්චි කැවුම් වල සීනි පදම බලන්න දෙන්නෙ මට,කොණ්ඩ කැවුම් මැද කොටස බැදෙන්නෙ නැතුව වටෙට කළු වෙනවා කියන්නෙ සීනි පදම වැඩි.එහෙම බලන්න දුන්නට ආච්චිට කවදාවත් පදම වැරදුණේ නෑ.හොදට බැදුණ කොණ්ඩ කැවුම් බලන්න ලස්සනයි,වේවැල් ගොට්ටකට තමා බදින කැවුම් දන්නෙ තෙල් බෙරෙන්න.කැවුම් ගෙඩියක් සීනි නැතුව කහට කොප්පයක් එක්ක බොණ එක නම් රසවත් වැඩක්.

ආච්චි අම්මාට දුවලා හතර දෙනෙක් හිටියා,ඒ කියන්නෙ මං පොරට පුංචිලා තුන් දෙනෙක්.මේ කතාවේ අම්මා ගේ කොටස සම්බන්ධ වෙන්න මෙහෙමයි දැන් ඔය හිටපු දූවරුන් ගෙන් තුන් දෙනෙකුටම හොදට කැවුම්,ආස්මි එහෙම හදන්න පුළුවන්.වැඩේ තියෙන්නෙ අපේ අම්මාට හොදට රසට උයන්න පුළුවන් උනාට ඔය කෑම ජාති දෙක හදන්න බෑ,මොකද අම්මා කරලා තියෙන්නෙ ඒ කාලේ ඔවා හදන්න ඉගෙන ගන්න එක නෙවෙයි පාඩම් කරපු එක.ඔක පොඩි කාලේ  මට ඒ තරම් දැනුනේ නෑ ආච්චි අම්මා හිටපු නිසා,මං වයස අවුරුදු නවයක් දහයක් විතර කාලේදි ,ආච්ච් අම්මා අඩු වයසින්ම ඇස් දෙක පියා ගත්තා.කොණ්ඩ කැවුම් එහෙම අයේ කාලේකට කන්න බැරි උණා කොම හරි පුංචි අපේ ගෙදර ආව වෙලාවක මිශ්‍රණය අහගෙන අම්මා හදන්න පුරුදු වුණා.එත් මං ආසම බුරිය නැතුව.අපේ තාත්තාට ඔවා ගැන වැඩිය හෙවිල්ලක් නෑ,තියෙන දෙයක් කලා ඉන්නවා.එකට එක්ක මං පොර හිටියා නේ වද දෙන්න.කොම හරි ඔය කැවුම් වදේ වැඩි වුන දවසක අපේ අම්මා බැණ්නා බැදපු දාක වයිපරෙට කියලා හදවාගෙන කන එකයි තියෙන්නෙ මට වද දෙන්නෙ නැතුව කියලා.එත් ඒ වැඩේටත් වෙන්නෙ මේ වැඩේමයි කියලා තව ටික කාලේකින් තෙරෙයි මං පොරට.

අම්මා කෙනෙක් දුවක් හදනවා කියන්නෙ මහා රාජකාරියක් වෙන්න ඇත්තෙ මේ වගේ දෙවල් වුණත් අම්මා ගෙන් දුවට දෙන දැවැදි වගේ දෙවල් කියලා අතිතේ ඉදලා කියලා තියෙනවාලූ නේ.දැන් ඉන්න ගොඩක් අයට බුරිය ගන්න බෑ,ඉතිං ඔවා වැඩක් නෑ කියලා හිතෙයි එත් හැමදෙම වටිනව ඉගෙන ගත්තොත්.

හැමොටම කිරි පැණි උතුරණ සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!!!




ප.ලි
ඊයේ දිනයේ මෙක ලියන්න හිටියේ එත් මෙච්චර සංසුන් මටත් තරහා ගියා.තරහා පාලනය තව අවශ්‍ය බව ඉගෙන ගත්තා.


10 April, 2014

අවුලවා ගැනිම හා ඇවිලිම

ලියන්න හිටියේ අවුරුදු කතාවකි එත් ප්‍රවෘත්ති දැක්කාම අවුරුදු රෙද්ද පල්ලෙන් බැස ගියා ය.උදේම බුකියේ සැරි සරන්නෙ මහා වීර ක්‍රියා වලට තුති ය.මේ වගේ වැඩ වලට තුති කරන උන් නම් බුකියේ ඉන්නෙ බුකිය තහනම් කර දැමිම වඩාත් රටට සුභ දායකය.සරල දේ නම් මේ රට කාගෙද කියාය,මේ රටේ නිතියක් නැතිද යන්න ය.මං බෞද්ධ ධර්මය පිලි ගන්නා පුද්ගලයෙකි.නමුත් දැන් දැන් මේ වන බෞද්ධ පිබිදිම කියා නටන පිස්සුව නිසා පන්සලක් පැත්ත පාළාතේ යන්න හිතෙන්නෙ නැතිය.අනුන් ගේ එකා හදා ගන්න කලින් තමන් ගේ එකා හදා ගනින් කියා අපේ ගම් වල  කතාවක් තිබුණේ නිකමට නොවෙය.

ප්‍රභාකරන් මැරුණ වෙලේ උගේ පොඩි පුතාත් කොටියෙක් කියා හංවඩු ගැසු අපි,එයද කිරිබත් කැමට කරුණක් විය.එහෙව් අපි දැන් එක් විදියට ප්‍රභාකරන් ඒ වැපිරු නරුම ජාති වදයම වපුරවන්න උඩ ගෙඩි දෙනවා නොවෙද?රටේ නිතිය සිංහලයාට,දෙමළ අයට ,මුස්ලිම් හෝ අන් ජාතික අයට වෙනස් වෙනස් සැලකිලි දක්වන බව සදහන් ද?රටේ එක පැත්තකින් සිංහල මිනිස්සු රක්ෂිත ඕනෑ තරම් කපා පදිංචි වෙයි.එහෙනම් උපන්දා සිට ඉන්න අනික් ජාතින්ට අපේ රටේ පදිංචි වෙන්න අයිතියක් නැත්ද ?

හැම වෙලේම පරයා කියයි.මං දන්න තරමින් නම් පරයා කියන්නෙ අපේ නොවන,මෙන් තෙරුම් දෙන පහත් වචනයකි.අපි දැක්කෙ නම් මීට වෙනස් සඝ පරපුරකි.දැන් දැන් අපේ ගම් වල හමුදුරු වරුන්ට ද සේනා බලයේ රස වැටි රගපාන්න පටන් ගෙනය,ගමේ පන්සල ගමේය එහෙම නැතුව අපේ දානේ ටික හොදට වලදලා රැස් පෙන්නන හමුදුරුවරුන් ගේ නොවෙය.රහත් වෙලා යැයි දෙසා බාන ඇයෝ ගැන මේ බලසේනා නිහඬය,රටේ නිතිය ද මෙවාට නිහඬය .

අවසානේ වෙන්නෙ අපේ රටේ තලෙබාන් වරුන් අත නොතැබීම නම් කාට කිව හැකිද?දෙමළාට ඉන්දියාව පමණක් සිටිය ද තම්බියාට සැහෙන්න සල්ලි ගලන් එනු නොඅනුමානය.ඉතිං ඔය අස්සෙ ඉන්න ජාති වාදින් අරගල කර ගත්ත දාට,එදාට ඔය කවුරුත් අණ දෙනු ඇත.එහෙත් පපුව දෙන්න ඕන අහිංසක කොල්ලන් ය.උඩ පාලනය කරන ඇයෝ මේ වෙන දෙවල් වලට සතුටු වෙනවා ඇතිය.නැතිනම් මේ වැඩ පාලනය කල නොහැකිද ?

බුදු රාජුන් පවා රජ්‍ය නීතියට ඉහලින් ගියේ නැත.සිංහල බෞද්ධ කම කියන්නෙ චන්ඩි පාටි දැමිම නම් මේ වැඩ සාධාරණය.අනිත් අයට ගරු කරන්න කියා දෙන්න යන අය තමන් ගේ අයට ගරු කරන්න ඉගෙන ගැනිමක් තිබෙද යන්න පෙනෙන්නෙ නැත.

ප.ලි 

තව ලියන්න හිතෙන්නෙ නැතිය ලිව්වොත් මේ මමත් තබ්බියෙක්ගෙන් සල්ලි ගත්තා කියා නැවත පොස්ටුවක් දමනු ඇත.කෝ අර සහෝදර කියන පරයා,මෙහෙ අරන් වරෙන් ඕකාව,කියපිය මං සිංහල බොගි තම්බියාට පවා දුන්නා එකට මුලු සයිබරයෙන්ම සමාව ගන්නවා කියා ප්‍රකාශ කරන්න සිදු වනු ඇත.

සටහන :- 

එක් පසකින් බලසේනා වේ ඇතැම් වැඩ මං පොර පෞද්ගලිකව අගය කරමි.ඒ ගැන කිසිදු තර්ක නැත.නමුත් අපේ පන්සල් වල හමුදුරුවරුන් මල් පුජා කරන්නෙ ඇයිද කියාවත් නොදනිමි.ඉතිං ධර්මය නොදැන සිවුර උඩ යවා කෑ ගසුවා කියා ධර්මය රැකෙයිද මං පොරට නම් ලොකු ගැටළුවකි . 

අරූ  ලියූ පොස්ටුව  එකත් බලපු නැති අය බලන්න


05 April, 2014

හේනක,වාඩියක රැය පහන් කලෙමි


විභාග වැඩ ඉවර නිසාත් එක තැන ඉන්න බැරි නිසා කලින් සුදානම් කර ගත්ත විදියට හේනක රැයක් හිදින්නට මං පොර බට්ටා,ඇටයා සහා බටයා,අපේ නිවස ලගින් පිටත් වුණේ හවස හතරට විතර.කොම හරි මගින් ටවුන් එකෙන් අපි බැස්සා අඩුම කුඩුම ටිකක් අර ගන්න කියලා හිතාගෙන.හැම එකාම කොට කලිසන් ඇදලා කරේ බැග් දාගෙන හිටියේ.කොම හරි ටවුමේ ඉදන් ගමට යන්න  ඒ වෙලාවේ අයේ බස් නෑ.ඊට පස්සෙ ලහිරුවාට කොල් එකක් දැම්මා වීල් එක අරන් වරෙන් එක්කරන් යන්න කියලා.ටවුන් එකක් කිව්වට තිබුණේ සිල්ලර බඩු කඩවල් දහයක් විතර,හැබැයි බාර් දෙකක් තියෙනවා.තව හෝටල් දෙකක් විතර තියෙනවා.අපිට ඕන වෙලා තිබුණේ බාර් එකක් විතරයි.ඒ දවස්වල රතු බස්වල කාඩි එකට ඇදපු නිසාත් පංති වලට සල්ලි දෙන්නෙ නැතුව ගිය නිසා අතේ යහමින් සල්ලි තිබුණා.බොන්න ගන්න දේ තිරණය කරන එක තමා ලොකුම ගැටළුව,කෝම හරි බෝතල් දෙකක් ගන්න තීරණය කර ගත්තා,බ්‍රැන්ඩි බෝතයකුයි,වයිට් ලේබල් එකකුයි ගත්තා,දුම නම් එක මානපයෙන්ම ඩන්හිල් සුවිච් එක තමා,ගත්තා එකෙකුත් පෙට්ටියක්.මෙවා අරන් දැන් යන්නෙ හේන රකින්නලු.කෝම හරි ලහිරුවා අවා පොර ඇවිත් අහනකොට අපි බඩු අරන් ඉවරයි.

තව කොල්ලො ඉන්නවා මේ මදි මදි..උඹලා බොනවා නෙවෙයි නේ නානවා නේ ..හිටින් පොඩ්ඩක් කියලා

පොරත් ගත්තා ඇපල් බෝතලයකුයි,බියර් ටින් වගයකුයි.කොහොම හරි ටවුමේ ඉදලා ටික දුරක් යන්න ඕන ලහිරුලා ගේ ගෙදරට,හේනට යන්න එහේ ඉදලා තව කිලෝමීටර් පහලවක් විතර ඇති.අලි ඉන්න කැලේ.අපි ගියේ දෙසැම්බර් වල නිසා වැස්ස හොදට තිබුණා.නිතරම අහස බිරන් කර ගත්ත ගමන්,පොඩි පොඩි පොද යනවා.කොම හරි අපි බෝතල් ටික මගින් තියලා අපි ගෙදරට ගියේ.

පුතාලා පරිස්සම් වෙන්න අලි ඉන්නවා,මේ දවස් වල ඉරිඟු කන්න ආපු ......ලහිරු ගේ මවගෙන් උපදේස් සැහෙන ලබිණ.

අපි කොම හරි හවස හයට විතර හේනට යන්න පිටත් වුනා.යන්න තියෙන්නෙ කරත්තෙන්.එකේත් දෙපැත්තේ ඇදි නැති එකක්,බඩු අදින්න ඕන නිසා ඇදි ගලවලා.අපේ ගමනට තව කොල්ලො තුන් දෙනෙක් එක්කාසු වුණා ගමෙන්.ඔක්කොම අට දෙනායි.අපි අමාරුවෙන් ඇදි නැති කරත්තෙට වාඩි වුණා පිටට පිට හෙත්තු කරන්.එදා අහස බීරන් කරලා නිසා හදත් නෑ,හවස් වෙනකොටම ඇදිරි වෙලා.මගින් හංගපු බෝතල් ටික මං අර ගත්තා,මඤ්ඤොකා තම්බලා කොච්චි සම්බලයක් තලලා හදලා තිබ්බා,තව බත් පැකට් ගහලා දිලා තිබ්බා ගෝන මස් එක්ක.මං බෝතල් තියෙන බෑග් එක බදාගෙන මැදින් වාඩි වුනා.කිසිම එළියක් නෑ.ගුරු පාරට දාපු කරත්තෙ හරක් දෙන්නාට පිටට තට්ටු දෙකක් දැම්මා,හරක් දෙන්නා යනවා විදුලි වේගෙන්,ඇග හැමතැනම තේරෙන විදියට මඩ වදිනවා,එක පාරම කරත්තෙ වලක වැටුණා කළුවරේ කවුරු හරි කරත්තෙන් වැටුනා දැනුනා.ටෝච් එකක් ගහලා බලනකොට බටයා බිම වැටිලා ඉන්නවා,පොරගේ කකුල තුවාල වෙලා පොඩ්ඩක්.කළුවරේ වුනත් හරක් දෙන්නා පුරුදු වෙලා හිටියා හරි පාර දිගේ වාඩියට යන්න.

අපි වාඩියට තමා සෙට් වුණේ,පැල උඩට නැග්ගොත් අපි බිමට වැටෙන බව දැනගත්තා.වාඩිය මැද ගිණි මැලයක් තිබුනා තව දෙපැත්තෙන් ගහපු මැහි දෙකක් තිබුණා.මැහි හදලා තියෙන්නෙ පිට ලෑලි දලා,ඒ උඩ කදන් පොතු එලලා.ඔන්න හතර වටේටම හූ කියලා උඩඩ ටොච් එළි ගහලා අනික් හේන්වල ඉන්න අයට සංඤා දිලා අපි වැඩේ පටන් ගන්නකොට රෑ හත හාමාර විතර ඇති.මං ඉතින් මඤ්ඤොක්ක ටිකට වැඩේ දෙන්න ගත්තා,බෝතල් බලන් ඉන්න කොට හිස් වෙනවා.මං බ්‍රැන්ඩි එකෙන් පටන් ගත්තා.ඕන සබන් කැලි ටිකක් ගෙනත් තිබ්බා,එවත් ඕතලා ගත්තා ඒ අතරම.මං පොර බොහොම මානප මේ සබන් වලට තමා.(සබන්=ගංජා )අපි මුල්ම කාලේ ඔතන්න බැරි නිසා කරේ බීඩි අරන් එක මුලින් කපලා දෙවර්ගයම මිශ්‍ර කරලා අයේ අර බිඩියට පුරවලා පාවිච්චි කරපු එක.

කොම හරි රෑ වෙනකොට බෝතල් ඉවර වුණා හැබැයි බියර් එහෙම ඉතුරු වුණා,දෙන්නෙක් පාවිච්චි කරෙම නෑ .ඔන්න සිංදු එහෙම කියන්න ගත්තා වාඩියේ තිබුණ හට්ටි,මුට්ටි,වතුර ගෙනාපු බූලි එහෙම අරන්.ටිකක් වෙලා  යනකොට තැපැල් සේවය ක්‍රියාත්මක වුණා කස්ටියට කියවනවා මටත් හරි කියලා  තෙරුනා,ඔන්න එක කොල්ලෙක් ෆොන් එක අරන් මගේ ලගම ඉදන් මැසෙජ් යවනවා,මට පෙනවා යවන එවා

මේ කැලේට සිග්නල් නෑ බන් කාටද මේ රෑ මැසෙජ් කොටන්නෙ ?
නෑ ..බන් මේ කම්පැනියට මැසේජ් එකක් යැව්වෙ,එකි රිප්ලයි නෑනේ  ...

කිව්වා,හැම එකාම හිනා වෙනවා,මූ බයවෙලා වගේ කට ඇරන් ඉන්නවා.අපිට තව හිනා.


කොම හරි  කස්ටිය දගලලා එක මැස්සක් කඩන් වැටුණා,රෑ මැදියම් වෙනකොට වැස්ස තුරල් වුණා.දැන් තමා හේන පෙන්නෙ එක දිගට ඉරිඟු අක්කර දාහක් විතර.අපි හිටපු තැන ඉදලත් තව ගොඩක් ඇතුලට යනකන් හේන් තිබුණා.මැස්ස කඩන් වැටුන නිසා බිම තමා නිදාගන්න වෙන්නෙ.රෑ ඔන්න සද්දයක් ඇහෙනවා වාඩියට එහායින් ,අපි හිතුවෙ අලි ඇවිත් කියලා,බලනකොට අපි ආපු කරත්තෙ ගෝන් දෙන්නා ඇණ ගන්නවා,රෑ මැද්දෙ එකත් බේරලා කිරි ඉරිඟු ටිකක් ගෙනත් පුච්චන්න පටන් ගත්තා,නොබිපු උන් දෙන්නා නින්දේ සැපට,අපි ගිනි මැලේ වටේ වාඩි වෙලා,හුලං එනවා කිරි ඉරිඟු මල් සුවඳ එක්ක,හඳ එළියේ හෙනක ලස්සන ඇස් දෙකෙන් දකින්නම ඕන.කෝම හරි රෑ දෙක විතර වෙනකොට සූර් එක බැහැලා කට්ටියගේ හීතල දැනෙනෙවා ඉන්නම බෑ,ඉරිඟු පුච්ච්න්නෙ හේනේ ගිනි මැලේ ඉරිඟු කරල සුද්ද කරන්නෙ නැතුව.කොම හරි පුච්චන එකා පැත්තක් මොකද තවම සූර් පොරට පුච්චලා දෙනවා,අපිත් කනවා අමු ඉරිඟු.කෝම හරි උදේ අපි අවා ඇවිත් නලා ක්ෂණිකව ගෙවල් වලට ගියා,ඇවිත් බලනකොට කොට තමා දැක්කෙ ඇග හැමතැනම තැළුම් පාරවල්,සූර් පිට පිස්සුවෙ තරම.අපි එක දවසින් අවට ඒ මිනිස්සු පවුල් පිටින් ගිහින් හේන් වල පදිංචි වෙනවා ඔය කාලේට.හරිම කටුකයි ඒ ජිවිතේ,රෑ දවල් නෑ,හරියට කෑමක් බීමක් නෑ,මිනිස්සු අලි ගහලා මැරෙනවා,දුක් විදලා ගන්න භෝගෙට නිසි මිලක් නෑ. හැබැයි ඒ මිනිස්සුන්ට ඒ ගැන වගකුත් නෑ.ඔහේ ඉන්නවා,වෙන දෙයක් වෙයි කියලා.

                                  **************************************************************
ඇත්තටම ඒ ජීවිතේ හරිම සරලයි,සැහැල්ලුයි තවමත් එළියේ ගහක් යට නිදාගෙන ඉන්න ගමන් හිතන්නෙ මේ වගේ ජීවිත කොච්චර සරල ද?අපි මේ නටන්නෙ පිස්සුවක් කියලා.එත් ඔය කතා සේරම එක ඇමතුවෙන් වෙනස් වෙනවා,එකත් හරි පුදුමයි.

ඔය හේනක ගිය එකක් ගැන මං පොර කුරුටු ගාපු එකක් මේ 
http://sinhalaya19.blogspot.com/2014/01/blog-post_27.html

කලින් ඉරිඟු ගැන ලියපු එක මේ 
http://sahodarage.blogspot.com/2014/01/blog-post_524.html


ප.ලි 
මේ සිදුවිම් සිදු වි දැන් වසර දෙකක් ,තුනක් පමණ වුවද තවමත් අපේ රටේ සැලකිය යුතු මිනිස්සු කොටසක් ගෙවන්නෙ මෙවැනි ජීවිතය,ඔය මොන බෙගල් ඇද බැවත් වේදිකා උඩ මේ ජිවිත තවමත් එක තැනය.කෘෂිකර්මය තවමත් ඔය කියන තරම් දියුණු වී ඇත්තෙ කඩදාසි කොළවලට පමණි,වැලිමඩ,නුවරඑළියේ සිට අනුරාධපුර ,යාපනයේ ගොවියාත් තවම ගෙවන්නෙ මෙවැනි ජීවිතය.ඔය ගන්න බෝහෝ කෘෂි නිෂ්පාදන පිටු පස ඇත්තෙ මේ මිනිසුන් දහඩිය සුවද ය.


31 March, 2014

සහෝදරට ආච්චි කිවු කතාවක්

මං පොර ලියන්නෙ බොහො සරල රටාවකට ය.එක සම්පූර්ණ සත්‍ය ය.මං පොරට ඇතැම් කතා මතක් වෙන්නෙ බස් එකේ ගමනක් යන විටය ,තවත් සමහර කතා මතක් වෙන්නෙ බොගියක් කියවන විට ය.සමහරු මං පොර බයිසිකල් ගැන කියන විට ඒ කියන්නෙ බයිසිකල් ගැන කියා සිතුවා ය.ලොකු මාමා ගැන කියන විට සිතුවෙ මගේ ලොකු මාමා කෙනෙක් ගැන කියනවා කියා ය.කුවේණි වුණත් වැරදි නෑ කිවු විට මේ මාතෘකා මේ විදිහට යෙදුවෙ ඇයි ද කියා හැමටම තෙරුණා විය හැකිය.සහෝදර ගේ ජිවිතයේ තොරා ගැනිම් දෙකක් පැමිණ විට ගෙතු කතාව විමලා හා කමලා ය.එක  වැඩිය රසක් තිබුණේ නැතුව ඇති ය.ඒ කාලයේ සිට ලිවු කතා දෙස බලන විට මා වැඩිය අසම්මත කතා ලියා නැතිය.පොත් ගැන ලිව්වාට පොත් බලන් වැඩි ය ලියා නැතිය.බොහෝ නිර්මාණ වලට පාදක වන්නෙ තම පෞද්ගලික අත්දැකීම් ය.එසේම  මගේ සැබෑ ජිවිත අත්දැකිම් ද මං පොර ලියා ඇත.මේ කතා මතක් වවුයේ  මෙවා වැඩි අවස්ථාවකදි   ය .සහෝදර ගේ  සියලු බිදවැටිම් කාරණා වලට හෙතුව මං පොර සිතන පරිදි මා මුලින් ලිවුවෙ පොඩි පොඩි කතා නිසා විය හැකි ය .අද කතාවත් පෙර පරිදි සරල පොඩි කාලේ ඇසු කතාවකි කොටින්ම මුලින්ම ආච්චි සහෝදරට කියා දුන් කතාවකි.මේ ඒ කතාවයි ............

එක් රටක රජෙක් සිටියා ය.මේ රජාට දැහැමින් රට පාලනය කරන පොරක් ය.හරියට අපේ ලොක්කා වගේමය .ඒ දවස් වල කළු විදුරු බෙන්ස් නැති නිසා විදී සංචාර යන්නෙ අලියා ගේ හෝ අශ්වයා ගේ පිට උඩ ය.දිනක් ඔහොම යන විට ගෙදරක සහල් පොලන ස්තිරියාවක් දැක්කා,රජා යන්නෙ විශ්වාස වන්ත සේවකයෙක් එක්කලු විදි සංචාරේ.ඒ සහල් පොලන තැන බිම එකතු කරලා තියනවාලු සහල් කුඩු,රජා ඇහුවාලු අර සේවකයාගෙන් අර බිම එකතු කරලා තියෙන්නෙ මොනව ද කියලා ..රජතුමනි ඒ සහල් කුඩු කිව්වාලු ....එවගෙන් මොනවද කරන්නෙ  කියලා අයේ රජතුමා අර සෙවකයාගෙන් ඇහුවාලු..සෙවකයා කිව්වාලු  එවාගෙන්  රජතුමනි කැවිලි ජාති හදනවා,කිරිබත් හදනවා කියලා කියලා දුන්නාලු ....

රජා දෙවන දවසෙත් යන කොට අර ස්තිරියාව සහල් පොලනවාලු..රජා කියලා අසාවල් හිතෙන එක සමාන්‍යයයි ,ඉතිං රජා  අයේ අහනවා ලු  කුඩු වලින් හදන කිරිබත් රස ද කියලා .ඉතිං සේවකයා කියනවාලු ....එසේය දේවයන් වහන්ස හරි රසයි කිව්වාලු .

තුන් වන දවසේ රජා අයේ ඒ විදීයේ යනකොටත් අර ස්තිරියාව සහල් පොලනවාලු.ඉතිං රජා කිව්වාලු අර සේවකයාට ,මට කුඩු කිරිබත් කන්න අසාවක් ඇතිවෙලා තියෙනවා බැරිද ක්‍රමයක් යොදන්න කියලා...ඒ වකවානුවේ සහල් කුඩු වලින් හදන කැම කන්නෙ කුලයෙන් අඩු පිරිස්ලු .රජාට එවා රජවාසලේදි  කන්න බෑ,ඉතිං අර සේවකයා අර සහල් පොලන ස්තිරියාවට කියලා ,සහල් කුඩු කිරිබත් හදවාගෙන රජා එක්කරගෙන ගොහින් කන්න දුන්නාලු ,රජා අණ කලාලු අර සේවකයාට මේ ගැන කාත් එක්ක හරි කියලා තිබුණොත් හිස ගසා දමනවා කියලා කොම හරි වැඩේ එතනින් ඉවර වුණා කියලාලු රජා සිතුවේ.අර පිටිපස්සෙන් ගිය පොරටත් අසාවක් ඇති වුණාලු,ඒ රජා කුඩු කිරිබත් කාපු කතාව කාට හරි කියන්නලු.එත් පණට අදරේ නිසා කියන්න විදිහක් නැති වුණාලු...

ඉතිං අර මනුස්සයා කරේ කැලේට ගිහිල්ලා  ලොකු නුග ගහක් මුලට ගිහින් එකේ බෙනෙකට කට තියලා ඇති වෙනකං කෑ ගැහුවාලු ..

රජ්ජුරුවෝ කුඩු කැවෝ ...රජ්ජුරුවෝ කුඩු කැවෝ  ..කියලා

කාලය ඔහොම ගෙවිලා ගියාලු ,අර මනුස්සයා ගේ අසාවත් නිවුනාලු ..කොම හරි ඒ කැලයට ගස් කපන්න කියලා ගිය මිනිස්සු පිරිසක් ඒ නුග ගහ යට ගිමන් නිවන්න වාඩි වුනාලු ,හුලග ඇවිත් ඒ බෙන ඇතුලේන් පිටවෙනකොට ඇහෙනවාලු රජ්ජුරුවෝ කුඩු කැවෝ .. රජ්ජුරුවෝකුඩු කැවෝ කියලා.එ දවස් වල නීතිය දැන් වගේම තමා ,ඉතිං ඒ මිනිස්සු ගිහින් අරුම පුදුමන් නුග ගහ ගැන රජාට කිව්වාලු ..

ඉතිං ඊට පස්සේ ...





සටහන:-
මුලදී සිටි බොහෝ දෙනා සහෝදර ගෙන් හැලි ගොස් අවසන් ...අද ලිවු කතා සහා කමෙන්ටු කියවුවෙමි ...හිට් කවුන්ටරය නැග ගියත් එයින් මේ බොගි කෙරුවාට අවශ්‍ය බලයක් නම් ලැබුණෙ නැතිය.ඉතිං මදක් නැවති හැරි බැලිමි.........

මේ පොස්ටුව මං පොර ලිවු නරකම පොස්ටුව විය හැකිය ...



27 March, 2014

බෝඩිම

කාලයාගේ අවැමෙන් සියලු දේ නිසියාකාරව සිදු වුවා යැයි මා සිතුවද එය එසේ නොවේ.ජිවිතයේ නොයෙක් බාධක මැදින් ආවද මෙතරම් පසුතැවිමට තරම් සිදුවිමක් සිදු වී ඇත්දැයි මා නිතරම කල්පනා කරයි.ගත යුතු තිරණය ගැන නිතරම කල්පනා කලද හරියාකාර පිළිතුරක් සොයාගත නොහැකි විම හෙයින් පීඩනයෙන් හිස පුපුරා යනු ඇත.

ඔයා තවම ලැස්ති වෙලා නැත් ද ?ඉක්මන් කරන්න අද ගොඩක් වැඩ තියෙනවා ....

මට කමලා හමුවන්නේ මා උසස් අධ්‍යාපනය ආරම්භ කල මුල් අවදියේදීම ය.එතරම්ම රූපයෙන් ලස්සන නොවුනත් ඇය මා හා ඉතාම මිත්‍රශීලී විය.තලෙලු පැහැයක් හිමි ඇය කොණ්ඩය පිට මැදට තෙක් දිගු වන්න ගොතා සිටියා ය.සැම විටම නිශ්ශබ්ද චරිතයක් වු ඈ ඉගෙනිමේ විශිෂ්ඨතා පෙන්විය.අප දෙදෙනා වෙනස් විෂයන් උගෙන ගත්තද මාගේ පැවැරුම් පවා සදා දෙන්න වුව ද ඇය කැමැත්තෙන්ම ඉදිරිපත් විය.ආර්ථික පීඩනයෙන් මිරිකි සිටි මා හට ඇයගෙන් ලැබෙන උපකාරය වචන වලින් කිව නොහැකි තරම් විය.

ගමේන් නගරයට ආවද අධ්‍යාපනයට මෙතරම් මුදලක් වියදම් වේ යැයි කිසිදා නොසිතුවෙමි.කන්න බත් පැකැට්ටුවක් ගන්න තරම්වත් මුදල් බොහෝ වෙලාවට මා අතේ නොවින.ඒ බව හොදාකාරවම කමලා දැන සිටියාය.මුල දි බොහෝ දිනවල ඇය මා හට වෙනම බත් පැකැට්ටුවක් ගෙනත් දුනි.තිබුණු අග හිග කම් මත වුවද මුල දි ප්‍රතික්ෂෙප කර ද ,පසුව මා බාර ගතිමි.පසුව නගරයට මා හුරු විමත් සමඟ වෙනයම් මාර්ග වලින් යම් මුදලක් සොයා ගැනිමට මා හට හැකි විය.ඒ වන විට කමලා හා මා එක බත් පැකැටිටුවට සීමා වී සිටියේය.ඇය මා සමඟ ඇගේ පවුල් පසුබිම ආදිය විස්තර කිසිදු රහසක් නොමැතිව පවසයි.ඇයගෙන් මා කිසිදා එම තොරතුරු ගැන අසා නැත.ඇය තරමක් වත් පොහොසත් පවුලක වැඩිමල් දරුවා විය.ඇයට තව එක සහෝදරයෙකු සිටි.

කාලය ගෙවි යාමත් සමඟ මා අලුත් නවාතැනකට යාමට සිදුවෙයි.අලුත් බෝඩිමකට යෑම පිළිබඳ මා කමලාට වචනයකුදු කිව්වෙ නැත.එසේ කිව යුත්තෙ ඇයිද යන්නෙ මා හටම ප්‍රශ්නයක් තිබිණ.ඇය බොහෝ විට රණ්ඩු කරන චරිතයක් නොවි ය.නමුත් ඈ ඒ ගැන දැනගත් දින මා සමඟ බොහෝ සේ අමනාපයෙන් කතා කලා ය.ඇස් දෙකේ කඳුළු කැට සිර වී තිබෙනු මා නොදුටුවාම නොවේ.

ඇයි ඔයා මට මේ ගැන කිව්වෙ නැත්තෙ?

මා මුනිවත රැකිම හැර වෙන මගක් නොවින,ඉතා අඩු මුදලකට මා හට බොඩිමක් සොයා ගැනිම මා ලද ජයග්‍රහණයක් විය.බොඩිමේ මා වැඩි කාලයක් ගත නොකරේ අමතර වැඩ තිබු නිසා ය.බොඩිම නිවසක් විය,නිවසේ එළියෙන් සැදු වෙනම කාමරයක් මා හට ලැබිණ.කෑම ලබා දෙන්නෙ නම් තව සුළු මුදලක් වැඩි වු නමුත් එය මා හට ලාභදායි වු නිසා ඊට ද කැමැති විය.බොඩිම් වු නිවසේ පියා මිය ගොස් සිටියා ය,පවුලේ  දරුවන් තුන් දෙනෙකු සිටි එක් දරුවෙක් උපතින්ම යම් අඩුපාඩු සහිත වී ඔත්පලව සිටි,අනෙක් වැඩි මහළු පිරිමි දරුවා උසස් අධ්‍යාපන ය සදහා සුදුසුකම් ලැබුව ද නිවසේ අගහිග කම් නිසා කුළි වැඩ වල නිරත් වෙමින් සිටි.මව හදුන්කුරු සාදන ස්ථානය වැඩ සදහා පිටව යයි.තව උන් එකම දැරිය විමලා විය.ඇය නිවසේ සියලු අඩුපාඩු බලමින් කටයුතු කල තැනැත්තිය විය,ඈ නිවසට වී කාලය ගත කරා ය.උදෑසන පිටව යන මා නැවත එන්නෙ බොහෝ විට සවස හතට පමණ ය.

කාලය ගෙවී යාමත් සමග විමලා කෙරෙහි මා සිතේ යම් පැහැදිමක් ඇති විය.එය ආදරයද කාරුණාව ද යන්න හරියටම මා හට ද නොතෙරින.ඇය තරමක් පැහැපත් ,සිහින් සිරුරක් ,දිගු කොණ්ඩයක් හිමි තැනැතියක විය,මට වඩා වසර දෙකක් පමණ වයසින් අඩු වුව ද විඩාබර ගතියක් ඈ තුලින් නිතරම දිස් විය.ඈ මා දුටු විගස සිනාවෙන් මුව පුරවා ගනි,ඇය සිනාසෙන විට ඇස් දෙක දිලිසෙනු බලන්න මා සිත ඇතුලින් බොහෝ විට ප්‍රිය කලා වන්නට ඇත.නිතරම කාර්යබහුල ඇය මල් ගවුමට උඩින් ච්ත්තයක් ඇද සිටියා ය.මා බොඩින් වී මාස 6ක් පමණ වුව ද විමලා හා මා කතා කොට ඇත්තෙ ඉතාම අඩුවෙනි.

ඇය මා ඇමැතුවේ ලොකු අයියා කියා ය.කෙසේ හෝ මව අසනීප විමත් සමඟ විමලා හදුන්කුරූ සාදන තැන වැඩට ගියා ය.මා ද දැන් කලින් එන නිසාත් කමලා යන්නෙ කහටගස්දිගිලිය ප්‍රදේශයට නිසාත් මා අනුරාධපුර පැත්තට යන නිසාත් කිසිදු අවහිරයක් නොමැතිව ඇය වැඩ ඇරි එන බසයේ ඇයත් සමඟ යා හැකි විය.මාතලේ හන්දියෙන් බැස දෙදෙනාම කතා බස් කරමින් යයි.ඇත්තටම විමලා මට වඩාත් ගැලපෙන යුවතිය බව සිත කියයි.ඒ බව මා ටික්කා සමඟ පැවසී ය.

මචං උඹට මොලේ අමාරුවක් ද?නිකන් කාපාලු වැඩ කරන්න එපා බන්,උඹට කමලා පණ ඇරලා බන් ..

මොකක්?උඹ කියන්නෙ මමයි කමලයි දෙන්නා ???උඹට පිස්සුද බන් එහෙම කිසිම දෙයක් නෑ බන්...

එතකොට උඹ මෙච්චර කල් කමලාව අශ්‍රය කරේ ජොලියට ද?උඹේ වැඩ කරවා ගන්න,බත් එකක් ලැබෙන නිසා විතරක් ද ?උඹ මහා අවස්ථාවාදීයෙක් නේ යකෝ ,අපිත් ආශ්‍රය කරා නේ උඹලව නොදකින් විතරක් ...තුඃ විතරක් 

මේ අහපන් බන්,කමලා ගෙන් අහපන් මං එයාට එහෙම දෙයක් කියලා තියෙනව ද,එයා මට කියලත් නෑ එහෙම මුකුත්ම...

ඇයි බොල මී හරකෝ ...උඹට දැන් ඕක කටින් කිව්වාම විතර ද තෙරෙන්නෙ?බලන් හිටපන් අනික් දෙවලුත් උඹ කටින් කියනකන්..උඹලා වගේ මී හරකුත් ආවානේ මේ වගේ තැන් වලට ....

මේ අහපන් ටික්කා පොඩ්ඩක්,මෙතන කතාව ඕක නෙවෙයි බන් .....

උඹේ කතා වැඩක් නෑ උඹ වරෙන් මගේ බොඩිමට එකේ කොල්ලො තව තුන් දෙනෙක් ඉන්නවා ,අපි උයන් කන්නෙ ලොකු වියදම් නෑ...ඉදපන් මං කමලා එක්ක මේ ගැන කතා කරන්න ..

ඒ ...ඒ  එපා බන් එකි තරහා වෙයි,උඹ පිස්සු නටන්න එපා ...

මං නෙවෙයි යකෝ මෙතන පිස්සු නටන්නෙ උඹයි ...කොහෙවත් නැති උරචක්කර මාලයක් කරේ එල්ල ගන්න හදනවා ...


               ******************************************

මා නැවත අලුත් බොඩිමට පැමිණියාය.ඉගෙනුම අතරතුරම මා හට රැකියාවක් ලැබිණ.ඒ කමලා ගේ උදව්වෙන් ය.ඇත්තටම මගේ අපිලිවෙල ජීවිතය පිළිවෙළක් කරේ කමලා ය.මේ වන විට කෙසේ හෝ කමලා හා මාගේ විවාහයට දෙපාර්ශවයේම කැමැත්ත හිමිවිය.කාලය පියඹා යන්නෙ විදුළි වේගයෙන් ය.

මා හා කමලා ගොස් මා කලින් ලැඟුම් ගෙන සිටි බොඩිමේ නැන්දාට ද  අපේ  විවාහය සඳහා ආරාධනා පත දුනි.

කෝ ඇන්ටි විමලා නංගි...දැන් මොකද කරන්නෙ,තවම හදුන් කුරු හදනවා ද ..

ඇන්ටි ගේ දෙනෙතින් විශාල කදුළු කැට දොර ගලා යන්න විය...

එකිව මං අසනිප වෙච්ච දවස් ටිකේ හදුන්කුරු හදන්න යැව්වා නේ පුතේ,මෙකි ගේ තියෙන ගොන් මොලේ තරම කියන්නෙ කොහේ හරි යන වනචරයෙකුට අහුවෙලා,ගෙදරම හැදුන එකි නේ,මොනවා දන්නවා කියලා ද ?දැන් බඩඩ මාස හයක් විතර....මොකා ද මේ වැඩේ කරේ  කියලා ඇහුවත් කියන්නෙ නෑ පුතේ,ලොකු එකා මෙකිට නොසැහෙන්න තරවටු කරා,එත් කට හොල්ලන්නෙ නෑ,තාත්තා හිටියා නම් පපුව පැලිලා මැරෙන්නෙ මෙවට ....

විමලා හරි අමාරුවෙන් වතුර කළයක් ගෙන නිවස දෙසට එමින් සිටියා ය.ඇය මා දුටු නමුත් වෙනසක් නොපෙන්වා කුස්සිය පැත්තෙන් ගොස් නිවස ඉදිරියට අවාය..

මා පුටුව උඩ සිටම අපායට ඇඳගෙන යන්නාක් මෙන් හැඟීණ,උගුරේ රත් වු යකඩ ගුලි හිර වුවාක් මෙනි...ඔලුවපුපුරා යන්න අසන්න ය.මා ආයාසයෙන් විමලාට සිනාසුණි .........

හා ...ලොකු අයියාට අපිව මතක් වෙලා තියෙන්නෙ කාලෙකට පස්සෙ ... ඉන්න මං තේ ටිකක් හදන් එන්න ...

විමලා ගේ දැස් වෙනදා මෙන්ම දිප්තිමත්‍ ය.මුහුණ පියකරුය.නමුත් කකුල් දෙක ඉදිමි තිබිණ.පොඩ්ඩක් විතර ශරීරය මහත් වි අමුතුම ලස්සනක් ඇය තුලින් දිස් විය.ඇය කලින් දුටුවාට වඩා දැන් තවත් සුන්දර වී ඇත්දො සිතිණ.

තවත් වැඩ තිබු නිසාවෙන්,ඉක්මනින් එතනින් පැමිණි මුත්,නිවසට ආවෙ කෙසේද යන්න නිච්චියක් නොමැත,උඹට තවම හරි තිරණයක් ගන්න වේලාව තියෙනවා යන්න හිත කිවද නැවැත හැරිය හැකිද....හිත යකා ගේ කම්මල වෙන් විය.ඇත්තටම මා බොඩින් කාරයෙක් පමණි ...

වචනයේ අරුතින්ම මා සැමටම බොඩින් කාරයෙක් විය......  

සටහන :- මෙහි ඇති කතාව,චරිත,ගම්,ස්ථානයන් අදිය මා හා නොබැදේ ....






21 March, 2014

සියවෙනි ගුවන් ගමන හා තවත් කතා .

කරුණාකර මගින් ආසන පටි තද කර ගන්න ...

මං පොර තද නින්දක ය,යන්තමට වගේ කවුද මුමුණන ශබ්දයක් ඇසින ...හම්මෙ දැන් අපේ රටේ  තියෙන බස් නේ කියලා හිතන් මං පොර තවත් නිදා ගත්ත.ටික වෙලාවකින් 

මං නින්දෙන්ම නැගිට දොර ලඟට යන්න හදන විටම 

හෝ ..හෝ කොහෙද යන්නෙ? තමුසේ අර ඇමැති පුතා ද ? කියලා එතන හිටපු පොරක් අහපි ..

අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු ,කවදද මං දන්නෙ නැතුව අපේ  තාත්තා ඇමැතියෙක් වුණේ හැබැට,

මොන ඇමැති පුතා ද අයියේ ?? මං පොඩි එකා වගේ පහත් වෙලා ඇහුවා 

ඇයි?අර ක්‍රිකට් ගහන ,අර අපුල්ලන අමැති ගේ පුතා 

අනේ ඒ මං නෙවෙයි නේ අයියේ ,මට බහින්න ඕන 

තමුසේත් බීලා ද ඕයි ඉන්නෙ ??

ජිවිතෙට ඕවා දැකලාවත් නැති මට ඔහොම කියන කොට තවත් කොහොමද ඉවසන් ඉන්නෙ, මේ  මොන හොතම්බුවෙක් ද 

තමුසේ මට බහින්න මේ ටිකට් එකේ ඉතුරු සල්ලි දෙනව ද නැත් ද ? නැත් නම් තමුසේම තියා ගන්නවා මං බහිනවා කියලා මං යන්න හැදුවා ..

තමුසේ බීලා ද පොඩ්ඩක් වටපිට බලනවා මේ කොහේද ඉන්නෙ කියලා .

මං නින්ද මැද්දෙම වටපිට බැලිමි ...

අම්මා ජේන් කිව්වාලු ,හැබැට මේ වගේ බස් එකකට නෙවෙයි නේ මං නැග්ගේ .මගේ මොලේත් විකාරයි වගේ ,හරි ලක්සනයි ,බලුප් දලා

ඇත්තට මේ කොහේද අයියේ ??

කට වහන් වාඩි ගන්නවා ද?නැත්නම් වාඩි කරන්න ද මං ?ඇදලා ගත්තා පිස්තෝලයක්,මං පොර ඉතිං කොහොමත් චන්ඩියා නේ

හම්මේ හොදට හිටපු අයියාට තරහා ගියා නේ ,මං යනවා අයියේ,තරහ ගන්න එක ශරිර සෞඛ්‍යයට හොද නෑ කියපු මං පොර පුස් පැටියෙක් වගේ ගිහින් වාඩි වුණා .

මෙන්න  අපේ ලොකු මාමා කාරයාත් වාඩි වෙලා ,හැබෑට ලොකු මාමේ අපි මේ කොහෙද ඉන්නෙ ?? ලොකු මාමා මගේ මුණ දිහා බලලා ඇදවෙලා තිබුණ මුණ අනික් පැත්තට හරවා ගත්තා .මං පොරට වගේම අනික් අයටත් බෙහෙත් ලැබිලා වගේ,ලොකු මාමා නැත්නම් මෙහෙම ඉන්නෙ නෑ,මං පොර අයේ ලඟ හිටපු එකෙක් එක්කවත් කට හොල්ලන්න ගියේ නෑ .

ටික වෙලාවකින් අර පොර දොරක් ඇරියා ,ඇරලා ඔළුව එළියට දලා

ෂෝ..ෂෝ ..කියලා කෑ ගහනවා,අහසට වෙඩි තියනවා,නිකන් අර්සස් පොරකට  කක්කා බර ගහලා වගේ .

මං පොරටත් ඕන නැති කුණු ගොඩක් නෑනේ,මං හිතුවා එත් මේ පොර පාරේ උද්ඝෝෂණ කරන අයට වෙඩි තියනවා  කියලා.එත් ඉතිං අපේ රටේ කොහෙද එහෙම වෙන්නෙ .මං පොර ලංවෙලා බලන කොට ,ලෙල්ල වෙයි පුංචි අම්මා හාල්මල්ල ලොරියේ කිව්වලු .ඇයි යකෝ අපි ඉන්නෙ අහස උඩ නේ ,අපි හෙන කැළැවක් උඩින් යනවා ,මේ යකා කුරුල්ලො පන්නනවා ...එකට තමා මේ තටමන්නෙ ...

මල්ලි මෙන්න මේ මල් වෙඩි ටික යවපන් ,කියලා මගේ අතට දුන්නේ නැතෑ ලොකු මල්ලක් ...

මට මේ වෙන මොන මගුලක් වත් හිතා ගන්න බෑ අයියේ ...

උඹ මැරුම් කන්නෙ නැතුව ඔය ටික දාපන්,මේ මගුලේ වැදිලා කුරුල්ලො මැරෙන්න කලින් ,නැත්නම් මෙතනම ඉවර කරනවා හරිද ?මං පොර භයට සට සට ගලා මල් වෙඩි ගහනවා..අනේ අහිංතක කුරුල්ලො ගැන දුක හිතුණා.

ඔබ සම අත්තල මිලින්ද රාජ පස්ස ගුවන් ටොටුපොළට පිලිගනිමී කියලා මහ සද්දෙට ඇහෙනවා .බස් එක බ්‍රේක් ගහනවා ,පිට්ටනිය  මැද පොරක් හිටියා පොර යන්තම් දුවලා බේරුණා ,නැත්නම් එතනම වු සීනිගම යනවා.

හරි මල්ලි එහෙනම් බැහැ ගන්න ,කියනවා ඇහුනා විතරයි මං පොර බැග් එකත් අරන් පැන්නා බිමට.අනේ හොබ්බ ගිහින් ඇනුනා ගිහින් පොළොවේ.වටේටම කකුල් ටිකක් පෙනවා මං පොර භයටම අත්දෙක උස්ස ගත්තා උඩට ,නැගිටලා බලන කොට කස්ටිය මාව වට කරන් විඩියෝ කරනවා,පින්තුර අල්ලනවා ,එකම මගුලයි .... ඒ අතරේ
සුදු අක්කා කෙනෙක් ඇවිත් මොකක්ද පොල්ලක් දික් කරලා කට ලඟට...

ඔබට මොකක හිතෙන්නෙ මේ ගුවන් ගමන් ගැන?ඔබේ දේශාභිමානය අද ලොකයාම දැක්කා .ඇත්තටම මේ ටොටුපොළ අපිට හෙන ආඩම්බරයක් නේද ??? 

අක්කා මේ මගුලක් කතා කරනව ද මං මේ ගෙදර යන්න බස් එකට නැග්ග එකා,මේ මගුලට කොම අවාද දෙයියෝ තමා දන්නෙ,අනික කොමද අක්කා දන්නෙ මගේ දේශාභිමනය ගැන ?

ඇයි දැන් මල්ලි බැස්ස ගමන් බිම බදා ගත්තේ දේශාභිමානයට නෙවෙයි ද ? අපේ ලොක්කා කරන්නෙ එහෙමනේ?එහෙමයි දේශාභිමානය පෙන්නන්න,ඇයි මල්ලි දන්නෙ නැත්ද ?

හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු,අක්කා මගුලක් කතා කරනවා ද ,මං මේ ......කියන කොටම තඩි පොරක් එවිත් මාව අල්ලන් ගියා,සුදු ලක්සන අක්කිලා ටිකක් මල් මාල දානවා,මගේ හොදපු නැති මුණට උම්මා දෙනවා,එහෙන් මෙහෙන් අල්ලනවා එකම විකාරයයි.

මෙන්න මල්ලි සල්ලි කියලා තව පොරක් රුපියල් දෙදහහේ කොළයක් දික් කරා.මං ඔළුවට ලොකු ටොක්කක් ඇනගෙන බැළුවා මේ හිනයක් ද කියලත් ,එහෙමත් නෑ,නයි කයිද රොස් පාන් කිව්වාලු .

කොම හරි  සියලු සත්කාර මැද මං පොර යහතින් ගෙදරට ගියා ලොකු මාමා නෑ හොයා ගන්නවත්,යනකොටම ගෙදර අයයි ගමේ අයයි මල් වෙඩි තියනවා එකම මගුලයි එතනත් ...මං පොර හිතුවා මේ නම් මට පිස්සු හැදිලම තමයි කියලා.නැත්නම් අම්මා මුත්තාගේ කාලේවත් මේ වගේ විකාර වුණාද අපේ ගමේ.හම්මේ මගේ කරට මල් මාලයක් දැම්මා සුමනා නැන්දා දුවගෙන ඇවිත්,

දුවේ වැදපන් අයියාට කිව්වා ,අයේ මොකද මෙන්න කියන පමාවෙන් මල් හිනා විසි කරලා දඩාස් ගලා බිම පෙරලිලා වැන්දා,හම්මෙ උම්මා එකක් දෙන්න හිතුණා තදට ,කොහෙද වටෙට සූගාලා ගමේ උන් නේ . 

මං හිතුවා උන්දැගේ දුවත් එක්ක තිබුණ ආස්තරේ ගෙදරට මාට්ටු වෙලා තමා මාව අල්ලලා බන්දලා දෙන්න යනවා කියලා.මේ මං පොර ගේ අවසානේ තමයි,කසාද දෙකක් කොරන්න බැනේ අපේ රටේ,අනික හොරෙන් බැන්ද එකත් මාට්ටු වෙනවා අද නම් ...

එතකොටම අපේ අම්මත් දුවගෙන අවා,එක කනක් අල්ලන් මං පොර ඇස් දෙක පියා ගත්තා විතරයි ,අම්මා උම්මා දෙකක් දිලා එක්කරන් ගියා ගේ ඇතුලට.මට මේ නම් පිස්සුම තමා කියලා හිත හදා ගත්තා,කලබල අස්සෙ මොකෙක් හරි ගහපු එකක් ඔළු වටවැදිලා මං දන්නෙ නැතුවම ..

ගෙදර  ටැටලිවිසොන් එක දලා තිබුණා,අප්පට සිරි ,අච්චිට මල්,මට ජුවල්-උන්ට සිරි රජ සිරි කිව්වාලු උඩ ඉදන් කුරුල්ලෝ පන්නන්න දැම්ම මල් වෙඩි ටිකයි ,මං පොර අර බිම වැටිලා හොබ්බ ඇණ ගත්ත එකයි යනවා නයි.ටි.ඇන් එකේ,අපේ ගමේ එකෙක් කවදද රූප පෙට්ටියට ගියේ,ගියත් ඒ ලොක්කාට කතා කොරන්න විතරනේ .අනික මෙක හැම චැනල් එකකම නිතරම යනවා කියලා අක්කා කියපි.මට දැන් තමා සිද්ධිය මිටර් වුණේ,මේ සැලකිලි ඇයි කියලා මෙන්න ඒ නිවුස් එක 

"අත්තල මිලින්ද  රාජ පස්ස ගුවන් ටොටුපොළට අද දින සියවෙනි ගුවන් ගමන් සනිටුහන් කරයි ඊට අද දින විශාල මල් වෙඩි සංදර්ශනයක් සහා පිලිගැනිමේ උත්සවයක් සංවිධානය කර තිබිණ,ලොකයේ ඇති ගුවන් යනා මීට උඩින් ගියත් සල්ලි රටට ගලාගෙන එන ටොටු පොළක් වන මෙය අපේ රටට මහත් අභිමානයකි,රටට සල්ලි ගෙන එන උල්පතකි ,අද දින ගුවනින් විශාල මගින් සංඛ්‍යාවක් පැමිණ ඇත,ඔවුන් ගේ ඇති දේශාභිමානය මේ රූප පෙලේ දිස් වේ''

කියලා මං පොර බිම වැටිලා හොබ්බ ඇන ගත්ත එක දානවා,නොදකින් මට නම් දැන් වෙන්නෙ එක්කො වහ කන්න,නැත්නම් සාරියකින් බෙල්ලෙ වැල දා ගන්න තමා කියලා මං පොර හිතුවා ,මෙහෙම විලිලැජ්ජාවක්.එතකොටම අම්මා ඇවිත් හාල් සෙරුවක විතර බත් එකක් බෙදා ගෙන කවන්න හදනවා .හිතේ තිබුණ අවුල නිසාම මං පොර පොඩ්ඩක් එළියට බැස්සා,කන්න පිරියකුත් නෑ ..

මෙන්න තව මගුලක්,මගේ රූපෙ දාලා පොස්ටර් ගහලා හැම තැනම ,දේශාභිමානී සහෝදර වැඩිම මානපයෙන් ඊළඟ පළාත් සභාවේ මුල් පුටුවට කියලා.ලංවෙලා පොස්ටරේ යටින් තියන එක කියවන්න හදන කොටම,සෙට් එකක් ඇවිත් මාව කරේ තියන් සහෝදරට ජයවේවා!!! රටේ දේශාභිමානය රැක ගත් වීරයාට ජයවේවා!!! ,කියලා අරන් ගියා පාර දිගේ ,මල් මාලා දලා...

එවලේ මං පොර හිතා ගත්තා අයේ නම් බස් වලට නැගලා නිදා ගන්නෙ නෑ කියලා,කොහේ අරන් යයිද කවුද දන්නෙ ,ඊළඟ සැරේ ජිනීවා වලින් වත් මතු වුණොත් කාට කියන්නද ,එත් හිත හදා ගත්තා කේ.පි වගේ ගල් හොරු ලක්සනට උස්සන් අපු අයට මාව වැඩක් ද ?කෝ අපේ ලොකු මාමා,මනුස්සයා කොහේ ගියා ද?හොයා ගන්න ඕන ..






ප.ලි 
මෙම කතාව සම්පූර්ණ ගෙතු කතාවකි ,කතාවේ අයිතිය සහෝදර වන මා සතුය.

මගේ අවුරුදුකතාව බලපු නැති අයට








19 March, 2014

ඒ දවස පිළිබඳ මතක බිඳක්..



සිංහල හින්දු  අලුත් අවුරුද්දට තව ඇත්තෙ මාසයකට අඩු කාලයකි.අපි කුඩා කාලයේදී නම් අලුත් අවුරුදු කියන්නෙ පුදුම විනෝදජනක සිද්ධියකි.එ දවස ගමේ සියලු ගෙවල් පාහේ සුද්ධ පවිත්‍ර කරයි.අපේ නිවෙස් වල නම් අලුතින් ගොම ගා පිරියම් කරයි.නිවසේ සියලු බඩු භාණ්ඩ නිව්සේ අගුවේ ගොඩ ගසයි.ඊට පසු ගොම සහ මැටි කලවම් කොට සදා ගත් බොල නිවසේ තැනින් තැන තබයි,පසුව වතුර භාජනයක් ගෙන ලොකු බෝලය දිය කර ගනිමින් ගොම මැටි පිරියම් කරයි.කුඩා ළමුන් වු අපට ගොම පිරියම් කරන විට නිවසේ ඇවිද යැම තහනම් ය.ගොම අඩු වුවහොත් මැටි බිම වෙලිමේදි ඉරිතැලි කැබැලි ගැල වී යයි.අලුතින් ගොම පිරියම් කල පසු නිවස තුලින් දැන්නෙනෙ සිත සනහන සිසිලසකි.

ඒ දවස අපේ නිවස මැටි වුවද බිත්ති වලට සුදු හුණු පිරියම් කොට තිබිණ.හුණු ගන්න විශාල මුදලක් වැය වෙන නිසා හුණු පිරියම් කරේ අවුරුදු තුන,හතරකට වරක්‍ ය.හුණු නොගෑ නමුදු නිවස වර්ෂා කාලයට වරින් වර ගිලා බැසිම නිසා බිත්ති පුපුරා තිබිණ,එවාට සිමෙන්ති වලින් බදාම පැලැස්තර දැමිම සිදු කෙරිණ.තවද වහලයට පිටින් කණු ගසා සවිය වැඩි කරයි.අවුරුදු කාලයට අපේ කාමර තුනෙ නිවස රජ මාලිගයක වෙස් ගනි.අම්මා අලුතින් සාරි රෙදි කපා ජනෙල් හා දොරවල් වලට සවි කරයි.එවා සුළගට සෙල වෙනවා බලන් ඉන්න ප්‍රිය දසුන් ය.

ගමේ තරමක තරුණයින් උණ ගස් කපා ගෙනවිත් උණ වෙඩි සාදයි.ඉන් පසු අල්ලපු ගමේ කොල්ලන්ට ඇසෙන්නට ශබ්ද කරයි.එහෙන් එකක් තියන හඩට අපේ ඇයෝ ද කටින් පිබිමින් උණ වෙඩි පත්තු කරයි.කුඩා අපිට දෙන්නෙ බිරංග පත්තු කරන්නය.ඒ දවස හෙන් වල සත්තු එලවිමට ද භාවිතා කෙරිණ.රැට කුරුම්බා මල් වෙඩි බැලිමට ගමේ කොල්ලන් එක්කාසු වෙයි.එවා බලන් ඉන්න ලස්සන ය.ගුණයා හා මහතුන් වැනි උන් කලින්ම බැරල් ගනන් පෙරා ගත් කසිප්පු බී මත් වූ ගමන් ය.ඔවුන් සියලු දෙනා කොතරම් බීමත්ව සිටියත්,සුදු පුතා කොහෙද යන්නෙ කියා අසා වඩාගෙන ගම පුරා රැගෙන යයි.ඔවුන් ලගින් එන කසිප්පු ගඳ තවම හොදට මතකය.අවුරුදු ලංවත්ම ගමේ හොර අරක්කු,සුදු පොලවල් ඕනෑ තරම් ය.දිනක් ඕවැනි හොර අරක්කු දෙන තැනකින් මහතුන්ට ගල් අරක්කු කියා කොකාකොලා පුරවපු බෝතලයක් දී ගමේ ලොකු රණ්ඩුවක් පවා ඇති විණ.

අවුරුදු කාලයට මං පොර නම් වැඩියෙන්ම ආසා කරේ අලුත් ඇදුමක් ලැබෙන නිසා වෙනි.අම්මා සහා තාත්තා අවුරුද්දට නිවසට බඩු ගෙන්න එන අතරතුර අපට අලුත් ඇදුමක් ද ගෙන එයි.බොහෝ විට කොට කලිසමක් හා ටි ෂර්ටයක් වන අතර ඇතැම් විට එය ඒ අවුරුද්දට ලැබේණ එකම ඇදුම ද වෙයි.ඒ ඇදුම ඇදන් අවුරුදු කාලයට නෑදෑ නිවෙස් වලට යයි.

තවද මං පොර ආසා කල අංගයක් වන්නෙ අවුරුදු කාලයට සාදන කෑම කන්නය.අදට ද කොණ්ඩ කැවුම් වලට මං පොර දක්වන්නෙ අසිමිත පෙරේත කමකි.තව ද කොලිකුට්ටු කෙසේල් වලටද පෙරේත කමක් දක්වයි.අපේ නිවසේ ද අවුරුදු කාලයට කැවිලි ,පෙවෙලි විශාල ප්‍රමාණයක් සාදයි.අම්මා කැවුම් සැදිමට අනන මිශ්‍රණය කන්න දෙන්නෙ නැත.ඉන් ටිකක් රස බලන තුරු මට නින්ද යන්නෙ ද නැත.කැවුම් සැදු පසු කැම එතරම් රස නැති ය.තවද කළු දොදොල් ද ඉතා රසවත් ය.අවුරුදු දිනවල දි දවල් කෑමට නෑදෑ නිවෙස් වල මෙන්ම අපේ නිවසේ ද දිනක් වෙන් වේ.ඒ දින වලට කඩේන් ගෙනා අල,පරිප්පු සහා සාඩින් ආදිය පිළියෙළ වේ.එවැනි කැම වෙලක් ලැබිම එදවස ලොකු දෙයක් ය.

ගමේ අවුරුදු හමාර කරන්නෙ මැයි මස මුල වාගේ ය.ඒ හොර අරක්කු,සුදූ පොළවල් වලට පොලිසියෙන් පැන්නාම හෝ බීමතින් රණ්ඩු වී කවුරු හෝ එකෙකු ඉස්පිරිතාලේට ගියාම ය.සුදු පොළවල් වලට බොහෝ ප්‍රදේශ වලින් පිරිස් එයි,ඒ එන පිරිස් හා අපේ ගමේ අය අතර ද රණ්ඩු ඇති වනු සුලභ කරුණකි.එවැනි දෑ එක දිගට සිදු විම නිසා අවුරුදු සිරිය හමාර වේ.

දැන්ට නම් අලුත් අවුරුදු එනවා කියා එතරම්ම නිදහසක්,සතුටක්  සිතට දැනෙන්නෙ නැත.කඩෙන් ගෙනා කේක් හා වෙනත් කැවිලි කා නැකතට වැඩ කරයි.පසුව නිවසේ සිටිය හොත් රූපවාහිනියේන් අවුරුදු උත්සවයක් නරඹයි.ඇත්තටම නිවසේ සියළු දෙනා ඉන්න හැකි වන්නෙ මෙවැනි දවසකට කියා සිතුවද එය ද එසේ නොවේ.මං පොර නම් එසේ වෙනවා කියා දුක් වන්නෙ නැති ය.මන්ද එදා මෙන් නොව අද දවස කරන්න වැඩ බොහෝ ය.


ප.ලි

කතාව එක දිගට ගලා යන්නෙ නැති ය,තැනින් තැන සිංහල අවුරුද්ද ගැන මං පොරට මතක සිද්ධි පිලිබඳ  තැබු සටහනකි.

කමෙන්ටු ලෙස ලින්කු එක් කිරිමට මේ ක්‍රමය භාවිතා කරන්න

<a href="LINK HERE"> WORDS HERE</a>



13 March, 2014

කුවේණි වුණත් වැරදි නෑ


අද කතාව කියන්න හෙතු වුණු වස්තු බීජ රාශියක් පසුගිය කාලය තුලම දක්නට ලැබිණ, බොහෝ කරුණු ප්‍රසිද්ධ මාධ්‍යය තුලින් සොයා ගත හැකිය.කෙසේ වෙතත් මං පොර නම් ඔය යන්ත්‍ර -මන්ත්‍ර,නැකත් අදිය හිස මුදුනින් පිලි ගන්නෙ නැත.එවා බොරුයි කියා කියන්නෙ ද නැත.එහෙම කියන්න ගියොත් මං පොරත් බොදු බල සේනාව මෙන් ආන්ධානුකරණයට බැණ වදිමින් එකම කරන පිරිස් ගේ ගොඩට වැටෙනු ඇත.නමුත් පෙනි පෙනි ඔය විකාර වැඩ අනුමත් කරන්න මං පොරට නම් බැරිය.කෙසේ මුත් ඒ කතා එසේය.

එක එල්ලෙම අසන්න ප්‍රරශ්නයක් ඇත.එනම් අපේ ජිවිත පිලිබඳ කොලයක් ,තැටියක් කුමක් හෝ නොපෙනෙන දෙයකින් කියා තවත් මනුස්සයෙකුට තිරණ දිය හැකිද?.අපි බොහෝ දෙනෙකුට කෙන්ද්‍රයක් කියා එකක් සදා ඇත.ඇත්තටම ඔකද අපේ ජිවිතය පෙන්වන එකම කරුණ.අපේ මිනිසුන් මං පොරට පෙන පරිදි භෞතික වශයෙන් යම් දියුණුවක් ලගා කර ගන්නා අතර විශාල වශයෙන් මානසිකව කඩන් වැඩි ඇත.නැත්නම් ඔය යන්ත්‍ර-මන්ත්‍ර කඩවල් වල මෙතරම් පොලිම් තිබිය නොහැක.මානසික වශයෙන් යම් සහනයක් ලගා කර ගැනිමට බෝධි පූජා වැනි ඕනෑ තරම් ක්‍රම තිබේ.

නමුත් ජිවිත එක්ක සෙල්ලම් කරන මේවැනි ගෝත්‍රික වැඩ මං පොරට නම් කිසිසේත්ම අනුමත කරන්න බැරිය.තැටියක් දෙස බලා ඇද බාන බෙගල් දෙස දොහොත් මුදුන් තබා වැද ඉන්නා පිරිස් දැක්කාම ඇති වන්නෙ අනුකම්පාවකි.මේ තැටි වලට හෝ ඔය දේවාල වලට ලක්ෂ ගනන් මිනිසුන් ඝාතනය කල ප්‍රභාකරන්ට හෝ එකෙකු ගේ මයිලක් වත් හොලවන්න බැරි විය.එහෙත් අහිංසක මිනිසුන් මිරිස් හෝ යම් දෙයකින් වරු තුනෙන් අනතුරක් කල හැක.වරු තුනෙන් වැඩ පෙන්වන මේ තරම් වැඩකාරයෝ හිටියා නම් ප්‍රභාකරන් අවුරුදු 30ක් නටන්න දෙන්නෙ නැති ය.අපේ අවාසනාවට මේ වීරයන් ඒ දවස් වල මර නින්දේ ය.අවදි වී තිබෙන්නෙ දැන් ය.ඒ කාලයේ සිටියේ වෙඩි උන්ඩෙට පපුව දෙන්න අපේ වීර හමුදාව පමණි.

සම හරක් මෙසේ කියන විට ගොඩනගන ප්‍රධාන තර්කයක් නම් මේ දෙවල් අපේ සංස්කෘතිය කියලා ය.ඇත්ත මං පොරත් සංස්කෘතිය තුල මේ දෙවල් තියෙන්න ඕන කියන එක පිලි ගන්නවා.එත් මේ දේ පරම සත්‍ය කියා පිලි ගන්නෙ කුමක් මතද ?. කතාව උදාහරණ මගින් කියනවා නම් මෙසේය.ඔන්න ගැණු දරුවෙක් ඉපදෙනවා ,කෙන්ද්‍රය බලනකොට සතර කෙන්ද්‍රයේ ග්‍රහයෝ නෑ,තව ඔය සර්ප යෝග ,පවුලට හොද නෑ,තාත්තාට හොද නෑ වගේ එක එක ප්‍රශ්න දානවා තවම පොලොවේ පය තියලාවත් නැති පොඩි එකා ගේ ඉදලාම.මෙහෙම කියන්නෙ යම් ක්‍රමයකට වෙන්න පුළුවන් හැබැයි ඒ දේ සත්‍ය නොවෙයි.අන්න එක සත්‍ය කියලා මං පොර පිලිගන්නවා.හැබැයි ඔය යම යම් දේවල් සම්භාවිතාව අනුව ඕනම කෙනෙක් ගේ ජිවිත වල වෙනවා ,ඇතැම් විට ඔය දරුවා ගේ තාත්තාට යම් අනතුරක් වෙන්න පුළුවන් ,ඔන්න හැම කෙනාම කියන්න ගන්නවා  අර දරුවා ගේ වරදින් තමා මේ දේ වුණේ කියලා ,ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද ?කොම වුණත් අර දරුවා සමාජයට වයිර කරන පුද්ගලයෙක් නම් වෙනවා.(ඔය සියළු දෝශ දෙකොඨාශයටම තිබුණත් කුමණ හෝ වරදින් පිරිමියා ගේ එවා වැඩිය මතු වෙන්නෙ නෑ )

තව දෙයක් තමා ඔබේ සැමියා බිමත් ද?/ඔබට දරුඑල නැත්ද මෙන්න අපෙන් සහනයක් ,අර අම්මාගේ වරයෙන් මේ යකා ගේ බලයෙන් ඔබේ ගැටලු වලට විසදුම් යනාදි දෙවල් ඕනෑ තරම් දැක ඇතුවා නිසැකය.

නිමිත්ත -:
ඔන්න කසාද බැදලා අවුරුදු ගනනක් යනකන් දරුවන් නැති පවුලක් ඉන්නවා,කරන්න තියෙන ගොඩක් දෙවල් කරනවා,ප්‍රතිඵල නෑ,පස්සෙ කවුරු හරි කියන දෙයක් අහලා ඔය වගේ යන්ත්‍ර-මන්ත්‍ර වැඩ කර්න ස්ථානයකට නෝනා මහත්තයා හොරෙන් යනවා ගියාම කියන්නෙ මෙන්න මේ ගුලි දවස් 14ක් යනකන් කැම වලට දාලා කන්න දෙන්න මේ ගැන කටවත් කියන්න එපා එහෙම වුණොත් මෙකේ බලය නෑ කියලා.ඊට පස්සෙ නෝනාත් ඔය වැඩ ටික පිලිවෙලට කරලා අයේ ගියාම කියනවා මහත්තයාව එක්කරන් එන්න කියලා.මොනවා දෙනවද දන්නෙ නෑ ඔය බෙහෙත් කියලා,හැබැයි අවසානයේ වෙන්නෙ අර මනුස්සයා මානසික රෝගියෙක් හරි ,වෛද්‍යවරුන්ට හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා අකාලයේ මිය පරලොව යනවා.පස්සෙ ඔය ගැන ආරංචි වෙන පිරිස් හමුවේ ,අර බිරිදට ඇති වන පිඩනය ආදි නොයෙක් ප්‍රශ්න.අවසානයේ ඒ මනුස්සයාටත් තමන් ගේ ජිවිතය එපා වෙනවා.ඕවැනි සත්‍යය කතා විශාල ප්‍රමාණයක් පසු ගිය දවස් වල අහන්න දකින්න ලැබුණා.

ඇයි මිනිස්සු මේ තරම් හරි ක්‍රම තියෙද්දිත් මේ වගේ ගෝත්‍රික වැඩ තවමත් පිලි ගන්න හදන්නෙ.ජීවිත්යෙන් වන්දි ගෙවන්න වෙන තරම් අවධානමක් අරන් ,මං පොරට හිතා ගන්නම බැරි ප්‍රශ්නයක් .විශේෂයෙන්ම උගත් කියලා රටේ පිලිගත් අය තමා වෙලාවකට මේ දෙවල් වල ඉදිරියෙන්.පසු ගිය කාලයේ රහත් වුණු භික්ෂූන් ඉන්න රටක ද මෙහෙම වෙන්නෙ කියලා හිතෙනව වේලාවකට.

ප.ලි 
අසන්න දකින්න ලැබුණු කරුණු නිසා මේ දේ ලියවුණි.කියවන්න අපහසු බව මං පොරටද තෙරෙනවා .හිතේ තිබුණු කලකිරිම,පිලිකුල වැනි සිතුවිල්ලක් නිසා ලියවුනේ මේ විදිහට .